IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


කොළඹ වරායේ ප්‍රමාදයෙන් විදේස් නෞකා වරාය හැරයාමේ අවදානමක්

බහලු‍ම් පැටවීමේ සහ ගොඩබෑමේ ප්‍රමාදය, යල්පැන ගිය නිෂ්කාශණ ක්‍රම සහ ආයතනික අකාර්යක්ෂමතාව මේ සඳහා හේතුවයි
කොළඹ වරායේ බහලු‍ම් තදබදය අවම කිරීම සඳහා වහා ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පෙන්වා දෙයි.
නැව්භාණ්ඩ ප්‍රතිනැව්ගත කිරීම්ද කොළඹ වරාය මග හැර සිදු කිරීමේ ප්‍රවණතාවක්


කොළඹ වරායේ මෙහෙයුම් කටයුතුවලදී සිදුවන ප්‍රමාදය හේතුවෙන් විදේශීය භාණ්ඩ ප්‍රවාහන නෞකා එම වරාය මඟහැර යාමේ ප්‍රවණතාවක් පවතින බව වාර්තා වෙයි. ඒ අනුව මෙය මෙරට ඇඟලු‍ම් කර්මාන්තය සඳහා මෙන්ම එම කර්මාන්තය රැක ගත් විශ්වාසයද අනතුරට ලක් කරන අවස්ථාවක් බවට පත්ව තිබෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඒකාබද්ධ ඇගලු‍ම් සංගම් සංසදය චෝදනා කරයි. 
ඒ අනුව කොළඹ වරායේ බහලු‍ම් තදබදය අවම කිරීම සඳහා වහා ප්‍රතිසංස්කරණ අවශ්‍යව පවතින බව එම සංගමය පෙන්වා දෙයි. 
“කොළඹ වරායේ මෙහෙයුම් කටයුතුවලදී සිදු වන ප්‍රමාදය විශාල කාලයක් සහ මුදල් වැය වන අතිශය බැරෑරුම් ගැටලු‍වක් මතු කර තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ඇඟලු‍ම් තොග ගැනුම්කරුවන්ට නිසි වේලාවට යෑවීම සම්බන්ධයෙන් අප විසින් රැක ගත් විශ්වාසය ද අනතුරට ලක් කරන අවස්ථාවක්.”
ඒ අනුව ගෝලීය තරගකාරීත්වය මත දැඩිව රඳා පවතින මෙරට අපනයනකරුවන්ගේ අවධානය මෙම කරුණ පිළිබඳව යොමුව තිබෙන බවත් එම සංගමය අවධාරණය කර සිටියි.
“පසුගිය මාස කිහිපය තුළ ඇතැම් නැව් සමාගම් කොළඹ වරායට සේන්දුවීමට දිනකට හෝ දින දෙකකට පෙර එම වරාය මගහැර යෑමට කටයුතු කර තිබෙනවා. මෙවැනි නෞකා වැඩි වශයෙන් නැගෙනහිර ආසියාවේ සිට පැමිණෙන, කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය රැගත් බහලු‍ම් නෞකා වීම ප්‍රශ්නයේ බරපතළ බව තවත් වැඩි කරනවා.” 
ඒ අනුව මේ තත්වය ඇඟලු‍ම් කර්මාන්තය සඳහා අවශ්‍ය රෙදි පිලි, බොත්තම් සහ අනෙකුත් උපාංග සහිත නෞකාවකට අත් වුවහොත් සහ එබඳු නෞකාවක් කොළඹට සේන්දු නොවී වෙනත් වරායක ගොඩබෑම හෝ කොළඹට සේන්දු වීම ප්‍රමාද වුවහොත් එය ඇඟලු‍ම් කර්මාන්තය වෙත දරුණු හානි ඇති කරනු ඇතැයිද එම සංගමය පෙන්වා දෙයි.

“කොළඹ වරාය කලාපයේ වරායන් අතර අත් කර ගෙන සිටි විශ්වසනීයත්වය මේ වන විට දිනෙන් දින පලු‍දු වෙමින් තිබෙනවා. ප්‍රධාන පෙළේ නැව් සමාගම් කොළඹ වරාය මගහැර යන තත්වයක් තුළ මේ තත්වයට තිත තබන්නට කොළඹ වරාය කටයුතු කර ඇති ද යන්න මෙහිදී පැන නගින ප්‍රධාන ගැටලු‍වයි.”
බහලු‍ම් පර්යන්ත වලින් බහලු‍ම් නැව් ගත කිරීමට සහ නැව්වලින් ගොඩබෑම සඳහා පවතින ප්‍රමාදය, යල්පැන ගිය සාම්ප්‍රදායික නිශ්කාෂණ ක්‍රම භාවිතය සහ වරාය සහ ආශ්‍රිත ආයතනයන්ගේ පවතින අකාර්යක්ෂමතාව යන හේතු සියල්ලම මෙම ගැටලු‍ව ජාතික ප්‍රශනයක් කරා ගෙන ගොස් ඇතැයිද එම සංගමය අවධාරණය කරයි. 
මේ අතර, රටක් ලෙස ශ්‍රී ලංකාව කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව අකාර්යක්ෂම බැවින් ඒම රටවල් අප පසුකර ඉදිරියට යෑමට සමත් ව සිටින බවත් එම සංගමය පවසයි. උදාහරණ ලෙස ඉන්දියාවේ නව විස්හින්ජම් වරාය, සිංගප්පුරුව සහ ඩුබායි යන වරායන් ඩිජිටල් තාක්ෂණය සමග මුසුවෙමින් වරාය ආශ්‍රිත සේවා ප්‍රමාදයකින් තොරව ලබා දීමට කටයුතු කර තිබේ. 
“මෙහි ප්‍රතිඵලයක් ලෙස නැව්භාණ්ඩ ප්‍රතිනැව්ගත කිරීමේ කටුයුතුද කොළඹ වරාය මග හැර සිදු කිරීමේ ප්‍රවණතාවක් පවතිනවා.”  
විශේෂයෙන්ම කොළඹ වරාය කලාපයේ බහලු‍ම්වලින් මිලියන 7.7ක් මෙම වර්ෂය තුල මෙහෙයවා ඇති නමුත් මෙහෙයුම් පමාව, සහ අනෙකුත් බාධක මගින් කොළඹ වරාය තවදුරටත් ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් වී නොමැති බවත් ඔවුන් පෙන්වා දෙයි.
“මේ වන විටත් අපනයනකරුවන් විසින් අමතර පිරිවැයක් දැරීමත්, ප්‍රමාදය සහ අදාළ රාජ්‍ය ආයතන විසින් ආනයනික අමුද්‍රව්‍ය සඳහා ජාත්‍යන්තරව ලබා දෙන සහතික තිබියදී යළි පරීක්ෂාවට ලක් කිරීම මෙම ප්‍රමාදයන්ට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.”
ඒ අනුව වරාය ගැඹුරු කිරීම සහ වැඩි නෞකාවන් ප්‍රමාණයක් නැංගුරම්ලෑමට හැකියාව ලැබීම මගින් පමණක් මේ ගැටලු‍වට විසඳුමක් නොලැබෙන බව ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය පෙන්වා දෙයි.
එහිදී අන්තර් පර්යන්ත හුවමාරුව (ITT ) සහ නාවික ජැටිවල පවතින ධාරිතා ගැටලු‍ සඳහා පිලියම් ලබා දිය යුතුව තිබේ. “ශ්‍රී ලංකාවට දැන් අවශ්‍යව ඇත්තේ වේගවත්, විනිවිද පෙනෙන වරාය ක්‍රමයක්.” ඔවුන් පවසයි.
ඒ අනුව වරාය මෙහෙයුම් වඩාත් සුමට කිරීම සහ ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් බහලු‍ම් නිෂ්කාශනය වේගත් කිරීම සහ පර්යන්ත අතර බහලු‍ම් හුවමාරුව කාර්යක්ෂම කිරීම සඳහා අවධානය යොමු කරන මෙන් ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය විසින් රජයෙන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන්ද දැඩි ව ඉල්ලා සිටින බව සඳහන් කරයි.
“කොළඹ වරාය නෞකා මෙහෙයුම්කරුවන් අතර ජනප්‍රිය ස්ථානයක් බවට පත් කර යුතුව තිබෙනවා. ප්‍රායෝගික, කාර්යක්ෂම ප්‍රතිසංස්කරණ මගින් කොළඹ වරාය පෙර අත්කර ගෙන සිටි විශ්සවසනීය බව යළි අත්පත් කර ගනිමින් කලාපයේ ශක්තිමත් වෙළෙඳ හුවමාරු කේන්ද්‍රයක් බවට ගොඩබැංවිය හැකිය.” එම සංගමය අවධාරණය කරයි.

 



අදහස් (0)

කොළඹ වරායේ ප්‍රමාදයෙන් විදේස් නෞකා වරාය හැරයාමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 123 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 975 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2580 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site