(හර්ෂණ තුෂාර සිල්වා සහ නාලක සංජීව දහනායක)
කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුද ගොඩකරමින් ඉදි කරන ලද හෙක්ටයාර 269ක භූමිය කොළඹ නගරයට එක් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (7) සිදු කෙරුණි.
මුහුද ගොඩකරමින් ඉදි කරන ලද භූමිය කොළඹ නගරයට එක් කිරීම වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් ද එහිදි එළිදක්වන ලදි.
හෙක්ටයාර 269ක මෙම භූමිය දෙස් විදෙස් ආයෝජකයන් වෙත විවෘත කරන බව ද මෙම උත්සවයේදී නිවේදනය කෙරුණි.
එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2014 වසරේ සැප්තැම්බර් 17 වැනිදා කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදි කිරීම් ආරම්භ කරන ලදි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර තිබෙන සම්පූර්ණ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් වන අතර මෙම ව්‍යාපෘතිය මඟින් ඉදිරි වසර 20ක කාලයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 13ක ආයෝජන මුදලක් ආකර්ෂණය කරගනු ඇතැයි පැවැසේ.
‘චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි (සී.සී.සී.සී)’ සමාගම වෙනුවෙන් ‘සී.එච්.ඊ.සී. (‘චයිනා හාබර් ඉංජිනියරින් කම්පැනි’) පෝට් සිටි කලම්බු’ සමාගම කොළඹ වරාය නගරයේ ඉදි කිරීම් කටයුතු සිදු කරයි.
මෙම ව්‍යාපෘතිය මඟින් රැකියා අවස්ථා 80,000කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීමට හැකිවනු ඇතැයි ද ‘සී.එච්.ඊ.සී. පෝට් සිටි කලම්බු’ සමාගම’ අපේක්ෂා කරයි.
කොළඹ වරාය නගරය මූල්‍ය දිස්ත්‍රික්කයක්, නිවාඩු නිකේතන සහිත කුඩා වරායක්, ව්‍යාපාරික ස්ථාන හා දැවැන්ත සම්මන්ත්‍රණ ශාලා සහිත ජාත්‍යන්තර නගරයක් යනාදි කොටස් පහකින් සමන්විතය.
ජාත්‍යන්තර පාසල්, මහල් නිවාස, සාප්පු සංකීර්ණ, දැවැන්න නිවාස සංකීර්ණ, සිනමා ශාලා යනාදිය ද කොළඹ වරායට ඇතුළත් වේ.
උත්සවය අවසානයේදී ගිනිකෙළි සංදර්ශනයක් ද පැවැත්විණි.
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ගාමිණි ලොකුගේ, ශ්‍රී ලංකාවේ චීන තානාපති නාගරික සංවර්ධන, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඞ් කබ්රාල්, ජලසම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිනාසෙන උඩු රැවුලට යටින් විශාල ප්‍රශ්නයක් හිටපු රජයෙන් අහන බව පේනවා. ඔබට දැන් සතුටුද ? කියා අහන එක එම පැනයයි. අපේ පිළිතුර "ඔව්" උනත් චීනාට ගෙවන්න තිබෙන අතිවිශාල ණය කන්දරාව ඇහෙනකොට පපුව "හෝස්" ගාලා පත්තු වෙනවා කියල මගේ ආච්චි කියනවා. රනිල් මැතිතුමාගේ යහපාලන රජයට පින්සිද්ධ වෙන්න ශ්‍රීලංකා/චීන රජයේ සින්නක්කර ඔප්පුව දීර්ඝ කාලීන බදු ඔප්පුවක් හැටියට හරවා ගත්තේ නැත්නම් මෙලහකටත් කොළඹ නගරයෙන් කොටසක් චීන රාජ්‍යයේ ප්‍රාන්තයක්වී හමාරයි කියලා මගේ සීයා සැනසුම් සුසුම් හෙලනවා.