(විනීතා ගමගේ )
කොළඹ වරායේ ක‍්‍රියාත්මක ප‍්‍රධාන පර්යන්ත තුන වන ජයබහලූ පර්යන්තය, සී අයි සී ටී පර්යන්තය හා එස් ඒ ජී ටී පර්යන්තය යන පර්යන්ත තුන සාමූහිකව ක‍්‍රියාත්මක වීම සඳහා සාමුහික ගිවිසුමකට එලැඹියේය.
වරාය තවදුරටත් සංවර්ධන කිරීමේ අරමුණින් ඉකුත් (14) මෙම ගිවිසුමට එළැඹි බවත්, බහලූ මෙහෙයුම් සිදුවනතුරු වරායෙන් පිටත නවතා තැබෙන නැව් ඉදිරියේ දී එසේ රඳවා තැබීමට සිදුනොවනු ඇතැයි ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මාධ්‍ය ඇමතූ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.
මේ තුළින් වරායේ කාර්යක්ෂමතාව වැඩිවනු ඇති බවත් දැනට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ලොව ප‍්‍රධානතම වරායන් පනහෙන් 23 වන ස්ථානයේ සිටින කොළඹ වරායට තවත් ඉහළට එන්නට අවස්ථාව ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජයබහ, පර්යන්ත මෙහෙයුම් අධ්‍යක්ෂ ජයන්ත පෙරේරා, සී අයි සී ටී පර්යන්තයේ වාණිජ මෙහෙයුම් සාමාන්‍යධිකාරී කැප්රියෝනා ජයසුන්දර සහ එස් ඒ ජී ටී මෙහෙයුම් අධ්‍යක්ෂ උපාලි ජිනදාස යන මහත්වරුන් විසින් සාමුහික ගිවිසුමට අස්සන් තැබීමෙන් පසු මාධ්‍ය ඇමතූ මහින්ද සමරසිංහ අමාත්‍යවරයා මෙසේ ද කීය.
‘‘මේ ගිවිසුම ඉතිහාසගත ගිවිසුමක් වනු ඇති. මෙහි දී සිදුවන්නේ සාමුහිකව වැඩ කිරීමට ගිවිසුම් ගත විමයි. සමහර අවස්ථාවලදී එක් පර්යන්තයක බහලූ මෙහෙයුම් අධිකව පවතිද්දී තවත් පර්යන්තයක මෙහෙයුම් කටයුතු අඩුවෙන් පවතිනවා. එවැනි අවස්ථාවක මෙහෙයුම් අධික පර්යන්තයෙන් අඩු මෙහෙයුම් ඇති පර්යන්තයට නැව් එවීම මේ ගිවිසුම හේතුවෙන් සිදුවෙනවා.
මෙහි දී ජාත්‍යන්තරයේ දී එකට ප‍්‍රචලිත කිරීමත් මෙයින් සිදුවෙනවා. මේ නිසාම අපේ රටේ ආර්ථිකයට ශක්තියක් ලැබෙනවා ඇති.
හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ඇරඹුණත් එය කොළඹ වරායට අභීයෝගයක් බවට පත්වෙන්න තව අවුරුදු 10 ක් වත් යාවි. හම්බන්තොට කර්මාන්ත ආශි‍්‍රතව කටයුතු කෙරෙන වරායක්. නමුත් කොළඹ වරාය මෙහෙයුම් කටයුතු වලට ප‍්‍රසිද්ධයි. මේ නිසා හම්බන්තොට වරාය කොළඹට අභියෝගයක් වෙන්නේ නැහැ. ’’ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් එල් පී ජයම්පති, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක යන මහත්වරුද ප‍්‍රධාන පෙලේ නැව් සමාගම් නියෝජිතයෝ රැසක් ද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් එතකොට , ඉස්ට්‍රයික් එකක් කලත් ඔක්කොම එකටනේ එතකොට ඔක්කොම වැහිලනේ, එකත් එහෙමයි අනික ඔය පර්යන්තවලින් , පිටතට රැගෙනයන , රථ විශේෂයෙන් ඔරුගොඩ වත්තට රැගෙනයාමේදී එම රියදුරු මහතුන් හා එම මාර්ගයේ ගමන්ගන්න අනෙකුත් වාහන හේතුවෙන් ඇතිවන තදබදයයට පිලියමක් හොයන්න අදහසක් නැද්ද ?
අනික් කාරණය තමයි, වරායෙන් පිටතට රැගෙන එන රථ පරිෂණයට ලක්කිරීමේදී එම රිඅදුරු මහතුන් පත්වන අපහසුතාවයන් ගැන කවුද හොයල බලන්නේ? දින කියක් ගතවෙනවද එම රථයක් එලියට දාගන්න ? එතනින් කීදෙනෙකුට පගාව දෙන්න ඕනෙද? වෙලාවට වැඩකරගන්න අධිබලැති ෆොක්ලිෆ්ට් එකක් තියෙනවද ? ක්‍රෛන් එකක් තියෙනවද තියෙන ඒවත් පරණ ලදරන් උපකරණ , අයි මේවා විධිමත් කරන්න හොද කොම්පැනියකට බාරදෙන්නේ නැත්තේ.?
වරායෙන් පිටතට රැගෙන එන රථ පරිෂණයට ලක්කිරීමේදී එම රිඅදුරු මහතුන් පත්වන අපහසුතාවයන් ගැන කවුද හොයල බලන්නේ? දින කියක් ගතවෙනවද එම රථයක් එලියට දාගන්න. රෑ එළිවනතුරු වාහනය තුළ රියදුරු මහතුන්. පුදුම කට්ටක් කනවා , එය පිළිබඳ හායල බලන්න මහත්වරුනි.......