(සනත් ගමගේ)
කොළඹ වරායට අනුබද්ධ නැව් තටාංගනයේ (ඩොක්යාඩ්) ශාඛාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ අද (10) විවෘත කෙරිණි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සයුරුපාය ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණයේ දී මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම කොළඹ ඩොක් යාඩ් සමාගමමේ සභාපති එච්. ටනල්කා සහ කළමණාකරණ අධ්‍යක්ෂ ඩී.වී අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
නැව් අලුත් වැඩියා කිරිම සඳහා හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ පවතින පහසුකම් හේතුවෙන් ඉදිරියේ දී හම්බන්තොට ප්‍රදේශයටම රැකියා අවස්ථා 400 කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බව කලමණාකරන අධ්‍යක්ෂ අබේසිංහ මහතා කීය. පුහුණු පාසලක් මගින් පුහුණු වීම් සිදුකිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.
ඩොක්යාඩ් සමාගමේ සභාපති එච්.ටනල්කා මහතාද මෙහිදී අදහස් දැක්වූයේය. හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ ප්‍රධාන විධායක රේ රෙන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ ප්‍රධාන විධායක රේ රෙන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන රජයේ දුරදර්ශී ප්‍රතිපත්ති නිසා, පාඩුලබමින් තිබුණු කොළඹ වරාය ලාභලබන වරායක් බවට පත්කළා. දැන් ඒකටත් කෙලවෙන්නයි යන්නේ.., මේ මගුල නිසා ! පාඩු ලබමින්, නැව් නොඑන වරායකට ලාභ ලබන තැනකින් මුදල් අරගෙන පාඩු පිරවීම සඳහා "ආයෝජන" සඳහා යෙදවීම කොතරම් අසාධාරණද? එය මංකොල්ලකෑමක් ලෙස සමහරු දකිනවා...! අපේ සීයා මෙහෙම කියනවා: "පුටුව කඩලා අටුව හදනවා වගේ වැඩක්ලු මේකත්"...
නන්දලාල් ඔබතුමා ඝෘණාත්මක අදහස් ඇති කෙනෙක්.. කරුණාකර ප්‍රංශයටම වෙලා ඉන්න.
චීන්නුන්ට උපකාර කරන්න හදපු ප්‍රතිපත්තියක් වෙන්න ඇති. ඕක ඇතුලේ ඉන්නත් අපි ගාස්තු ගෙවන්න ඕනේ නේද? කොහොමත් ඩොක්යාඩ් සමාගමත් ජපානෙට නේද වැඩි අයිතිය?
ඩොක්යාර්ඩ් කොච්චර ලාභ ලැබුවත් වැඩක් නැහැ. ලාබෙ ඔක්කොම ජපානෙට අදිනවා. අපිට රැකියා අවස්ථා විතරයි.