(හර්ෂණ තුෂාර සිල්වා)
ලබන අප්‍රේල් 1 වැනිදා සිට කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශයේ කටයුතු නව පරිගණක පද්ධතියක් ඔස්සේ සිදු කරන බව එම අංශයේ අධ්‍යක්ෂිකා ඉංජිනේරු ප්‍රියන්තා පීරිස් මහතා අද (13) ප්‍රකාශ කළාය.
ජනතාවට කඩිනමින් සේවා සැපයීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය එම නව පරිගණක පද්ධතිය මේ වනවිට සංවර්ධනය කෙරෙමින් පවතින බව ද ප්‍රියන්තා පිරීස් මහත්මිය පැවසුවාය.
කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති ‘ගෝ ග්‍රීන් කලම්බු’ වැඩමුළුවේදී අදහස් දක්වමින් ප්‍රියන්තා මහත්මිය එම කරුණු කීවාය.
කොළඹ මහ නගර සභාවේ තක්සේරු දෙපාර්තමේන්තුව, නගර සැලසුම් දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අතර අන්තර් සබඳතාවක් ගොඩනැගෙන අයුරින් මෙම නව පරිගණක පද්ධතිය සංවර්ධනය කෙරේ.
නව පරිගණක පද්ධතිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ බොහෝ පහසුකම් සපයා ගැනීමට මහජනතාවට අවස්ථාව කරදීමට කොළඹ මහ නගර සභාව බලාපොරොත්තු වේ. අන්තර්ජාලය ඔස්සේ ගොඩනැගිලි සැලසුම් අයදුම්පත් යොමු කිරීම, ඉඩම් සංවර්ධන තොරතුරු සහතික පත්‍රය ලබාගැනීම ආදීය ද ඇතුළු සේවා රැසක් කඩිනමින් සහ පහසුවෙන් කරගැනීමට මහජනතාව අවස්ථාව උදා වන බව ද ප්‍රියන්තා පිරීස් මහත්මිය වැඩිදුරටත් කීවාය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොළඹ නගර සැලසුම් මෙහෙයුමට පරිගණක පද්ධතියක්
Bamunuarachchi Saturday, 13 January 2018 09:28 AM
කියන කොටනම් ඔහොම තමයි. කඩිනමින් පහසුවෙන් මහජනයාට කරගන්න පුළුවන් වෙයිලු.. නමුත් කරගන්න ගියාම තමයි රස්තියාදුව. අපි නොදන්නා නගර සභාව.
ajith Monday, 15 January 2018 10:39 AM
මේ පින්තුරේ තියෙන්නේ සී.ආර්.ටී. ස්ක්‍රීන්... දැන් නම් නැහැ.
Jahamanayaa Tuesday, 16 January 2018 10:53 PM
මෙම පරිගණක පද්ධතියට පගාව ගැනීමත් ඇතුල් කරලා සැකසුවොත් තමයි හොඳ නේද?
Mahajana Friday, 19 January 2018 02:53 AM
කොළඹ නගර සභාව ගැන නම් කියන්න ලැජ්ජයි. වඩාත් දූෂිත කටයුතු සිදුවන තැනක්... පොලිසිය වගේම...