2019 වර්ෂයේ දී කොළඹ නගරය 'ඡායාරූප ගත කිරීමේ' සංචාරක ගමනාන්තයක් ලෙස නම් කර ඇත.
සංචාරකයන් මිලියන 1.3 කට වැඩි සංඛ්‍යාවක් ඡායාරූපකරණය සඳහා ආසියානු පුරවරයේ ස්ථාන සමාජ වෙබ් අඩවි වලින් සොයා ඇති බව සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
2019 වසරේ ඡායාරූපකරණය සඳහා හොඳම සංචාරක ගමනාන්ත 10 පහත දැක්වේ.
01. කොළඹ - ශ්‍රී ලංකාව
02. යොකෝහමා - ජපානය
03. ගෝරිල්ලා ජාතික උද්‍යානය - උගන්ඩාව
04. බාඩෙන් - බාඩෙන් - ජර්මනිය
05. ඔල්ඩ් සැන් ජුවාන් - පුවටෝ රිකෝ
06. වික්ටෝරියා දියඇල්ල - සිම්බාබ්බේ
07. කාටාර්පුර් - පකිස්ථානය
08. වාඩි රාම් ජාතික උද්‍යානය - ජෝර්දානය
09. අයිසීස් ස්ට්‍රේයිට් පොයින්ට් - ඇලෙස්කාව
10. අයිල් ඔෆ් හාරිස් - ස්කොට්ලන්තය
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් සතුටට පත් වෙම්. අවාසනකට මෙන් අපේ රටේ අගය සමහර අයට වටහාගැනීමට ඉතා අමාරැය. අපේ රට සුන්දර රටක් පමනක් නොව ඉතා වාසනාවන්ත රටකි. ලංකා මැනී ඔබ සදාකාලිකව අපේම ආදරනීය මාතා වේවා! ඔබට ඡයම ඡය වේවා!
මෙම වර්ගකිරීම් කොහොම කරනවද කියල මටනම් තේරුම් ගන්න බැහැ , කොළඹ නගරයේ තිබෙන වාහන තද බදය එක්ක සංචරකයට ජයාරූප ගන්න තබා එකට ඇතුල් වෙන්නත් ඉතා අපහසුය ,සමහර විට හෙලිකොප්ටර් වලින් ගිහින් ජයාරූප ගන්න නම් කොළඹ හොඳය , පසුගිය කලේ කියල තිබුන ලංකාව ලෝකේ හොඳම සංචාරක ගමනතය කියල , කොළඹ ගුවන්තොටුපලින් රටට්ට ඇතුල්වෙන මනුස්සයකුට වෙන රටවල වගේ කරදරයක් නැතුව පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයට , බස්නාවතුම්පොලට යන්න පුලුවන්න්ද ? අඩුම තරමේ පැමිණීමේ ශාලාවේ පොදු ප්‍රවාහන සේවා බස් නැවතුම් තිබෙන තැන දන්වල බෝර්ඩ් ලැල්ලක් වත් සවිකරලා තිබෙනවද ? ඔක්කොම කෙරෙන්නේ ටැක්සි මාෆියා කාරයන් සහ ඔවුන්ගේ දේශපාලන ලොක්කන්ට ඕනේ විදිහට , රටේ ප්‍රධාන අධයම් මාර්ගයක් වන සංචාරක වියාපාරය ගැන මොවුන්ගේ කිසිම තැකීමක් නැත ,
නැතුව, නැතුව, ඔය කුණු කඳු , එතකොට මුනේ අළු ගාගෙන බෝඩ් එල්ලගෙන ඉන්න අය, එහෙම වෙන කොහෙන් පොටෝ ගහන්නද?
ඉන්දියන් සාගරයේ මුතු ඇටය අපේ රට.
අපොයි ඔව්, වැල්ලවත්ත ඇළ දෙපස, මෝදර මට්ටකුලිය පැත්තේ තියෙන කඳු එහෙම හරිම සුන්දරයි ඡායාරූප වලට.