භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කස්තුරි චෙල්ලරාජා මහත්මිය පත්කරගත් බව එම සමාගම පවසයි.
ඒ අනුව මාර්තු 05 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර ගෙන තිබේ.
කස්තුරි චෙල්ලරාජා මහත්මිය එම ධුරයට පත් කිරීම සඳහා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන සුපරීක්ෂණ දෙපාර්තමේන්තුවේද අනුමැතිය හිමිව ඇතැයි එම සමාගම සඳහන් කරයි.
මෙම පත්වීම ලැබීමට පෙර ඇය 2000 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2024 මාර්තු මාසය දක්වා හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙසත් කටයුතු කළාය.
එසේම එම අවස්ථාවේදී ඇය මෙරට සමාගමකට පත් වූ පළමු කාන්තා ප්‍රධාන විධායක නිලධාරිනිය බවටත් ඉතිහාසයට එක් වූවාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කස්තුරි චෙල්ලරාජා සෙංකඩගල ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට