IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ’’පුස්සැල්ල’’

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් නව හඳුන්වාදීම් ප්‍රවර්ධනය කිරීමට නායකත්වය දෙන පුස්සැල්ල සමාගම නැවත වතාවක් තම ප්‍රමුඛත්වය සනිටුහන් කළේය. ඒ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා වූ 2024 මහා පරිමාණ කාණ්ඩයේ  හොඳම ජාතික කර්මාන්ත වෙළෙඳ සන්නාමය දිනා ගැනීමට සමත්වීමෙනි.
කර්මාන්ත සංවර්ධන මණ්ඩලය - කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය SLIM)  එක්ව සංවිධානය කරනු ලැබු “ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන 2024” උළෙලේදී පිරිනමන ලද මෙම ගෞරවනීය පිළිගැනීම, පුස්සැල්ල සිය විශිෂ්ට මස් සහ මස් නිෂ්පාදනවලින් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට සැබෑ වටිනාකමක් සහ විශ්වාසයක් ලබා දීම සඳහා සිදු කරන නොසැලෙන කැපවීම මෙම සම්මානය දිනා ගැනීමෙන් තහවුරු කරයි.
මෙම සම්මානය පුස්සැල්ල සමාගමේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ නායකත්වය නැවත තහවුරු කරනවා පමණක් නොව, ආහාර සුරක්ෂිතතාව සහ ගුණාත්මකභාවය පිළිබඳ සමාගමේ පුරෝගාමී ප්‍රවේශය සහ නවෝත්පාදන පියවරද අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ ගොවිපොළේ සිට පාරිභෝගිකයා දක්වා සම්පූර්ණ ආහාර සැපයුම් ජාලය එකම ව්‍යාපාරික ව්‍යුහයක් යටතේ පාලනය කරන එකම සමාගම වන පුස්සැල්ල, නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අදියරකදීම උසස්ම තත්වය ආහාර සුරක්ෂිතතාව, නැවුම්බව, සහ ගුණාත්මකභාවය ගෝලීය ප්‍රමිති මිණුම් සලකුණු සපුරාලන ඉහළ නිෂ්පාදන පෙළක් ලෙස සහතික කරයි.
පුස්සැල්ල හි විශිෂ්ටත්වය කරා යන ගමන ගොඩනැගී ඇත්තේ නිෂ්පාදනයේ දී පමණක් නොව වෙළඳ නාමකරණ ගොඩනැගීම් කළමනාකරණය තුළද ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීම මතය. කුකුල් ගොවිපොළ පරම්පරා තුනක් පුරා විහිදෙන පුස්සැල්ල, ශක්තිමත් සිරස් ඒකාබද්ධ කිරීම් (Vertical integration  කළමනාකරණ ක්‍රමවේදය අනුගමනය කරමින්, සියලුම සතුන් තමන්ගේම ගොවිපොළෙන් නිපදවනු ලබන අතර, අවශ්‍ය කරන උසස් තත්වයෙන් යුත් කුකුළු ආහාර තමන්ගේම සත්ව ආහාර නිෂ්පාදනාගාරයේදී දැඩි පරීක්ෂාවන් යටතේ උසස් පෝෂණ ගුණයෙන් නිෂ්පාදනය කෙරේ. 
සාම්ප්‍රදායික අලෙවිකරණ උපාය මාර්ග මෙන් නොව, පුස්සැල්ල හි සන්නාමකරණය, සදාචාරාත්මක වටිනාකම් සහ පාරිභෝගික විශ්වාසය මත මුල් බැස ඇති අතර, එය තම ගනුදෙනුකරුවන් සඳහා සැබෑ වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා සමාගමේ කැපවීම පිළිබිඹු කරයි.
මෙම  ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් පුස්සැල්ල සභාපති පිලිප් ඩී. ජේ. වේවිට මහතා මෙසේ පැවසීය.
“මෙම සම්මානය අපගේ නිෂ්පාදන වල ගුණාත්මකභාවය හා විශිෂ්ටත්වය සනිටුහන් කරන හොඳ සාක්ෂියකි. ගොවිපොළේ සිට පාරිභෝගිකයා දක්වා සම්පූර්ණ ආහාර සැපයුම් ජාලය පාලනය කිරීමේ හැකියාව මත අපගේ ගනුදෙනුකරුවන්ට ආහාර සුරක්ෂිතව, ගුණාත්මකභාවයෙන් සහ උසස් තත්වයෙන් යුත් නිෂ්පාදන අඛණ්ඩව ලබාදිය හැකිය. ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව අප ඉමහත්ව ආඩම්බර වන අතර, මෙම පිළිගැනීම කෘෂි කර්මාන්ත කේෂේත්‍රය සඳහා වඩාත් ඉහළ ප්‍රමිති සැකසීම සහ නඩත්තු කිරීමට අපගේ අධිෂ්ඨානයයි.”

 



අදහස් (0)

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ’’පුස්සැල්ල’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site