ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිමත් ප්‍රතිපත්ති අවශ්‍ය බව සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇගයීමක්
කරමින් පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ වෘතිකයකු වන කිෂු ගෝමස් මහතා අවධාරණය කරයි. සංචාරක ව්‍යාපාරය අංශය ලබාගත් ජයගහ්‍රණ ද විවේචනය කරමින් ඒ මහතා මේ බව කියයි.
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ 138 වැනි උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය.
කෙසේ වෙතත් සංචාරක ක්ෂේත්‍රෙය් ප්‍රධාන බලාපොරොත්තු වෙත ළඟාවීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇතැයි පසුගිය දශකයේ සංචාරක ක්ෂේත්‍රය ලබාගත් ජයග්‍රහණ පිළිබඳ ඇගයීමක නියළෙමින් ඒ මහතා පැවසුවේය.
“අපි සංවර්ධන ක්‍රියාවලිය ගැන පුරසාරම් කියමින් ඉන්නා අතර සංචාරක කෂේත්‍රයෙන් අපේ රටට ලැබිලා තියෙන දායකත්වය දිහා බැලුවොත් අපිට ඒ බව පෙනෙන්නට තියෙනවා. 2005 දී එහි දළ දේශිය නිෂ්පාදිතය 8% ක්. 2016 වසරේදී එය 11.4%ක් වුණා. වසර 11ක් ඇතුළත එය වැඩිවෙලා තියෙන්නේ 3.4 % කින් පමණයි.“
ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල තරඟකාරිත්වය අනුව ශ්‍රී ලංකාව මේ වසරේ 64 වැනි ස්ථානයේ සිටින බවත් ගිය වසරේ ශ්‍රී ලංකාව 63 වැනි ස්ථානයේ සිටි බවත් ඒ මහතා කියයි.
“අපේ කලාපයේ සිටින බංගලාදේශය, නේපාලය, පකිස්තානය සහ භුතානය වැනි රවටල් අපිට වඩා ඉහළින් ඉන්නවා. ඉන්දියාව 52 වැනි ස්ථානයේ ඉන්නවා. විශාල තරඟයක් තියෙනවා.“
“පසුගිය වසරවල අපි ලබපු ජයග්‍රහණ ගැන සතුටු වෙන්න එපා කියලා මෙතන ඉන්න අයට යෝජනා කරනවා. අපේ ජයග්‍රහණ ගැන පුරසාරම් කියවන්න කළින් අපිට යන්න ගොඩක් දුර තියෙනවා“ යැයි ගෝමස් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ වර්ධනය ස්ථීර පදනමක් මත ගොඩනැගී නැතැයි සංචාරක කර්මාන්තයේ ජයග්‍රහණ සම්බන්ධයෙන් කළ ඇගයීම තවදුරටත් පැහැදිලි කරමින් ගෝමස් මහතා කීවේය.
“මුහුදු වෙරළ, තේ වතු සහ සංස්කෘතික ස්ථාන වැනි දෑ සම්බන්ධයෙන් අපි පුරසාරම් කියවනවා. නමුත් මම අභියෝග කරනවා. ගිහින් බලන්න ඔබට යන්න පුළුවන් සෑම වෙබ් අඩවියකටම. ගිහින් බලන්න අපේ එම ස්ථානවලට තියෙන තැන. ලෝකයේ හොඳම මුහුදු වෙරළ 85 අතරවත් අපි නැහැ.ලෝකයේ හොඳම තේ වතු 10 අතර අපි නෑ. නමුත් අපි ප්‍රවර්ධනය කරනවා“
මේ විදියට තාක්ෂණික දෑ පමණක් භාවිත කරමින් ප්‍රවර්ධන කටයුතු කළහොත් අපි ලබාගතයුතු ඉලක්කවලට යාමට අපට නොහැකි වෙනු ඇත“ යයිද කිෂූ ගෝමස් මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජතික ලයිස්තුවෙන් පර්ලිමෙන්තුවට ගත්ත මෙලෝ රහක් නැති මහත්තුරුන්ව අයින් කරලා..... මෙතුමා වගේ දක්ෂයන්ව සුදුසු තැන්වලට පත් කරනවානම් අපේ රට ගොඩගන්න තවත් කල්තියෙනවා.
ලංකාවේ සංචාරක අමාත්‍යාංශයේත්, සංචාරක මණ්ඩලයේත් ඉන්නේ ලෝක සංචාරක ව්‍යාපාර පිලිබදව අවබෝදයක් නැති පිරිසක්...