නිමල කොඩිතුවක්කු)
රට පුරා කෘෂි අපනයන ගම්මාන 5000ක් පිහිටුවීමට කටයුතු කරන බව සමාජ සුබසාධන හා ප‍්‍රථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
මේ වසර තුළදී ප‍්‍රදේශීය සභා 200ක ගම්මාන 05 බැගින් එම කෘෂි අපනයන ගම්මාන පිහිටුවීමේ කටයුතු ආරම්භ කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.
මෙම කෘෂි අපනයන ගම්මාන සදහා අවශ්‍ය පැළ, තාක්ෂණය ඇතුළු අනිකුත් පහසුකම් සමාජ සුබසාධන හා ප‍්‍රථමික කර්මාන්ත අමාත්‍යංශය මගින් ලබාදිමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.
ලබන වසර තුළදී එම වැඩකටයුතු අවසන් කිරිමට නියමිත බවත් කෘෂි අපනයනය කඩිනමින් දෙගුණ කිරීම මෙහි අරමුණ බවත් අමාත්‍යවරයා කීවේය.
මෙයට සමගාමීව ඇල්පිටිය, අම්පාර සහ මාතලේ ප‍්‍රදේශවල වල කෘෂි අධිකලාප 03ක් පිහිටුවිමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොඳයි. මෙච්චර පරක්කු වුනේ ඇයි?
එයට කලින් පිටරට ආනයනය කිරීම නවත්වන්න
විහිළු කථා. 1977 න් පසුව බලයට පැමිණි එ.ජා.ප. රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා වූ ගරු ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා ද මෙවැනිම යෝජනාවක් ගෙන ආවා. පරණ ගමක් ඒ සදහා විවෘත කළා. දැන් ඒවා කොහේද? පරණ තැටි කබල්ගාන්න එපා.
ආණ්ඩුව පත්වලා අවුරුදු 3 ක් ගහින් ඊළඟ චන්දෙ ලන් වෙන කොට තමඉ ඔක්කොම මතක් වෙන්නේ.
අනේ ඔය 5000 ක් පටන් ගන්න වෙලාවේ එකක්වත් පටන් ගෙන පෙන්නන්න. ලොකු ගණන් වලින් කතා කරලා ඕවා ගැන අධ්‍යනය කරන්න ලොකු සල්ලියක් වියදම් කරලා. ඒවා සාක්කුවේ දාගෙන වැඩේ එතනින් ඉවර කරනවා…….
ගොඩක් එකවර හදන්න කලින් එක ගමක් හරියට හදල පෙන්වන්න. එමගින් ප්‍රතිලාබ ගන්න ගොවින් පෙන්වන්න. පස්සේ අනික් නගරවලටත් එය ක්‍රියාත්මක කරන්න. හැමදාමත් ව්‍යාපෘති හදනවා විතරයි. ඒවා නැවත පරීක්ෂා කරලා ඒවායේ වැරදි අඩුපාඩු බලල ඊළඟපාර වැරදි අඩුවෙන් වෙන විදිහට ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑ. එකෙන් වෙන්නේ ව්‍යාපෘතියට යොදවපු මුදල් අපරාදේ වෙන එක. වසරක් දෙකක් යනකොට අර ව්‍යාපෘතිය හැමෝටම අමතක වෙලා කලින් හිටපු විදිහටම පත් වෙනවා.