IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කවුඩුල්ලේ හා මින්නේරිය උද්‍යාන ආදායම කෝටි55

(ඩබ්. ඒ. පියතිලක)

කවුඩුල්ල ජාතික උද්‍යානය සහ මින්නේරිය  ජාතික උද්‍යානයේ දෙස් විදෙස් සංචාරකයන් එම උද්‍යාන නැරඹීම සඳහා ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි කිරිමෙන් 2017 වර්ෂයේ ආදායම මිලියන 550ක (කෝටි 55) ආදායමක් උපයා ඇති බව එම උද්‍යානවල භාරකරුවෝ කියති.                               

කවුඩුල්ල ජාතික උද්‍යානයේ පමණක් 2017 වර්ෂයේ මිලියන 270ක ප‍්‍රවේශපත‍්‍ර අලෙවි කර ඇති බවත් එම වර්ෂයේ අගොස්තු මස පමණක් මිලියන 52කට ආසන්න මුදලක ප‍්‍රවේශපත‍්‍ර අලෙවි කළ බවත් මේ දිනවල දිනක ආදායම ලක්ෂ 2-3ක් පමණ බවත් කවුඩුල්ල ජාතික උද්‍යානයේ භාරකරු ඩබ්. ජී. කේ  හේරත් මහතා කියයි.

මින්නේරිය ජාතික උද්‍යානයේ 2017 වර්ෂයේ මිලියන 280ක ප්‍රවේශපත‍්‍ර අලෙවි කර ඇතිබවත් එම වර්ෂයේ අගොස්තු මස පමණක් මිලියන 55කට ආසන්න මුදලක ප‍්‍රවේශපත‍්‍ර අලෙවි කළ බවත් මේ දිනවල දිනක ආදායම ලක්ෂ 10-15ක් පමණ බවත් මින්නේරිය ජාතික උද්‍යානයේ භාරකරු බී. එස්. මඩුගල්ල මහතා කියයි.



අදහස් (4)

කවුඩුල්ලේ හා මින්නේරිය උද්‍යාන ආදායම කෝටි55

kumar (gulf) Thursday, 18 January 2018 12:23 PM

මිලියන හම්ම්බුවෙච්ච ඒවා ගැන පම්පෝරි ගහ ගහ හිටිනවා මිසක වනේ සත්තු ටික ආරක්ෂා කරන්න පිළිවෙලක් යොදන්නේ නැත්ද?

:       0       10

Nilantha Friday, 19 January 2018 12:36 AM

මෙය ඇරඹීමට පාර කැපු හබරණ පියා, මල්ලිට අපගේ උපහාරය... !!!

:       0       9

indika Saturday, 20 January 2018 03:30 AM

මෙම වන උද්‍යාන තියෙන්නේ සල්ලි හම්බකරන්නද නැතිනම් වන ජීවීන්ට ආරක්ෂාව සපයන්නද නිදහසේ

:       1       4

Don Saturday, 20 January 2018 10:26 AM

මොන තරම් විශාල ආදායමක්ද ? නිකන් තියෙන ස්වාබාවධර්මයේ දායාදයකින් මේ තරම් ආදායමක් ලැබීමට අපේ රටේ ආණ්ඩු මොන තරම් පින් කරලා තියෙනවද.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17683 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site