IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


කලාපයේ ආර්ථිකයට මේ වසර සුබ වෙයි

ආසියානු කලාපයේ අපනයනවලට තිබෙන ඉල්ලුම ඉහළ යෑමත් පහළ තෙල් මිල ගණන් නිසාත් චීනයට සහ කලාපයේ වර්ධනය වන ආර්ථිකවලට මේ වසරේදී මෙන්ම ලබන වසරේදීද අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

කලාපයේ සමස්ත ආර්ථිකය මේ වසරේදී 5.9%කින් වර්ධනය වනු ඇතැයි ද 2018 වසරේදී 5.8%කින් වර්ධනය වනු ඇතැයි ද මැනිලා පදනම් කරගනිමින් ක්‍රියාත්මක ආසියානු සංවර්ධන බැංකුව පෙන්වාදෙයි.

ආසියානු බැංකුව අප්‍රේල් මාසයේදී ද අනාවැකි පළ කරමින් කලාපයේ සමස්ත ආර්ථිකය මේ වසරේදී හා ලබන වසරේදී 5.7%කින් වර්ධනය වනු ඇතැයි ප්‍රකාශ කළේය.

“අපේක්ෂා නොකළ අන්දමින් බාහිර ඉල්ලුම වර්ධනය වීම නිසා ආසියාවේ වර්ධන අපේක්ෂා ඉහළ ගොස් තිබෙනවා” යැයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේය.

ශුද්ධ අපනයනවල වර්ධනයක් පෙන්නුම් කළ ද කලාපයේ විශාලතම ආර්ථිකය හිමි  චීන ආර්ථිකයේ මධ්‍යස්ථ වර්ධනය සීමා වී ඇතැයි ද එම බැංකුව පෙන්වා දී ඇත.

ආසියානු කලාපය පසුගිය වසරේදී 5.8%ක වර්ධනයක් වාර්තා කළේය.මේ වසරේ මුල් අර්ධයේදී අපේක්ෂා නොකළ අයුරින් 6.9%කින් චීන ආර්ථිකය වර්ධනය වූ අතර වසරේ ඉදිරි අර්ධයේදී එය 6.7%කිනුත් 2018 වසරේදී සියයට 6.4කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නිෂ්පාදනය මූලික කරගත් නැගෙනහිර ආසියානු කලාපයේ රටවල ආර්ථික වර්ධනය ද යහපත් තත්ත්වයක තිබෙන බව පෙන්වා දී තිබෙන ආසියානු සංවර්ධන බැංකුව නව ජනාධිපතිවරයකු පත්වීමත් සමඟ දේශපාලන අස්ථාවරත්වය කෙමෙන් පහව යමින් තිබෙන බැවින් දකුණු කොරියාව ද ඉදිරියට  යමින් තිබෙන බව සඳහන් කරයි.

මේ වසරේදී ඉන්දියාව 7.4%ක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කරන ආසියානු සංවර්ධන බැංකුව ඉන්දියාව ලබන වසරේදී 7.6ක% ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ද අපේක්ෂා කරයි. මේ අතරම දකුණු ආසියානු කලාපයේ අනෙකුත් රටවල ආර්ථික වර්ධන අපේක්ෂා ද ශක්තිමත් බව ද ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දී තිබේ.

අග්නිදිග ආසියානු රටවල් මේ වසරේදී සියයට 4.8ක වර්ධනයක් ද ලබන වසරේදී සියයට 5.0ක ආර්ථික වර්ධනයක් ද පවත්වාගෙන යනු ඇතැයි ද මධ්‍යම ආසියාවේ ආර්ථික වර්ධනය ද ඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කරයි.

ඒ.එෆ්.පී 055



අදහස් (0)

කලාපයේ ආර්ථිකයට මේ වසර සුබ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 302 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site