(පද්මා කුමාරී කංකානම්ගේ )
මේ දිනවල සාමාන්‍ය වෙළද පොලේ එළවලු මිළ ගණන් ඉහළ ගිය ද කල්පිටියේ ගෝවා මිල කිලෝව රුපියල් පහ දක්වා පහළ ගොස් තිබේ.
මේ හේතුවෙන් ගෝවා වගාවේ නිරත වූ ගොවීන්ට ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුව ඇතැ යි ගොවීහු කියති.
මේ පිළිබදව අදහස් දැක් වූ නාරක්කල්ලිය ගොවි මහතෙකු වූ සිරිල් ඇලෙක්සැන්ඩර් මහතා පැවසුවේ,මෙවර ගෝවා වගාවේ අස්වැන්න ඉතා ඉහළ වූවත්,මිළ පහළ යාම නිසා අවාසනාවන්ත ලෙස එහි ප්‍රතිලාභය ගොවීන්ට අහිමි වී ඇති බවත් ය.
ගෝවා වගාකරුවෙකු වූ කේ.ඒ.සරත් මහතා පැවසුවේ,තමාගේ අක්කරයක ගෝවා වගාව සදහා රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් වැය කළ බව ය.
ගෝවා කිලෝ 20,000 කට අධික අස්වැන්නක් ලැබූව ද මිළක් නොමැතිවීමෙන් තමා ඉතා අසරණ බවට පත්ව ඇතැ යි,ඒ මහතා පවස යි.
ගෝවා වගා කරුවන්ගේ මෙම ගැටලුව අප පුත්තලම දිස්ත්‍රික්ක නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය වෙත යොමු කළෙමු.
ඒ මහත්මිය පැවසූයේ මේ කන්නය තුළ ගොවීන් වැඩි පිරිසක් ගෝවා වගාවට නැඹුරුවීම, ගෝවා වගාවට උචිත පරිසර සාධක ලැබීම යන හේතු නිසා ගෝවා සැපයුම ඉහළ ගොස් ඇති බවයි.මේ කන්නයේ කල්පිටියේ පමණක් අක්කර 600 කට වැඩි භූමි භාගයක ගෝවා සිටුවා ඇති බවය.
එකම කාලයක ගොවියෝ බොහෝ දෙනෙකු එකම භෝගය වගා කිරීම නිසා සැපයුම වැඩි වී ඇති නිසා ඊට විසදුමක් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින් දියත් කර ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පවසයි.
ඒ අනුව එක් එක් සතියේ වගා කිරීමට නිර්දේශිත භෝගයන් කෘෂිකරම දෙපාර්තුමේන්තු වෙබ් අඩවියේ පළ කරන බැව් ඒ මහත්මිය වැඩි දුරටත් පවස යි. නිළධාරීන් හරහා මෙම පණිවිඩය ගොවීන්ට ලැබෙන බවත් අධ්‍යක්ෂකවරිය සඳහන් කළේය.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කල්පිටියේ ගෝවා කිලෝව රුපියල් 5 යි