පසුගිය රජයේ වියදම් පිළිබඳ පූර්ණ වාර්තාවක් මේ මස 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අද (17) මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මුදල් ඇමැති හා ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.
පසුගිය රජය ලබාගත් ණය පිළිබඳවද සවිස්තර සටහනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම වසරේ දී 6.3% සිට 6.8% අතර ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බවත් ජනතාව හැමදාම සහනාධාර බලාපොරොත්තු නොවිය යුතු බවත් ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දය ගන්න රජයේ සේවකයින්ට 10000 දීලා දැන් එ්ක පියවාගන්න බැරුව අනික් අයට දොස් කියනවා. ඕවා දන්නා නිසා තමයි මහින්ද මහතා 3000 පමණක් දුන්නේ. (නි)
දැවැන්ත කටවුට් හැම ලයිට් කණුවකම ප්‍රදර්ශනය කරමින්, හැම ගොඩනැගිල්ලකම තමාගේ නම ප්‍රදර්ශනය කරමින් දවසකට රුපියල් කෝටියකට අධික ජනතා මුදල් තම සුඛවිහරණය සඳහා යොදවමින් රට විශාල අගාධයකට අැද දමු පසුගිය රජයේ පවු ජනතාවට ගෙවන්නට සිදුවි අැත. (නි)
දැවැන්ත කටවුට් හැම ලයිට් කනු වලම ප්‍රදර්ශනය කරමින් හැම ගොඩනැගිල්ලකටම තමාගේ නමින් ප්‍රදර්ශනය කරමින් දවසකට රැපියල් කෝටියකට අධික ජනතා මුදල් තම සුඛවිහරණය සදහා යොදමින් රට විශාල ණයකට අැද දමු විඤාණවාදි මහින්දගේ පවි ජනතාවට ගෙවන්ට සිදුවි අැත.(බ)
කියමුද බයිලා, කලින් රජය ගැන වැඩක් නොකර අපි... අනුන්ගේ වැරදි හොයමින්, රට සවාරි යමින් මලු පුරවමු (නි)
දේශපාලකයින් තරම් බොරු කියන අය මුළු ලෝකෙම නැහැ. (නි)
ඉතින් කියා කියා ඉන්නේ නැතුව කරලා පෙන්නන්නකො. (නි)
ඉතින් මහින්ද රජය කළ විදිය හොඳ නැති හින්දනේ ඔබලා අාවේ (නි)
ජයතු දැන් කටව්ට් දකින්නේ නැද්ද? ඉස්සර සංවර්ධන වියාපෘතියක් කරලා කටව්ට් දැම්මේ . දැන් සුභ උපන්දිනයක් , ලබන්නා වූ වසර ජයවේවා, ලැබුණු ඇමතිකමක් හෝ සංවිධායක කමක් වගේ ඒවාට එම පළාත තුල සැහෙන පෝස්ටර් කටව්ට් දකින්න පුළුවන්.\n(රේ)