
කැල්ටන් ස්වීට් හවුස් පෞද්ගලික සමාගම 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ආහාර පාන අංශයේ (මධ්‍යම පරිමාණ) වසරේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. එහිදී කැල්ටන් සමූහය නියෝජනය කරන මූල්‍ය සහ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ දේශමාන්‍ය මහේෂ් ද සිල්වා මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1991දී ඇරැඹුණු කැල්ටන් ස්වීට් හවුස් සමාගම වසර 30ක් පුරා මෙරට, විශේෂයෙන් මීගමුව ප්‍රදේශයේ, ආහාර පාන සේවා සැපයුම්කරුවකු ලෙස කීර්තිමත් නමක් දිනා ඇත.
කැල්ටන් හයිපර් මාර්කට්, කැල්ටන් ඩිස්ට්‍රිබියුටර්ස්, කාන්ති ඩිස්ට්‍රිබියුටර්ස්, කැල්ටන් කේටරින්, C7 by Calton සමූහයට අනුබද්ධ අනෙකුත් ආයතන වේ. උසස් තත්වයේ ආහාර පාන නිපදවමින් සහ බෙදා හරිමින් පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවාවක් සපයන එම ආයතනය යුනිලීවර්, පිරමිඩ විල්මා, අප්ෆීල්ඩ් වැනි ප්‍රධාන සමාගම් සමඟ හවුල්කාරිත්ව ඇති කර ගෙන ඇත.
කැල්ටන් ස්වීට් හවුස් සමාගම කේක්, බේක් කළ ආහාර, කෙටි ආහාර, අර්ධ වශයෙන් සැකැසූ පලතුරු ආශ්‍රිත නිෂ්පාදන, පිසූ ධාන්‍ය වර්ග සහ ශීත කළ බේකරි ආහාර ඇතුළු පුළුල් පරාසයක විහිදී ඇති නිෂ්පාදන සැකැසීම සහ බෙදා හැරීම පිළිබඳ විශේෂඥතාවක් දක්වයි. මීගමුව, කටුනායක, කටුනේරිය, දිවුලපිටිය, ජා ඇළ, කොච්චිකඬේ, වන් ගෝල් ෆෙස් වෙළෙඳ සංකීර්ණය, කටුනායක ගුවන්තොටුපොළ ඇතුළු ස්ථාන රැසක අලෙවිසැල් 20කට වැඩි සංඛ්‍යාවක් ඇති එම සමාගම ISO 22000, HACCP, GMP, ISO 9001, ISO 14001 ආදී තත්ව සහතික රැසක් දිනා ඇත. දෙස් විදෙස් ආහාර සුරක්ෂිතතා සහ ගුණාත්මක ප්‍රමිතිවලට අනුව ආහාර පාන නිපදවන එම සමාගම ආහාරවල රසය සහ පෝෂණ ගුණය රැකෙන පරිදි ආරක්‍ෂිත ලෙස ඇසුරුම් කිරීමටත්, බෙදා හැරීමටත් වග බලා ගනී. සේවකයන් හතර දෙනකුගෙන් 1983දී ඇරැඹුණු කැල්ටන් සමූහ ව්‍යාපාරය වර්තමානයේදී සේවකයන් 300කගෙන් පමණ සමන්විත විශ්වාසනීය සන්නාමයක් වී තිබේ.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැල්ටන් ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි