IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


කර්මාන්ත ඇමැති ‘ලු‍මාලා’ කර්මාන්තශාලාවේ නිරීක්ෂණයක

දේශීය කර්මාන්තකරුවන් වර්තමානයේ මුහුණදෙන අභියෝග සහ රජය පාර්ශ්වයෙන් ඊට ලබාදිය හැකි සහයෝගය පිළිබඳ විමසා බැලීමේ අරමුණින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඉකුත් මාර්තු 24 වැනිදා පානදුර පිහිටි City Cycle Industries Manufacturing  පෞද්ගලික සමාගම හෙවත් ලු‍මාලා සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය. 

මෙම චාරිකාවේදී සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙන්ම සේවකයන් සමග ද සුහද කතාබහක නියැළුණු අමාත්‍යවරයා, ඔවුන් මුහුණදෙන ගැටලු‍ සහ දුෂ්කරතා විමසුවේය. සමාජ මාධ්‍ය හරහා ද අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග මෙන්ම ඊට කඩිනම් සහ ඵලදායී විසඳුම් පිරිනැමීමට ශ්‍රී ලංකා රජය සතු කැපවීම ද පෙන්වා දී තිබුණි. 

එමෙන්ම නියාමන බාධා, වෙළෙඳපොළ අසමතුලිතතා සහ සැපයුම් දාමය ආශ්‍රිත බාධා විසඳාදෙමින් දේශීය කර්මාන්තකරුවන් ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්කරුවන් ලෙස ඔසවාතැබීමට රජය සතු සූදානම ද අමාත්‍යවරයා සඳහන්කර තිබුණි.

කිසිදු නියාමන පරීක්ෂාවකින් තොරව ආනයනික පාපැදි සහ උපාංග මෙරටට අධික ලෙස ආනයනය කිරීම හේතුවෙන් දේශීය පාපැදි නිෂ්පාදන කර්මාන්තය විශාල අභියෝගයකට මුහුණදෙමින් සිටින පසුබිමක අමාත්‍යවරයා මෙවන් නිරීක්ෂණ චාරිකාවට සහභාගීවීම විශේෂත්වයක් විය. තව ද, දේශීය නිෂ්පාදකයන් භාවිතයට ගන්නා අමුද්‍රව්‍ය සඳහා අධික බදු ගෙවීමක් ද සිදුවන අතර, එමගින් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් සමඟ වෙළෙඳපොළේ මිල තරගකාරීත්වයට මුහුණ දීම දේශීය කර්මාන්තකරුවන්ට අභියෝගයක් වී තිබේ. 

මේ වසර මුලදී මෙම අභියෝග සහ එම නිසා සිදුවිය හැකි රැකියා අහිමිවීම් සහ පුළුල් කර්මාන්තමය බාධා ගැන සඳහන් කරමින් රජයේ සහාය ලබාදෙන ලෙස ලු‍මාලා සේවකයන් විසින් රජයෙන් විශේෂ මැදිහත්වීමක් සිදුකරන ලෙස ද ඉල්ලා තිබුණි. කර්මාන්ත අමාත්‍යාංශයට අනුව සියයට 50-70ක මට්ටමක දේශීය අගය එකතුකිරීමක් සහිත නිෂ්පාදන කර්මාන්තයක්වන බැවින් ලු‍මාලා වෙත රජයේ සහයෝගය ලැබෙනු ඇතැයි සේවකයන්ගේ අපේක්ෂා වී තිබේ. 

ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය පාපැදි සන්නාමයක්වන ලු‍මාලා වසර 35කට වැඩි කාලයක් පුරා මෙරට තිරසර ගමනාගමන පහසුකම් සපයන්නකු ලෙස ක්‍රියාකර තිබේ. පසුගියදා පැවැති 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ වෙනත් කර්මාන්ත කාණ්ඩයේ හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන දිනාගැනීමට ද ලු‍මාලා සමත්විය. 

දිනකට පාපැදි 2,000ක් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවකින් සමන්විත සහ 200ක සේවක පිරිසකගෙන් යුතු ලු‍මාලා සමාගම ඉදිරියටත් දේශීය සහ විදේශීය වෙළෙඳපොළ වෙත පාපැදි නිපදවීමට අපේක්ෂා කරයි. ඊට සාමාන්‍ය පාපැදි මෙන්ම විද්‍යුත් පාපැදි ද ඇතුළත් ය. එමෙන්ම වර්ෂ 2030 වනවිට ශ්‍රී ලංකාවේ වනගහනය සියයට 32 දක්වා වර්ධනය කිරීමේ සහ හරිතාගාර වායු විමෝචනය සියයට 14.5කින් අඩුකිරීමේ රජය සැලසුම් කර ඇති අතර, සිය ආයතනික සමාජ ව්‍යාපෘති ඔස්සේ මෙන්ම තිරසර නිෂ්පාදන හරහා ද ලු‍මාලා සමාගම ඊට ඉහළ දායකත්වයක් සපයයි. 

ශ්‍රී ලංකාව තම දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ සැලසුමක සිටින පසුබිමක, අමාත්‍ය  හඳුන්නෙත්තිගේ මෙම සංචාරයෙන් ද දේශීය කර්මාන්ත මුහුණ දෙන අභියෝග හඳුනාගැනීමට සහ ඒවාට පිළියම් යෙදීමට රජය සතු උනන්දුව සහ කැපවීම ද මැනවින් පිළිබිඹු වේ. 


 



අදහස් (0)

කර්මාන්ත ඇමැති ‘ලු‍මාලා’ කර්මාන්තශාලාවේ නිරීක්ෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මාර්තුවේදී ජංගම ගිණුමේ ඉහළම මාසික අතිරික්තයක්
2025 මැයි මස 02 45 0

මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී


අප්‍රේල් කොළඹ අවධමනය තවත් ලිහිල් වෙයි
2025 මැයි මස 02 23 0

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය


ඉදිකිරීම් ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාර්තුවේදී ඉහළට
2025 මැයි මස 02 23 0

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ


අපනයන අංශයට ජී.එස්.පී ප්ලස් අතිශය වැදගත් - ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය
2025 මැයි මස 02 30 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ


ඉදිරි වසර පහට ජාතික අපනයන සංවර්ධන සැලැස්මක්
2025 මැයි මස 02 9 0

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට


කොළඹ කොටස් හුවමාරුවෙන් GSS+ බැඳුම්කර
2025 මැයි මස 02 16 0

කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 568 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1172 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site