IMG-LOGO

කොරෝනා නිසා බැංකු අනුපාතිකය පහළ දමයි

කොරෝනා වසංගතයෙන් ආර්ථිකයට සිදුව තිබෙන බලපෑම සැලකිල්ලට ගනිමින් බැංකු අනුපාතික පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (15) රැස්වී මෙම තීරණ ගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 2019 මැයි මස 31 වන දින සිට සමස්තයක් ලෙස පදනම් අංක 200 බැගින් පහළ දැමීම සලකා බලමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අනුපාතිකය පදනම් අංක +300 ක ආන්තිකයක් සහිත ව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හා අනුකූල ව ස්වයංක්‍රීය ව ගැළපීම සඳහා ඉඩ හැරීමට තීරණය කර ඇත.

ඒ අනුව එම අනුපාතික සමස්තයක් ලෙස පදනම් අංක 200 බැගින් පහළ දැමීම සලකා බලමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අනුපාතිකය පදනම් අංක +300 ක ආන්තිකයන් සහිතව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හා අනුකූලව ස්වයංක්‍රීයව ගැලපීම සඳහා ඉඩ හැරීමට ද මහ බැංකුව තීරණය කර ඇත.

අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි, හදිසි අවස්ථාවලදී යොදා ගත හැකි පරිපාලනමය වශයෙන් තීරණය කරන අනුපාතිකයක් වන බැංකු අනුපාතිකය සියයට 15 සිට සියයට 10 දක්වා පදනම් අංක 500කින් අඩු කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තවදුරටත් තීරණය කර ඇත.  
 
055



අදහස් (4)

කොරෝනා නිසා බැංකු අනුපාතිකය පහළ දමයි

Buddhika P Thursday, 16 April 2020 09:27 PM

අවුරුද්දට කනා මුට්ටිය බිඳින තරඟ අපිට බැරි නිසා මහබැංකුව එයාලගේ ෆීල්ඩ් එකේ ඒක ලස්සනට කරනවා. මේ ක්‍රම දෙක සරලව කිව්වොත් බැංකු පද්ධතියට ද්‍රවශීලතාව එක් කිරීම හා එය අඩු කිරීම සඳහා යොදන ක්‍රම දෙකක්. හරි හමන් මුල්‍ය වෙළඳ පොලක් හරි, හරි හමන් කැපිටල් මාර්කට් එකක් නැතුව අපි අඳුරේ අත පත ගාන්නේ. කොටුවේ තියෙන උන්ඩියල් වෙළඳ පොළ අපේ සේරම මුල්‍ය පද්දතියට උඩින් තියෙන්නේ. දැන් මේක අපේ අවට රට වලට විතරක් නෙවෙයි වෙනත් රටවලටත් පැතිරිලා. සිනප්පුරුව උන්ඩියල් ක්‍රමේ නැති කරපු රටක්. නීති වගේම, කස්ටම් බදු මට්ටම් ආර්ථික උන්නතියට ඕන ව්දියට සකස් කරා. අපේ කස්ටම් ඉතින් දන්නවනේ. ජනපති තුමා මෙන්න තැන ආර්ථිකේ නාඩි වැටෙන තැන හරියට අල්ලලා බලන්න. පිට කොටුවේ උන්ඩියල් බැංකු වහල දාන්න. බැංකු වලට ලැබෙන, මේ ආර්ථික පල ආර්ථිකේ දෙවෙනි තුන්වෙනි ස්ථර වලට යන්නේ සොච්චමයි. මුල්‍ය බැංකු ෆිනෑන්ස් කාක්කෝ මේ පල සේරම උරා බොනවා. ඉන්සඩර් ඩීලින්ග්ස් කරල අල්ලපු, එක මුල්‍ය පරපෝෂිතයෙක් ඉන්නවද අපේ රටේ. හැබැයි රටේ පලවෙනි ධනපති දෙවෙනි ධනපති කියල පම්පෝරි ඇහෙනවා.

:       0       154

මුණසිංහ Friday, 17 April 2020 01:28 AM

මේ අනුපාතික පහල දැමීමෙන් ජනතාවට කිසිදු සහනයක් මෙතෙක් ලැබී නැහැ. ඒ්වයේ වාසිය ගන්නේ බැංකු විසින් ම පමණයි. ඔවුන්ගේ ලාබය වැඩිකර ගන්නවා.

:       0       6

gaminiFriday, 17 April 2020 04:31 AM

එක නම් සහතික ඇත්ත. ව්‍යාපාරික ණය නොගෙවා හිඟ ඇති ණය සඳහා නැවත අයකරගැනීමේදී මුලික මුදල වෙනම ණයක් ලෙස සකස් කොට ඒ සඳහා පොලිය 15% ක් හා එතෙක් පොළිය වෙනම ණයක් ලෙස සකස් කොට 14.5% වෙනම පොළියට පොළියක් හා ඉතා අසාධාරණ ලෙස තවත් පැනල්ටි පොළියක් ද සමහර බැංකු දැනටමත් අයකරනවා.

:       0       3

Athula Wednesday, 22 April 2020 09:48 AM

එතෙක් මෙතක් රට අගාදයට ඇදල දාපු පාලකයො කොරෝනා වලින් මඩ සෝදා ගන්නයි හදන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 179 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 691 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1089 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site