IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ආරක්ෂක විධිවිධාන දැඩිව අනුගමනය කිරීමට උත්සව කළමනාකරුවෝ සැරසෙති

කොළඹ නගරය සඳහා පනවා තිබූ Covid - 19 සීමා රැසක් මේ වනවිට ලිහිල් කර ඇති තත්ත්වය යටතේ යළිත් උත්සව සංවිධානය කිරීමේ දී අනුගමනය කළ යුතු ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් පරිපූර්ණ මාර්ගෝපදේශ මාලාවක් ඇතුළත් අත්පොතක් ප්‍රකාශයට පත් කිරීමට උත්සව කළමනාකරණ සංගමය පසුගියදා කටයුතු කළේ ය. උත්සව සංවිධාන කටයුතු සඳහා සම්බන්ධ වන සියලු‍ම දෙනා මෙම මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළ යුතු බව එම සංගමය අවධාරණය කරයි.

මාස 14 කට අධික කාලයක් තිස්සේ වරින්වර පනවන ලද සංචරණ සීමා නිසා මෙරට උත්සව කළමනාකරණ ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ පා ඇත. එම නිසා ඉදිරියේ දී යළිත් එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා දැඩි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව උත්සව කළමනාකරණ සංගමය පෙන්වා දෙන අතර, ඒ සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය හා සනීපාරක්ෂක විධිවිධාන නව අත්පොතෙහි සවිස්තර ලෙස දක්වා ඇතැයි ද සඳහන් කරයි.

උත්සව කළමනාකරණ සංගමය යනු උත්සව කළමනාකරණ සමාගම් මෙන්ම මංගල උත්සව සැලසුම්කරුවන්, උපකරණ කුලියට දෙන සමාගම් (නාද පද්ධති, ආලෝකකරණ පද්ධති, LED ආදිය), වේදිකා සහ පසුතල නිර්මාණකරුවන්, ගෘහභාණ්ඩ සහ යටිතල පහසුකම් කුලියට දෙන සමාගම්, ඩිජිටල් නිර්මාණ සමාගම්, උත්සව ශාලා, මල් සැපයුම්කරුවන්, සංගීතඥයන්, වඩු කාර්මිකයන්, උත්සව සහය සේවා සපයන්නන්, විනෝදාස්වාද සේවා සපයන්නන්, නර්තන කණ්ඩායම්, චිත්‍ර ශිල්පීන්, සැලසුම් නිර්මාණ ශිල්පීන්, පිරිසැකසුම්කරුවන්, කාර්මිකයන් සහ තවත් බොහෝ අංශ නියෝජනය කරන සංවිධානයකි. මෙම ක්ෂේත්‍රය සමස්තයක් වශයෙන් ජාතික ආර්ථිකයට රු. බිලියන 30 ක පමණ දායකත්වයක් ලබාදෙයි.

“අපගේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යහපත් තීරණයක් ගැනීම පිළිබඳව රජයට අපගේ ස්තූතිය හිමිවනවා. ඉතාමත් දුෂ්කර මාස කිහිපයකට පසුව දැන් අපගේ සාමාජිකයන්ට යළිත් තම ජීවනෝපායන්හි නියැළීමට අවස්ථාව ලැබේවි. කෙසේ නමුත් Covid - 19 සම්බන්ධ ආරක්ෂක විධිවිධාන අප දැඩිව අනුගමනය කළ යුතුයි. මීට පෙර උත්සව පැවැත්වීමට අවසර ලබාදී තිබුණු විට, ඇතැම් අය මෙම ආරක්ෂක විධිවිධාන මුළුමනින්ම නොතකා හරිමින් කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක් වුණා. යළිත් එවැනි තත්ත්වක් උදාවී Covid - 19 රෝගීන් වාර්තා වීම ඉහළ ගියහොත්, නැවතත් උත්සව තහනම් වී මුළු කර්මාන්තයම කඩා වැටීමට ඉඩ තිබෙනවා. ඒ නිසා, ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු‍ම දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් අප ඉල්ලා සිටින්නේ යළිත් එවැනි තත්ත්වක් ඇතිවීමට ඉඩ නොතබන ලෙසයි. ඒ වෙනුවෙන් මෙම විධිවිධාන සියල්ල වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා මෙන් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු‍ම දෙනාගෙන් අප දැඩිව ඉල්ලා සිටිනවා.” උත්සව කළමනාකරණ සංගමයේ සභාපති රොෂාන් විජයරත්න මහතා පැවසී ය.

“බොහෝ උත්සව කළමනාකරණ සමාගම් තම යටිතල පහසුකම්, උපකරණ හා පුහුණු කටයුතු ආදිය සඳහා රු. මිලියන 10 පමණ සිට රු. මිලියන 800 ක් පමණ දක්වා සුවිශාල ආයෝජනයක් සිදුකර තිබෙනවා. ඔවුන් දැන් සිටින්නේ සේවක වැටුප් ගෙවීමට හෝ මූල්‍යමය වගකීම් පියවීමට පවා නොහැකි තත්ත්වයකයි. නිසි අත්වැලක් නොමැති වුවහොත් මේ සමාගම් බංකොලොත් වේවි. එසේ වුවහොත් ක්ෂේත්‍රයේ සෘජු රැකියාවල නියුතු 130,000 කට අධික පිරිසකට සහ වක්‍ර රැකියා වල නියුතු 600,000 කට අධික පිරිසකට මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයටත් විශාල බලපෑමක් ඇතිවෙනවා.” උත්සව කළමනාකරණ සංගමයේ උප සභාපති සජිත් කොඩිකාර මහතා පෙන්වා දුන්නේ ය.

 



අදහස් (3)

කොරෝනා ආරක්ෂක විධිවිධාන දැඩිව අනුගමනය කිරීමට උත්සව කළමනාකරුවෝ සැරසෙති

sachith Friday, 30 July 2021 10:59 AM

මේ උත්සවයෙන්ම පේනවා සංවිධානය කරන්න යන උත්සව වලට වෙන්න යනදේ... මුඛ ආවරණයක්වත් දාන්නේ නැතිව ඉන්නේ...

:       6       6

Ranjan Saturday, 31 July 2021 02:23 PM

දවසේ විහිලු මෙන්න.. එන්නතේ සාර්ථකත්වය ගැන ලොවට කියන්න බැසිල් පෙරමුණ ගනී. කොරෝනා ආරක්ෂක විධිවිධාන දැඩිව අනුගමනය කිරීමට උත්සව කළමනාකරුවෝ සැරසෙති..

:       48       14

jayasekara Monday, 02 August 2021 03:33 PM

උත්සව ගන්න අත්පොත් හදන්න යනවා. මාස්ක් එකක් කවුරුවත් දාගෙන නැහැ. හිතාගන්න පුළුවන්නේ කෙරුවාව කොහොමද කියලා. ලෝකෙට පරකාසේ.. ගෙදරට මරගාතේ..

:       7       3

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

පහත රට එළවලු වගාවට කුඩම්මාගේ සැලකිලිද?
2025 මැයි මස 15 5 0

උඩරට එළවළු මෙන්ම පහත රටද එළවළු වගාවේ නිරතවන ගොවියන් විශාල පිරිසක් පොහොර මිල සහ එම වගා සඳහා භාවිත කරන කෘමි නාශක ද්‍රව්‍ය මිල අධික වීම හේතුවෙන් ගැටලු‍ රැ


මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් කිලිනොච්චිය සහ පුදුකුඩිඉරිප්පු නගරවලට
2025 මැයි මස 15 5 0

දිවයින පුරාම මූල්‍යමය සේවා කටයුතු පුළුල් කිරීමේ සිය අඛණ්ඩ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් සිය නවතම 74 සහ 75 වැන


කොටස් වෙළෙඳපොළේ වාර්තාගත ඉහළ යාමක්
2025 මැයි මස 15 7 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මාස තුනකට පසු ඒකක 16,000 ඉක්මවීම කැපී පෙනෙන තත්වයකි. ඉකුත් මාර්තු 11 දා ට පසු දිගින් දිගටම උච්චාවචනය වූ අතර මුල් භා


මෙරට කාන්තාවෝ ලක්ෂ 65කට වැඩි පිරිසක් ආර්ථිකව අක්‍රියයි
2025 මැයි මස 14 47 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


මුල් මාස හතරේදී විදේශ ප්‍රේෂණ ලැබීම් සියයට 18.3 කින් ඉහළට
2025 මැයි මස 14 43 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


පෞද්ගලික ව්‍යාපාර ණය රු.බි.173 ක් දක්වා වර්ධනයක්
2025 මැයි මස 14 23 0

පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1484 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1646 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 432 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site