IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කියුබා සහාය ඕනෑ විටෙක ලංකාවට

දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි කියුබා විදේශ ඇමැති බෘනෝ එදුවාර්දෝ රුද්‍රිගෝස් ඊයේ අරලිය ගහ මන්දිරයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

ජාත්‍යන්තර සමුළු වලදී කියුබාව ශ්‍රී ලංකාවට දක්වන සහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ස්තූතිය පුද කර සිටියේය. තවද ශ්‍රී ලාංකීය සිසුන් හට කියුබාවේ උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දී තිබීම පිළිබදවද ජනපතිවරයා කෘතඥපූර්වකව අදහස් දැක්වීය.

ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහය දැක්වීමට කියුබාව ඉදිරිපත්වනු ඇතැයි සහතික කළ ඇමැති බෘනෝ රුද්‍රිගෝස් ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද ප්‍රශංසා මුඛයෙන් අදහස් පල කළේය.

කියුබාව ශ්‍රී ලංකාව හා සබඳතා වර්ධනය කර ගැනීමට ඇති අවස්ථා සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවද ඔහු කීය.

ඩෙංගු රෝගය වැනි දෙරටටම මුහුණදීමට සිදුව තිඛෙන ගැටලූ සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.



අදහස් (0)

කියුබා සහාය ඕනෑ විටෙක ලංකාවට

ගාමිණී - සිරිවර්දන Thursday, 11 September 2014 04:11 AM

කියුබාවේ නිෂ්පාදනය කරන සීනි සහන මිලකට ලැබුනොත් තමා වටින්නේ. කියුබාවෙන් නොමිලයේ දුන්නත් අපේ රටේ මිලෙහි අඩුවක් නම් වෙන එකක් නැහැ.දැනට ආනයනයනය කරන බ්‍රසීලයේ සීනි මිල අධිකයි ! (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 14 September 2014 09:30 AM

අපිට යුද්ධෙන් පස්සේ එක එක්කෙනාට බොරු පොරොන්දු දෙන්නේ නැතුව රටේ තිබෙන නිතියට අනුව හැමෝටම එක හා සමානව සලකාගෙන හරියට වැඩ කරා නම් ඔය කාගෙවත් උදව් අවශ්‍ය වෙන්නේ නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16921 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site