දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි කියුබා විදේශ ඇමැති බෘනෝ එදුවාර්දෝ රුද්‍රිගෝස් ඊයේ අරලිය ගහ මන්දිරයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
ජාත්‍යන්තර සමුළු වලදී කියුබාව ශ්‍රී ලංකාවට දක්වන සහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ස්තූතිය පුද කර සිටියේය. තවද ශ්‍රී ලාංකීය සිසුන් හට කියුබාවේ උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දී තිබීම පිළිබදවද ජනපතිවරයා කෘතඥපූර්වකව අදහස් දැක්වීය.
ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහය දැක්වීමට කියුබාව ඉදිරිපත්වනු ඇතැයි සහතික කළ ඇමැති බෘනෝ රුද්‍රිගෝස් ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද ප්‍රශංසා මුඛයෙන් අදහස් පල කළේය.
කියුබාව ශ්‍රී ලංකාව හා සබඳතා වර්ධනය කර ගැනීමට ඇති අවස්ථා සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවද ඔහු කීය.
ඩෙංගු රෝගය වැනි දෙරටටම මුහුණදීමට සිදුව තිඛෙන ගැටලූ සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියුබාවේ නිෂ්පාදනය කරන සීනි සහන මිලකට ලැබුනොත් තමා වටින්නේ. කියුබාවෙන් නොමිලයේ දුන්නත් අපේ රටේ මිලෙහි අඩුවක් නම් වෙන එකක් නැහැ.දැනට ආනයනයනය කරන බ්‍රසීලයේ සීනි මිල අධිකයි ! (නි)
අපිට යුද්ධෙන් පස්සේ එක එක්කෙනාට බොරු පොරොන්දු දෙන්නේ නැතුව රටේ තිබෙන නිතියට අනුව හැමෝටම එක හා සමානව සලකාගෙන හරියට වැඩ කරා නම් ඔය කාගෙවත් උදව් අවශ්‍ය වෙන්නේ නැහැ. (නදී)