IMG-LOGO

‘‘කියා නවතම මෝටර් රථය හඳුන්වාදෙයි‘‘

කොරියානු මෝටර් රථ සමාගමක් වන කියා(KIA) මෝටර් රථ සමාගමේ නවතම සුඛෝපභෝගී මෝටර් රථය (එස්.යූ.වී) වන සෙල්ටෝස් (Seltos) රථය කොළඹදී එළිදක්වන ලදී.

ශ්‍රී ලංකාවේ පළමු කියා සෙල්ටෝස් මෝටර් රථය මිලදී ගත්තේ සුපිරි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා ය. මෙම අවස්ථාවට සුපිරි පිතිකරුවකු වූ හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර මහතා ද එක්විය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී නව මෝටර් රථය ඊයේ (6) පස්වරුවේ එළිදැක්විණි.

2020 කියා සෙල්ටෝස් රථය අශ්වබල 140ක් උත්පාදනය කරන ලීටර 1.4ක ටර්බෝ ආරෝපිත පෙට්‍රල් එන්ජිමකින් සමන්විත වේ. වේග 7 ක ද්විත්ව ක්ලච් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් තාක්ෂණයෙන් යුක්ත මෙම රථය තුළ පුළුල් ඉඩකඩ පහසුකම්වලින් සමන්විත වන අතර අතිනවීන පහසුකම්වලින් පරිපූර්ණ වන ලෙස නිෂ්පාදනය කර ඇත.

ශක්තිමත් සෘජු පෙනුම සහ ඉහළ ග්‍රවුන්ඞ් ක්ලියරන්ස් ගුණාංග හේතුවෙන් සෙල්ටෝස් රථය එම පන්තයේ අනෙකුත් සුඛෝපභෝගී  රථවලට වඩා ඉදිරියෙන් සිටින බව එම සමාගම කියයි. මෙම නව මෝටර් රථයේ අභ්‍යන්තරය උසස් තක්ෂණයෙන් අනූන ය.

කියා සෙල්ටෝස් රථය පරීක්ෂණ ගණනාවකට ලක් කර ඇති අතර එන්ජින් වර්ග දෙකකින් සමන්විතය. මෙම රථයේ ඇති විශේෂ ගුණාංග හේතුවෙන් එහි ප්‍රමාණය සහ පන්තියට සාපේක්ෂව ‘ඕෆ් රෝඞ්‘(off-road) හැකියාවෙන් ද සමන්විතය.

මෙම මෝටර් රථය ද ඇතුළුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වා කාලයේදී කියා සමාගම මෙරට වෙළෙඳපොළට සුඛෝපභෝගී මෝටර් රථ තුනක් හඳුන්වා දී ඇත.

සෙල්ටෝස් මෝටර් රථයේ ශක්තිමත් බඳෙන් සියයට 61ක් ඉහළ ගුණාත්මකභාවයෙන් යුක්ත ශක්තිමත් වානේවලින් නිර්මාණය කර තිබේ.

ධාවනයේදී ‘සාමාන්‍ය’, ‘ඉකෝ’ හෝ ‘ස්පෝට්ස්’ හෝ යන විකල්ප තත්ත්ව තුනෙන් එකක් තෝරාගත හැකි අතර ධාවන තත්ත්ව සඳහා අවශ්‍ය ධාවන අත්දැකීම ලබාදීම අවශ්‍ය අනන්‍ය තත්ත්වලින් මෙම මෝටර් රථය නිර්මාණය කර ඇත.

මෙම රථය වෙළෙඳපොළේ තිබෙන මෙම පන්තියේ රථවල අභ්‍යන්තරයට වඩා වැඩි ඉඩකින් සමන්විතය. මෙම රථය තුළ බඩු භාණ්ඩ රැගෙන යාමට තිබෙන ඉඩ ප්‍රමාණය ද අවශ්‍ය පරිදි වැඩිකර ගැනීමට හැකිවන අයුරින් නිෂ්පාදනය කර ඇත.

මෙම රථයේ තිබෙන ‘රෙයාර්-රික්ලයිනින්’ (rear-reclining) පහසුකම නිසා පසුපස අසුනේ සිටින මගීන්ට ඉඩකඩ පුළුල් කරගත හැකි අතර පිටුපස කිසිවකු නොමැති අවස්ථාවල පිටුපස අසුන් නවා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන යා හැකි පරිදි සකස් කරගැනීමේ හැකියාවද පවතී.

මෙම රථය රුපියල් මිලියන 6.9ත් රුපියල් මිලියන 7.6ත් අතර මුදලකට නියම කර ඇත. කියා සමාගම මෙම මෝටර් රථයට වසර පහක හෝ කිලෝමීටර 150,000ක වගකීමක් ද ලබා දේ.

කියා මෝටර්ස් (ලංකා) සමාගම 1996 වසරේ සිට ‘කියා’ සන්නාමය මෙරට නියෝජනය කරන අතර පසුගියදා ආයතනික ව්‍යුහයේ වෙනස්කම් කිහිපයක් ද කළේය. ඒ අනුව රුපියල් මිලියන 800ක ආයෝජනයකින් මාලඹේ ඉදිකළ මධ්‍යස්ථානය, අනුබද්ධ ආයතන, අලෙවි, සේවා සහ වාහන අමතර කොටස් අලෙවිසැල් සම්බන්ධීකරණය කරන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස කටයුතු කරයි.

055

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

 

 



අදහස් (0)

‘‘කියා නවතම මෝටර් රථය හඳුන්වාදෙයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 702 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1100 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site