IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කොමාර්ෂල් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට

එංගලන්තයේ සුප්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසින් වාර්ෂිකව එළිදක්වන ‘ලෝකයේ හොඳම බැංකු 1000’ ලයිස්තුවට 2021 වසරේ දී පිට පිටම 11 වතාවටත් තේරී පත් වූ එකම ශ්‍රී ලාංකීය බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව නැවත වතාවක් ගෝලීය බැංකු ක්ෂේත්‍රයේ දැවැන්තයන් අතරට පැමිණ තිබේ.

ගෝලීය වශයෙන් ඉමහත් කීර්තියක් දිනාගෙන තිබෙන මෙම වර්ගීකරණය 51 වැනි වසර සඳහා ප්‍රකාශනයට පත්කර තිබෙන අතර එහි වැඩිම කාලයක් අඛණ්ඩව රැඳී සිටි දේශීය බැංකුව කොමර්ෂල් බැංකුවයි.

එංගලන්තයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් විසින් ප්‍රකාශනයට පත්කරන ‘ද බෑන්කර්’ සඟරාව විසින් මූලික වශයෙන් පළමු පෙළ ප්‍රාග්ධනය පදනම් කරගනිමින් බැංකු වර්ගීකරණය කරයි.

‘කොමර්ෂල් බැංකුවේ ශක්තිය සහ වෘත්තීයභාවය මෙන්ම වසංගත තත්ත්වය වෙනුවෙන් බැංකුව සිදුකළ කැප කිරීම් මෙම වර්ගීකරණය මගින් සත්‍යවශයෙන්ම සහතික කරනවා.’ යනුවෙන් මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය.

 



අදහස් (0)

කොමාර්ෂල් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 366 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site