IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොමර්ෂල් බැංකුවෙන් සෞඛ්‍ය අංශයට දිගටම සහයෝගය

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වූවන් සඳහා සහයෝගය දැක්වීමට කොමර්ෂල් බැංකුව ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ මේ දක්වා දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල 16 කට වැඩි සංඛ්‍යාවකට වෛද්‍ය සහ සෙසු පෞද්ගලික ආරක්ෂණ උපකරණ පරිත්‍යාග කර තිබෙන බව එම බැංකුව කියයි.

කොරෝනා වසංගතයේ දී ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදෙන කණ්ඩායම්වල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක භාරය මෙම වැඩසටහන දියත් කර ඇත. මේ තුළින් රෝගීන්ට ලබාදෙන සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ යන අතර පරිත්‍යාග කර තිබෙන පෞද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) කට්ටල, KN 95 මුහුණු ආවරණ, සර්ජිකල් මුහුණු ආවරණ, දෑත් සේදුම් විෂබීජ නාශක දියර, ස්ලිට් ලාම්පු, පල්ස් ඔක්සිමීටර්, මල්ටිපැරා මොනිටර් සහ ඔක්සිජන් කන්සන්ට්‍රේටර් උපකරණ වයිරසය පැතිරීම පාලනය කිරීමට උපකාරී වේ.

මෙම පරිත්‍යාග හිමි වූ රෝහල් අතරට තිස්සමහාරාම, හෝමාගම සහ තෙල්දෙණිය දිස්ත්‍රික් මහ රෝහල්, මහනුවර සහ කෑගල්ල රෝහල්, පේරාදෙණිය ශික්ෂණ රෝහල, කොළඹ ජාතික රෝහල, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, මාතලේ සහ පුත්තලමේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මෙන්ම ශ්‍රී ලංකා දේශීය වෛද්‍ය විද්‍යාලය අයත් වේ.

මෙම වැඩසටහන යටතේ සිදුවෙමින් පවතින සෞඛ්‍ය ව්‍යාපෘති අතරට කිලිනොච්චියේ කරච්චි ප්‍රදේශයේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට උපකරණ පරිත්‍යාග කිරීම, මොනරාගල දිස්ත්‍රික් රෝහලේ වකුගඩු ඒකකයට හිමොඩයලිසිස් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම, පලෙයි ප්‍රාදේශීය රෝහලට ECG යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම, කයිට්ස් මූලික රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම ද ඇතුළත් වේ.



අදහස් (0)

කොමර්ෂල් බැංකුවෙන් සෞඛ්‍ය අංශයට දිගටම සහයෝගය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site