IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කොමර්ෂල් බැංකුවට ’World Class’ ගෝලීය කාර්ය සාධන සම්මානය

ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව හැදෑරිය යුතු ව්‍යාපාරික ආකෘතියක් ලෙස ඉහළම ඇගයීමට ලක්වී ඇත.

කොමර්ෂල් බැංකුව නවසීලන්තය පදනම් කරගත් ආසියානු පැසිෆික් ගුණාත්මක ආයතනය (APQO) විසින් සංවිධානය කළ 2022 වසරේ ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී 'World Class' සම්මානය දිනාගත් ජාත්‍යන්තර ආයතන 08 අතර විය.  

කොමර්ෂල් බැංකුව වෙත 'World Class' සම්මානය ලබාදීමට පදනම් වූයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජාතික ගුණාත්මක තත්ත්ව සම්මාන ප්‍රදානෝත්සවය (SLNQA) සඳහා Baldrige විශිෂ්ටතා රාමුව පදනම් කරගනිමින් දැක්වූ විශිෂ්ටත්වය පිළිබඳව ඉදිරිපත් කර තිබෙන කරුණුය. ආසියානු පැසිෆික් ගුණාත්මක ආයතනයේ තරගය සඳහා එම ඉදිරිපත් කිරීම යෝග්‍ය යැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිර්දේශ කර ඇත.

මීට අමතරව, කොමර්ෂල් බැංකුව සිය බැංකු සේවකයන්ට ලබාදුන් පද්ධති ප්‍රවේශය කළමනාකරණය කිරීම වෙනුවෙන් APQO ජාත්‍යන්තර යහ ක්‍රමවේද (AIBP) රන් සම්මානයද දිනාගන්නා ලදී.   

මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අපගේ සේවා, ක්‍රියාවලි හෝ නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය අභියෝගාත්මක සමයක වුවද අඩු නොකළ යුතු යැයි අපගේ විශ්වාසයයි. අපගේ කාර්ය සාධනයට බාහිර සාධක බලපෑම් එල්ල කරන විට ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත් කාරණයක් බවට පත් වෙනවා. ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී World Class අංශයේදී සම්මානයක් දිනාගත් පළමු සහ එකම ශ්‍රී ලාංකේය බැංකුව වීම තුළින් පිළිබිඹු වන්නේ කොමර්ෂල් බැංකු පවුලේ සෑම මට්ටමකම මෙම විශ්වාසය තිබෙන බවයි.’  

595



අදහස් (0)

කොමර්ෂල් බැංකුවට ’World Class’ ගෝලීය කාර්ය සාධන සම්මානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site