IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කොමර්ෂල් බැංකුවට CA ශ්‍රී ලංකා 2024 TAGS සම්මාන හතරක්

කොමර්ෂල් බැංකුවේ සභාපති, ෂර්හාන් මුෂීන් මහතා හා කළමනාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා බැංකුව දිනාගත් TAGS සම්මාන හතරෙන් එකක් පිළිගන්නා අවස්ථාව.


කොමර්ෂල් බැංකුවේ 2023 වාර්ෂික වාර්තාව CA ශ්‍රී ලංකා 2024 TAGS සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකක්, රිදී සම්මානයක් හා ලෝකඩ සම්මානයක් දිනා ගනිමින් මූල්‍ය වාර්තාකරණයේ තම දක්ෂතාව යළි තහවුරු කර ඇත.

මෙම සම්මාන උළෙලේ දී අවධානය යොමු කරන, විනිවිදභාවය, වගවීම, යහපාලනය හා තිරසාරභාවය යන ස්ථම්භ හතර තුළ බැංකුවේ විශිෂ්ටත්වය විදහා දක්වමින් මූල්‍ය සේවා අංශයේ ‘ආයතනික යහපාලනය අනාවරණය කිරීම’ සඳහා මෙන්ම පෞද්ගලික අංශයේ බැංකු අතරින් හොඳම වාර්ෂික වාර්තාව සඳහා ද රන් සම්මාන දෙකක් දිනාගැනීමට කොමර්ෂල් බැංකුව සමත් විය. තවද බැංකුව විසින් සියලුම ක්ෂේත්‍රවල ‘ඩිජිටල් ලෙස පරිවර්තනය වන වාර්තාකරණය’ සඳහා රිදී සම්මානය මෙන් ම ‘ආයතනික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය’ සඳහා ලෝකඩ සම්මානය ද දිනා ගන්නා ලදී.

CA ශ්‍රී ලංකා 2024 TAGS සම්මාන උළෙලේදී අඛණ්ඩව අප ලැබූ ජයග්‍රහණ අපගේ සියලුම පාර්ශවකරුවන්ට වැදගත් වන අතර එමගින් මූල්‍ය වාර්තාකරණයේදී දැක්වූ විනිවිදභාවය, වගවීම, යහපාලනය හා තිරසාරභාවය යන අංග සඳහා බැංකුවේ කැපවීම මනාව පෙන්නුම් කරයි,” කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසීය. “සෑම වසරකම ගෝලීය ප්‍රමිති වෙනස් වන විට හා පාරිභෝගික අපේක්ෂා ඉහළ යන විට අපගේ ව්‍යාපාරය ප්‍රමාණයෙන් හා සංකීර්ණත්වයෙන් ශිඝ්‍ර ලෙස වර්ධනය වනවා. මේ නිසා අපගේ වාර්ෂික වාර්තාවල අප සපයන අන්තර්ගතයේ වෙනස්කම් හා නව එකතු කිරීම් නිරතුරුවම අවශ්‍ය වේ. මෙම කීර්තිමත් සම්මාන අපගේ වාර්ෂික වාර්තා කණ්ඩායමේ වෘත්තීයභාවයට සහ ආභිප්‍රායට උපහාරයක් වන අතර මූල්‍ය වාර්තාකරණයේ දී අප සෑම විටම ඉහළම දේශීය හා විදේශීය ගෝලීය ප්‍රමිති සපුරාලීම සහතික කිරීම ද එමගින් මනාව පිළිඹිඹු වෙයි.”

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළෙදපොළ බැංකු අංශයේ ඉහළම වෙළෙදපොළ ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම සියයට 100 තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුණු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.



අදහස් (0)

කොමර්ෂල් බැංකුවට CA ශ්‍රී ලංකා 2024 TAGS සම්මාන හතරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site