IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිනිය තරුෂි කරුණාරත්න

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග, බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් සහ ප්‍රධාන කළමනාකාරිණී - අලෙවිකරණ අපර්ණා ජාගොඩ, තරුෂිගේ පෞද්ගලික කළමනාකාරිණී සුරංජි පීරිස් යන මහත්ම මහත්මීන් තරුෂි කරුණාරත්න සමග සන්නාම තානාපති ගිවිසුම අත්සන් කරන අවස්ථාව.


ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර තලයෙහි ඔසවා තැබූ රන් පදක්කම්ලාභී ධාවන ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිවරියක් ලෙස පත්කර ඇත.
කොමර්ෂල් බැංකුවේ වඩාත් ම ජනප්‍රිය හා පහසු ම ඩිජිටල් බැංකුකරණ විසඳුම වන කොම්බෑන්ක් ඩිජිටල් යෙදවුම තරුෂි කරුණාරත්න විසින් නියෝජනය කරනු ඇත. ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී මූල්‍ය ආයතනය ලෙස කොමර්ෂල් බැංකුවේ අනන්‍යතාවට පරිපූර්ණ ලෙස ගැළපෙන නොනවතින උත්සාහය, හැකියාව සහ වර්ධනය සඳහා නොසැලෙන කැපවීමක් තරුෂි කරුණාරත්න විසින් පිළිබිඹු කරන බව බැංකුව පවසයි.
“ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ විශ්වාසදායක ප්‍රමුඛයකු වන කොමර්ෂල් බැංකුව සමග අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන මා ඉතා සතුටට පත්වෙනවා. ක්‍රීඩා පිටියේ මා මගේ දක්ෂතා, කැපවීමෙන් ඉදිරියට ගෙන යන සේම, කොමර්ෂල් බැංකුව ද විශිෂ්ටත්වය හා නවෝත්පාදනය කෙරෙහි කැපවී සිටිනවා. කාර්යසාධනය සහ අඛණ්ඩ වර්ධනය සඳහා වන මගේ අරමුණු බෙදා ගැනීමට හැකි සන්නාමයක් නියෝජනය කිරීමට ලැබීම මා ලද වරප්‍රසාදයක්,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ නව සන්නාම තානාපතිනිය වශයෙන් පත්වීම පිළිබඳව අදහස් දක්වමින් තරුෂි කරුණාරත්න පැවසුවාය.
පසුගිය වසරේදී බැංකුව විසින් ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ වේග පන්දු යවන්නකු වන මතීෂ පතිරණ සන්නාම තානාපතිවරයකු ලෙස සාර්ථකව සම්බන්ධ කර ගන්නා ලද අතර මෙම සහයෝගීතාව පාරිභෝගික පක්ෂපාතීත්වය ශක්තිමත් කිරීමට මෙන් ම රටේ විශාලතම ඩෙබිට් කාඞ්පත් පදනම වන කොමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ්පත් වඩාත් පුළුල් ලෙස භාවිත කිරීමට ද උපකාරී වී තිබේ.
තරුෂි කරුණාරත්න, ශ්‍රී ලංකාවේ වඩාත් ම දක්ෂ මැදි දුර ධාවන ශූරිය වන අතර ඇය මීටර් 800 ඉසව්වේ අති දක්ෂයෙකි. ඇය වයස අවුරුදු 19 දී 2022 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 අවසන් තරගයේදී රන් පදක්කමක් දිනා ගනිමින් ඉතිහාසයට එක් වූ අතර, සුසන්තිකා ජයසිංහ හා දමයන්ති දර්ශාගෙන් පසුව ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට ද පත්විය.



අදහස් (0)

කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිනිය තරුෂි කරුණාරත්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site