IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොමර්ෂල් බැංකුවේ දෙවැනි කෘෂි නවීකරණ වැඩසටහන වව්නතිව්හිදී

කොමර්ෂල් බැංකුව කිලිනොච්චියේ මහිලන්කාඩු හි සිදු කළ පළමු කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වයත් සමග, බැංකුව විසින් ශ්‍රී ලංකාවේ දෙවැනි ‘කෘෂි නවීකරණ ගම්මානය’ ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ වව්නතිව් ප්‍රදේශය තෝරා ගෙන ඇත.
කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහන ගමින් ගමට ක්‍රියාත්මක වන අතර රටෙහි සියලු කෘෂිකාර්මික විභවයන් ආවරණය කරමින් කෘෂිකාර්මික අංශයේ තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද අභිලාෂකාමී මෙහෙයුමකි. මෙම වැඩසටහනට උසස් ශිල්පීය ක්‍රම භාවිතයෙන් බද්ධ කිරීම, ඩ්‍රෝන යානා යෙදීම, ඵලදායිතාව සහ ලාබදායීතාව වර්ධනය කිරීමට මූලික වන දේශගුණයට ඔරොත්තු දෙන බෝග වර්ග වැනි දෑට යොමු කිරීම; කුසලතා සංවර්ධනය සහ පුහුණුව; මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය පහසු කිරීම සඳහා බැංකුව සමඟ සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම; වඩා හොඳ අස්වැන්නක් සහ නව වෙළෙඳපොළවල් වෙත ප්‍රවේශ කරවීම හරහා ජීවනෝපාය වැඩිදියුණු කිරීම; ගොවි ඉඩම් තුළ දිගුකාලීන ශක්‍යතාව සහතික කරන තිරසාර භාවිතය පිළිබඳ දැනුවත් කිරීම; ප්‍රජා සහයෝගය සහ ජාලකරණය වැනි දියුණු ශිල්පීය ක්‍රම ඇතුළත් වේ.
වව්නතිව් හි ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා බැංකුව විසින් ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක් වී සිටියි. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන හා කෘෂිකාර්මික ආයතන සමඟ ගොඩනැගෙන සහයෝගීතාවෙන් වටිනා දැනුම බෙදා ගැනීමේ පරිසරයක් නිර්මාණය වන බව බැංකුව පවසයි.
වව්නතිව් වැඩසටහනේ ආරම්භක අදියර වශයෙන් යන්ත්‍රෝපකරණ භාවිතයෙන් වී පැළ සිටුවීම පිළිබඳ පුහුණු සැසියක් පවත්වන ලදි. මෙම අවස්ථාවට වව්නතිව් ගොවි සංවිධානයේ සාමාජිකයන්, විශ්ව විද්‍යාල සිසුන්, මඩකලපුව ප්‍රදේශයේ කෘෂිකර්ම විශේෂඥයන් සහ නිලධාරීන් ඇතුළු ප්‍රදේශයේ ගොවීන්ගේ සහභාගීත්වය දැක ගන්නට හැකි විය.
සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම සහ කෘෂිකාර්මික අංශයේ විප්ලවීය වෙනසක් ඇති කරන නව තාක්ෂණික ක්‍රමෝපාය අතර පවතින පරතරය නැති කිරීමට සහ නව පරම්පරාව බුද්ධිමත් කෘෂිකාර්මික ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම සහ උත්තේජනය කිරීම සඳහා මෙවැනි වැඩසටහන් සැලසුම් කර ඇති බව බැංකුව පවසයි.



අදහස් (0)

කොමර්ෂල් බැංකුවේ දෙවැනි කෘෂි නවීකරණ වැඩසටහන වව්නතිව්හිදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site