කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍ර රැසක සේවායෝජකයන්ගේ අයිතිවාසිකම් නියෝජනය කරන මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සංවිධානය වන ශ්‍රී ලංකා සේවායෝජකයන්ගේ සම්මේලනයේ (EFC) සභාපතිවරයා ලෙස පත් කර ඇත.
මනතුංග මහතාගේ මෙම පත්වීම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට ඔහු ලබා දී ඇති නායකත්වය සඳහා හිමි වූ වැදගත් ඇගයීමක් වන අතර, ජාතික ආර්ථික හා ව්‍යාපාර සංවර්ධන වැඩසටහන් සඳහා ඔහු දක්වා ඇති සක්‍රීය දායකත්වය ද ඉන් පිළිබිඹු වන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ගෞරවාදරය දිනා ගත් නායකයකු වන මනතුංග මහතා බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 36කට අධික අත්දැකීම් සමග මෙම ගෞරවනීය තනතුර භාර ගෙන ඇත.
ඔහු වර්තමානයේ ශ්‍රී ලංකා බැංකු සංගමයේ (SLBA) සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, UNICEF ව්‍යාපාරික කවුන්සිලය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ලෝක බැංකු සමූහයේ පෞද්ගලික අංශ උපදේශක මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයකම සාමාජිකයෙකි. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ පාර්ශවකරුවන්ගේ සම්බන්ධතා කමිටුවේ නිල බලයෙන් සාමාජිකයකු ලෙසද සේවය කරයි.
මනතුංග මහතා කොමර්ෂල් ඩිවලොප්මන්ට් කම්පැනි පීඑල්සී හි සහ මාලදිවයිනෙහි කොමර්ෂල් බැංකුවේ මෙහෙයුම්වල උප සභාපතිවරයා ලෙස කටයුතු කරයි. වසර 30කට අධික කාලයක් කොමර්ෂල් බැංකුව සමග සම්බන්ධ වී සිටින ඔහු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ විධායක අධ්‍යක්ෂවරයා ලෙස සේවය කිරීමෙන් අනතුරුව 2022 මැයි මාසයේදී කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කෙරිණි.
මනතුංග මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA) හි විශේෂිත සාමාජිකයකු වන අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන ඇත. එමෙන්ම ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය, ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනය සහ එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය යන ආයතනවල ද ඔහු සාමාජිකයෙකි. බැංකුකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් සුවිසල් දායකත්වය ලබා දී ඇති ඹහු බැංකු ක්ෂේත්‍රයේ අවදානම් කළමනාකරණ වෘත්තිකයන්ගේ සංගමයේ හි සභාපතිවරයා ලෙසත්, වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ හි සභා සාමාජිකයකු ලෙසත් කටයුතු කර ඇති අතර ප්‍රමුඛ අධ්‍යාපනික හා වෘත්තීය ආයතන රැසක ආරාධිත දේශකයකු සහ සම්පත්දායකයකු ලෙසද කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd