
කොමර්ෂල් බැංකුව පවත්වනු ලැබූ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වය සැමරීම සඳහා පසුගියදා කිලිනොච්චියේ මහිලාන්කාඩු ප්‍රදේශයේ අස්වනු නෙළීමේ උත්සවයට බැංකුව සහභාගී විය.
රටෙහි කෘෂිකාර්මික ප්‍රදේශවල කෘෂිකර්මික තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා බැංකුව විසින් දියත් කරන ලද අභිලාෂකාමී මෙහෙයුමෙහි මූලාකෘතිය මහිලාන්කාඩු වනු ඇත.
කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පෞද්ගලික බැංකුකරණ ඩිලක්ෂන් හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මහිලන්කාඩු ප්‍රදේශයේ පැවති අස්වනු නෙළීමේ උත්සවයට සහභාගී වූ අතර කිලිනොච්චිය දිසාපති එස්. මුරලිදරන්, යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති මහාචාර්ය කේ. පකීරතන් මහ බැංකුවේ ප්‍රාදේශීය කළමනාකාර එස්. පහේරති සහකාර ගොවිජන සේවා කොමසාරිස් බී. තේවාදරන් යන මහත්වරු ද මේ සඳහා සහභාගි වූහ.
සරු අස්වැන්නක් උදෙසා වන සාම්ප්‍රදායික චාරිත්‍ර ඉටු කිරීම, වැඩසටහන හරහා හඳුන්වා දුන් නවීන අස්වනු නෙළීමේ ක්‍රම කිහිපයක ආදර්ශන භාවිතය, අනෙකුත් කලාප සඳහා ආදර්ශයක් ලෙස වැඩසටහනේ ප්‍රගතිය සහ විභවය පිළිබඳ ප්‍රධාන පාර්ශවකරුවන් විසින් කථා පැවැත්වීම, වැඩසටහන මගින් ගොවීන්ගේ ක්‍රියාකාරකම් සහ ආදායම් ධනාත්මක ලෙස වෙනස් කර ඇති ආකාරය පිළිබඳව අනුමත කිරීම් සහ යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ප්‍රජා පුහුණු වැඩසටහන් සඳහා බහු කැපුම් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම උත්සවයේ සුවිශේෂී අවස්ථා අතර විය.
“කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවේ හුදු රැකියාවක් පමණක් නොව, එය අපේ ජාතියේ හද ගැස්මයි. නවෝත්පාදනය, එකමුතුකම සහ අධිෂ්ඨානය තුළින් අපට අපගේ ගොවීන් සවිබල ගැන්වීමත්, ජීවනෝපාය නඟා සිටුවීම සහ අනාගත පරපුරට සෞභාග්‍යමත් අනාගතයක් සුරක්ෂිත කළ හැකියි,” යැයි උත්සවය අමතමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පෞද්ගලික බැංකුකරණ ඩිලක්ෂන් හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොමර්ෂල් බැංකුව කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වය සමරයි