IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


කොමර්ෂල් බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය බංග්ලාදේශ මහ බැංකු අධිපති හමුවෙයි

කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුසීන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා ප්‍රමුඛ පිරිසක් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා සහභාගි වූ අතර එහිදී බංග්ලාදේශයේ මහ බැංකු අධිපති ආචාර්ය අහ්සාන් එච්. මන්සූර් මහතා හමුවිය.
බංග්ලාදේශයේ මූල්‍ය ස්ථාවරත්වය සහ ප්‍රතිපත්තිමය දිශානතිය, ආර්ථිකය හා පරිසර නියාමනය සහ කොමර්ෂල් බැංකුවේ උපාය මාර්ග බංග්ලාදේශ බැංකුවේ අරමුණු සමඟ සමපාත විය හැකි ආකාරය මෙම හමුවේ දී සාකච්ඡා කළ අතර බැංකුව විසින් ආර්ථික වර්ධනය සඳහා ලබා දෙන දායකත්වය, නව ව්‍යාප්ත වීම්, ශ්‍රී ලංකාවේ වේගවත් ආර්ථික වර්ධනය, මූල්‍ය අංශයේ පාලනය සහ දෙරට අතර සහයෝගීතාව වර්ධනය යන කරුණු පිළිබඳව ද අවධානය යොමු විය. බංග්ලාදේශය IFRS වාර්තාකරණ ක්‍රමයට පරිවර්තනය වීමේදී අවශ්‍ය සහාය සහ උපදේශනය ලබා දීමටද කොමර්ෂල් බැංකුව එකඟ විය.
මෙම රැස්වීමට කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුමේ ප්‍රධාන විධායක නිලධාරී නජිත් මීවනගේ මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ආයතනික බැංකුකරණ ප්‍රධානී මහමුද් හුසේන් මහතා ද සහභාගී විය.
කොමර්ෂල් බැංකුව 2003 වර්ෂයේ දී බංග්ලාදේශයෙහි සිය පළමු ජාත්‍යන්තර බැංකු ව්‍යපෘතිය ලෙස Credit Agricole Indosuez හි බංගලාදේශ මෙහෙයුම් ආරම්භ කළේය. අද මෙම මෙහෙයුම ශාඛා 20කින් සමන්විත එරට වඩාත්ම ගෞරවනීය විදේශීය බැංකුවක් බවට පත්ව ඇත. තවද බංග්ලාදේශයේ හොඳම විදේශ බැංකුව, හොඳම තිරසාර බැංකුව, හොඳම ආයතනික බැංකුව සහ බංග්ලාදේශයේ හොඳම පාරිභෝගික සේවා සැපයුම් බැංකුව ලෙස ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සිංගප්පූරුව වැනි රටවල ඇති ප්‍රමුඛ සඟරා සහ ආයතන වලින් සම්මාන සහ ඇගයීම් දිනා ගෙන ඇත. මෙම බංග්ලාදේශ බැංකු මෙහෙයුම අඛණ්ඩව වසර 15 ක් පුරා Credit Rating Information and Services Ltd (CRISL) වෙතින් ‘AAA’ ණය ශ්‍රේණිගත කිරීම ලබා ඇත.
කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුමේ ප්‍රධාන විධායක නිලධාරී නජිත් මීවනගේ, කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුසීන් බංග්ලාදේශ මහ බැංකුවේ අධිපති ආචාර්ය අහ්සාන් එච්. මන්සූර් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග සහ බංග්ලාදේශ කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ආයතනික බැංකුකරණ ප්‍රධානී මහමුද් හුසේන් යන මහත්වරු සේයාරුවෙන් දැක්වෙයි.



අදහස් (0)

කොමර්ෂල් බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය බංග්ලාදේශ මහ බැංකු අධිපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 130 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site