IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කොමර්ෂල් බැංකුවේ 2024 වසරේදී විශිෂ්ට කාර්ය සාධනයක්

සලකා බලන මූල්‍ය වසර තුළදී සමූහයේ ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 169.35 ක් දක්වා සියයට 103.61 කින් ඉහළ ගොස් තිබේ. සම්පූර්ණ වසර සඳහා මෙහෙයුම් වියදම් සියයට 17.04 ක මධ්‍යස්ථ අනුපාතයකින් වර්ධනය වී රුපියල් බිලියන 51.84 ක් වී ඇති අතර, සමූහයේ මූල්‍ය සේවා සඳහා බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාබය රුපියල් බිලියන 117.52 ක් විය. එය පෙර වසරට වඩා සියයට 202.21 ක වැඩි වීමකි.
මූල්‍ය සේවා මත පැනවූ බදු සියයට 297.20 කින් එනම් රුපියල් බිලියන 19.71 දක්වා ඉහළ ගොස් ඇති අතර මාස 12 සඳහා ආදායම් බදු ගෙවීමට පෙර ලාබය රුපියල් බිලියන 97.81 ක් විය. එය පෙර වසරට සාපේක්ෂව සියයට 188.29 ක වර්ධනයකි. වසර සඳහා ආදායම් බදු ගාස්තුව රුපියල් බිලියන 42.12 ක් දක්වා සියයට 250.22 කින් ඉහළ ගොස් ඇති අතර එමගින් 2024 වර්ෂය සඳහා බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාබය රුපියල් බිලියන 55.69 ක් විය. එය සියයට 154.28 ක වර්ධනයකි.
වසර සඳහා සමූහයේ මුළු බදු ගාස්තුව රුපියල් බිලියන 61.83 ක් වූ අතර එය පෙර වසරේ බදු ගාස්තුව වූ  රුපියල් බිලියන 16.99 මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි අගයකි.
වෙන වෙනම ගත් විට, සලකා බලන මූල්‍ය වසර සඳහා කොමර්ෂල් බැංකුවේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 95.53 ක් වූ අතර, ශුද්ධ ලාබය රුපියල් බිලියන 54.07 ක් ලෙස වාර්තා කර ඇත. ඒ පිළිවෙළින් සියයට 199.67 ක් සහ සියයට 164.28 ක් වූ වර්ධන අගයන් වලිනි. සමාගමේ කොටසක මූලික ඉපැයීම රුපියල් 37.74 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2023 වසරේදී රුපියල් 14.89 ක් විය.
මෙම ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, ෂාර්හන් මුෂීන් මහතා මෙසේ පැවසීයග “රටේ සාර්ව ආර්ථික පරිසරය තුළ වැඩි ස්ථාවරත්වයක් අත්කර ගෙන තිබීම හා ස්වෛරී බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ධනාත්මක පියවර අපි අගය කරන නමුත් එහි අවසාන ඵලය වූයේ බොහොමයක් බැංකු වලට සැලකිය යුතු මට්ටමේ පාඩු සිදු වීමයි. එම සන්දර්භයේදී, අපගේ 2024 ප්‍රතිඵල මගින් පිළිබිඹු වන්නේ බාහිර අභියෝග මධ්‍යයේ තම මූලික බැංකු ක්‍රියාවලි කළමනාකරණය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව ක්‍රියාත්මක කළ විචක්ෂණශීලී ප්‍රවේශයේ වටිනාකම සහ දුෂ්කර කාලවලදී මෙහෙයුම් නොකඩවා පවත්වාගෙන යාමේ හැකියාවයි.”
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, සනත් මනතුංග මහතා මෙසේ පැවසීයග 2023 දී බැංකුව විසින් කල් ඇතුව ම ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වලින් සිදුවිය හැකි පාඩු සඳහා වන ප්‍රතිපාදන ආවරණය සියයට 35 සිට සියයට 52 දක්වා වැඩි කළ බවත්, පසුව 2024 දෙවන කාර්තුවේ දී එම ආවරණය සියයට 54 දක්වා තවදුරටත් වැඩි කළා. 



අදහස් (0)

කොමර්ෂල් බැංකුවේ 2024 වසරේදී විශිෂ්ට කාර්ය සාධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site