ආයතනික සහ වෙළෙඳ ගනුදෙනුකරුවන්ට පුළුල් මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා තම කැපවීම නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව සිය ‘විදේශ ශාඛාව’ ‘ආයතනික ශාඛාව’ බවට පරිවර්තනය කර ඇත.
මෙම පරිවර්තනය බැංකුවේ කීර්තිමත් ගමනේ නව සන්ධිස්ථානයක් නියෝජනය කරන අතර එය ආසියානු කලාපයේ ජනප්‍රිය වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස දිගු කලක් පැවතුන කොළඹ නගරයේ පොහොසත් වාණිජ උරුමය සමග අනුනාද වන බව බැංකුව ප්‍රකාශ කරයි.
කොළඹ 1, ශ්‍රීමත් රසීක් ෆරීඩ් මාවතේ (ඩ්‍රිස්ටල් වීදිය) අංක 21 දරණ ස්ථානයේ කොමර්ෂල් හවුස් හි බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි නැවත නම් කරන ලද ආයතනික ශාඛාව ආයතනික ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සඳහා පමණක් සකස් කරන ලද ප්‍රමුඛතම මූල්‍ය මධ්‍යස්ථානයක් වන බවත් මෙය ශ්‍රී ලංකාවේ මෙවැනි ආකාරයේ සේවාවක් සපයන පළමුවැන්න ලෙස සැලකෙන බවත් බැංකුව පැවසුවේය. මෙම පරිවර්තනය අසමසම සේවා විශිෂ්ටත්වය, අභිරුචිකරණය කරන ලද මූල්‍ය විසඳුම් සහ දිගුකාලීන ව්‍යාපාරික හවුල්කාරිත්වය පෝෂණය කිරීමෙහිලා බැංකුවේ දැක්ම සමඟ සමපාත වේ.
“අපගේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුළ පිහිටා ඇති ඩෙල්ෆ් ගේට්ටුව ඓතිහාසික ලන්දේසි කොටුවට මාර්ගය විවෘත කළ ආකාරයට අපගේ අභිලාෂය වන්නේ නව ආයතනික ශාඛාව ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඔබ්බට විහිදෙන සමෘද්ධිමත් ව්‍යාපාරික සහයෝගීතාවේ නව යුගයක් නිර්මාණය කරනු ඇති බවයි,” මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා අදහස් දැක්වීය.
බාධාවකින් තොර බැංකුකරණ අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් නිර්මාණය වූ ආයතනික ශාඛාව මඟින්, සබඳතා පදනම් කරගත් බැංකුකරණය කෙරෙහි නව අවධානයක් යොමු කරමින්, පුළුල් මූල්‍ය විසඳුම්, පුළුල් වෙළෙඳ මූල්‍ය, භාණ්ඩාගාර සේවා, අක්වෙරළ බැංකුකරණය, අනෙකුත් අභිරුචි මූල්‍යකරණ විකල්ප සහ විශේෂඥ උපදේශන සහාය සපයයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොමර්ෂල් බැංකු ප්‍රධාන කාර්යාලයේ නව ආයතනික ශාඛාවක්