භානුක අමරසිංහ
කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට සැලසුම් කළ රුපියල් බිලියන 5ක් වටිනා ණයකර නිකුතුවට අදාළ ඉල්ලුම්පත්‍රය ඉවත් කරගන්නා බව පවසයි. එම සමාගම ඊයේ (25) දිනයේ දී මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.
මෙම නිකුතුව අදියර 2, ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිත නොවූ, උප ප්‍රධාන, පිරිමුදවාගත හැකි ඉහළ ඵලදාවක් සහිත බැඳුම්කරයක් ලෙස ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කිරීම සැලසුම විය. එහිදී එක් කොටසක් රුපියල් 100 ක් විය. කෙසේ වෙතත් පවතින වෙළෙඳපොළ අහිතකර තත්වය හේතුවෙන් මෙම නිකුතුව සිදු නොකරන බව සමාගම සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd