භානුක අමරසිංහ
කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 1.5ක ණය මුදලක් ලබා ගත් බව පවසයි. මේ සම්බන්ධයෙන් එම සමාගම ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ. සමාගමේ අදියර II ප්‍රාග්ධන අවශ්‍යතා ඉහළ නංවා ගැනීම වෙනුවෙන් මෙම ණය මුදල ලබා ගත් බව සමාගම පවසයි.
මෙහිදී එම ණය මුදල සමාගමේ සබැඳි පාර්ශ්වයක් හරහා ලබා ගෙන ඇතැයිද එම සමාගම සඳහන් කරයි. මෙය සුරක්ෂිත නොවූ, උපප්‍රධාන වසර පහකින් කල් පිරෙන ණයක් ලෙස සටහන්ව ඇති අතර ඒ සඳහා වන වාර්ෂික පොලී අනුපාතය සියයට 13කි. මෙම ණය මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේද අනුමැතිය හිමිව තිබේ. මෙම මුදල ඉදිරියේදී සමාගමේ ණය ලබාදීමේ කටයුතු සඳහා භාවිත කරන බවත් සමාගම වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොමර්ෂල් ක්‍රෙඩිට් රු.බි. 1.5ක ණයක් ගනියි