
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට අවුරුදු සමයේ මෙතෙක් හිමි වූ විශාලතම දීමනාව සමගින් මෙවර අලුත් අවුරුද්ද සැමරීමට අවස්ථාව ලබාදී තිබේ.
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන් සඳහා පමණක් අප්‍රේල් 30 වැනිදා දක්වා තෝරාගත් දිනවලදී දිවයින පුරා පිහිටි වෙළෙඳසල් 4,000 කදී සියයට 60ක් දක්වා වට්ටම් පිරිනමන බව බැංකුව නිවේදනය කර ඇත.
මෙම වට්ටම් සඳහා ඇඳුම් පැළඳුම් හා විලාසිතා උපාංග වෙළෙඳ හවුල්කරුවන් 183 දෙනකු, ජීවන රටාව ආශ්‍රිත නිෂ්පාදන හවුල්කරුවන් 60 දෙනකු, සපත්තු සහ සම්භාණ්ඩ හවුල්කරුවන් 27 දෙනකු, හෝටල් හවුල්කරුවන් 59 දෙනකු, ස්වර්ණාභරණ හවුල්කරුවන් 13 දෙනකු, සෞඛ්‍ය සේවා හවුල්කරුවන් 12 දෙනකු, රූපලාවන්‍යාගාර, ස්පා සහ රූපලාවන්‍ය හවුල්කරුවන් 12 දෙනකු, සුපිරි වෙළඳසල් හවුල්කරුවන් පස් දෙනකු, මෝටර් රථ හවුල්කරුවන් පස් දෙනකු, ඔරලෝසු හා උපාංග හවුල්කරුවන් හතර දෙනකු, සංචාරක සේවා හවුල්කරුවන් හතර දෙනකු සහ භෝජන හවුල්කරුවන් 12 දෙනකු දායක වන බව බැංකුව පවසයි.
මීට අමතරව, මෙම ප්‍රවර්ධන කාලය අතරතුර කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්හට අන්තර්ජාල හවුල්කරුවන් 73 දෙනකු වෙතින් ද වට්ටම් පිරිනමනු ඇත.
ප්‍රවර්ධන කාලය අතරතුර දී මිලදී ගන්නා ගෘහ විදුලි උපකරණ සඳහා මාස 60ක් දක්වා පහසු ගෙවීමේ සැලසුම් ද බැංකුව විසින් පිරිනමන බව ද බැංකුව තවදුරටත් පැවසූවේය.
2025 නොවැම්බර් මස 04
170
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2059
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොමර්ෂල් කාඩ්පත් හිමියන්ට අලුත් අවුරුද්දේ සියයට 60 ක් දක්වා වට්ටම්