ශ්රී ලංකාවේ තිබෙන වසර ගණනාවක් පැරණි වාහන අප්‍රිකා රටවලට අපනයනය කිරීමේ පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබේ.
රජය මේ තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල සෑම දිනකම පවතින අධික වාහන තදබදයට සහ අසාමාන්‍ය ප්‍රතිශතයකින් පසුගිය කාලය මුළුල්ලේ දිවයිනට ගෙන්වා ඇති වාහන ප්‍රමාණය යම් තරමකින් හෝ අඩු කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙසය.
අද පවතින ප්‍රවණතාවය යටතේ වසර 10 සිට 20 දක්වා පැරණි වාහන වුව ද අප්‍රිකා රටවලට අලෙවි කිරීමේ අවස්ථාව උදා වී තිබේ.
මේ තත්ත්වය ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාවේ පැරණි වාහන අප්‍රිකා රටවලට අපනයනය කිරීමේ ක්‍රමවේදය ඉදිරි අයවැය යෝජනාවලිය මගින් හදුන්වා දෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.
පැරණි වාහන 20කට වඩා අපනයනය කරන සමාගම් හෝ පුද්ගලයන්ට හෝ විශේෂ බදු සහනයක් දීමට කටයුතු කරන බව ද ඔහු පවසයි.
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ ලංකාවේ පැරණි වාහන අප්‍රිකා රටවලට අපනයනය කිරීම ඇරැඹිය හැකි යයි ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීරණයක්. සියලුම කබල් වාහන ඉවත් කරගන්න හොද අවස්ථාවක්. (ර)
හොද වැඩක්. (ර)
ඔක්කම ත්‍රි රෝද රථ අපනයනය කරන්න පුළුවන් නම් ලොකු දෙයක් (ම)
ඔක්කම ත්‍රි රෝද රථ අපනයනය කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. (ස)
එතකොට කබල් වාහන වලින් වෙන අනතුරුත් අඩු වෙයි. (ර)
කබල් වාහන යවන එක නම් හොදයි.. හැබැයි රවී කියන දේවල් ඒ තරම් ෂුවර් නැහැ. අනිත් දේ තමයි කබල් වාහන ධාවනයෙන් ඉවත් කර සැනින් අනතුරු අඩු කරන්න බැහැ. එකට නම් වැරදි කරන රියදුරන්ට එරෙහිව දැඩි දඩුවම් දෙන්න ඕනේ. (බ)
එ්ක හොඳ අදහසක්, පිටගැස්මට කියාපු බෙහෙත. (බ)
හොඳ අදහස, පිටගැස්මට කියාපු බෙහෙත..(බ)
හොද වැඩක් අපේ පුර්ණ සහය. (ර)
සංජීව, ධනාත්මක විදියට හිතන්න පුරුදු වෙන්න. (ර)
මේක නම් සුපිරි වැඩක් (නි)
කබල් වාහන රට යවනවා. අලුත් වාහනයක් ගන්න සල්ලිත් නැහැ අපිට. එතකොට? (නි)
සංජීව, ධනාත්මක විදියට හිතන්න පුරුදු වෙන්න. (නි)
මම හිතන්නේ නැහැ අප්‍රිකානු රට වලට වාහන යවන්න පුළුවන් කියලා. (ර)
මම හිතන්නේ නැහැ ඕක හරියන වැඩක් කියලා. ලංකාවේ වාහනවල මිල ජපානේ මිලට වැඩ ගොඩක් වැඩියි පරණ වාහන උනත් ජපානේ අලුත් ඒවාට වැඩ මිලයි. අනික අප්‍රිකාවට පරණ වාහන කෙලින්ම ජපානේන් ගෙන්න පුළුවන්. (ර)
අපි බලමු අත්හදා බලලා (නි)
මම හිතන්නේ නැහැ ඕක හරියන තොවිලයක් කියලා. ලංකාවේ වාහනවල මිල ජපානේ මිලට වැඩිය ගොඩක් වැඩියි. පරණ වාහන වුණත් ජපානේ අලුත් ඒවාට වැඩිය මිලයි. අනික අප්‍රිකාවට පරණ වාහන කෙළින්ම ජපානෙන් ගෙනෙන්න පුළුවන්. ලංකාවේ පරණ වාහන යවනවට වඩා අපේ අයට පුළුවන් ජපානෙන් පරණ වාහන කෙළින්ම අප්‍රිකාවට යවන්න.ඒක හොඳ ව්‍යාපාරයක් වේවි අපේ අයට. (නි)
මම හිතන්නේ නැහැ ඕක හරියන තොවිලයක් කියල. ලංකාවේ වාහනවල මිල ජපානේ මිලට වැඩ ගොඩක් වැඩියි පරණ වාහන උනත් ජපානේ අලුත් ඒවාට වැඩ මිලයි ඉතින් මෙහෙන් කන්ඩෙම් වෙච්ච නිකන් අරන් විකුන්නොත් මිසක්ක ඕක අපහසුයි. අනික අප්‍රිකාවට පරණ වාහන කෙලින්ම ජපනේන්න් ගෙන්න පුළුවන්. ලංකාවේ පරණ වාහන යවනවට වඩා අපේ අයට පුළුවන් ජපානෙන් පරණ වාහන කෙලින්ම අප්‍රිකාවට යවන්න.එක හොඳ ව්‍යාපාරයක් වේවි අපේ අයට. (බ)
ත්‍රි රෝද රථ අපනයනය කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.එතකොට ගේනකොට ගහපු බදු ආපහු ගෙවනවද? (බ)
ත්‍රි රෝද රථ අපනයනය කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.එතකොට ගේනකොට ගහපු බදු ආපහු ගෙවනවද?(හේ)
පවු ඒ රටේ මිනිස්සු.(හේ)
ඒක හොදයි.(හේ)
කරුණාකරලා එම අදහස අදම ඉල්ලා අස්කර ගන්ඩ. අප්‍රිකාව උඩින්වත් කවදාකවත් ගිහින් නැති අය අප්‍රිකාව ගැන කතා කරන්ඩ එපා. මම දැන් වසර 17 ක් අප්‍රිකාවේ ඉන්නේ. ලංකාවේ කබල් වාහන ගන්ඩ මෙහෙ මෝඩයෝ නැහැ. ඔය වගේ මෝඩ කතා කියන්ඩත් එපා. අප්‍රිකාව බාල්දු කරලා කතා කරන්ඩ එපා. අප්‍රිකාව ලංකාවට වඩා වැදගත් ගති ගුණ තිබෙන මිනිසුන් සිටින ප්‍රදේශයක්. මෙහෙ කොහෙවත් කබල් වාහන පාවිච්චි කරන්නේ නෑ. (බ)
රවී නේ කියලා තියෙන්නේ. වරදින එකක් නෑ. (ර)
එතකොට දුම්රිය සේරමත් යවනවද ? (ම)
යවන්නම බැරුව ගියොත් මුහුද මැදට දාන්න. එ්කත් රටට ලොකු සේවයක්. (බ)
යවන්නම බැරුව ගියොත් මුහුද මැදට දාන්න. එකත් රටට ලොකු සේවයක්. (ර)
ඉන්දික, ඔබ හරි මේක සෛද්ධාන්තිකව හොඳයි කියලා කෙනෙකුට පේන්න පුලුවන් නමුත් ප්‍රායෝගිකව කරන්න බෑ. (ර)
ඉන්දික ඔබ හරි මේක සෛධාන්තිකව හොඳයි කියල කෙනෙකුට පේන්න පුළුවන් නමුත් ප්‍රායෝගිකව කරන්න බෑ. අවුරුදු 12ක් විතර පරණ ඇලියන් එකක් ගත්තත් රුපියල් ලක්ෂ 30ක් විතර වෙනව ඉතින් කැමති වේවිද ඒ වගේ වාහන තියෙන අය කුණු කොල්ලෙට දෙන්න. (බ)
අප්‍රිකාව යනු පොහොසත් කලාපයකි (ම)
අපේ ගෙදරත් තියෙනවා කබලක් එකත් අරන් කියියක් හරි දෙන්නකෝ. (ර)
දිරපු වාහනත් ගන්නවද.? (ර)
කසි කබල් වාහන ඔක්කොම අයින් කරන්න ඕන. (ර)
පරණ කොච්චි පෙට්ටි ටිකත් එකතුකලොත් ඒවත් මේ වැඩේට යොදා ගත්තහැකි. (ර)
කවුද ඔය යෝජනාව මුලින්ම ගෙනාවේ.(හේ)
නිකන් දුන්නත් ගනීද දන්නේ නෑ.(හේ)
ඒ වගේ රටකට යැවුවොත් තමයි.(හේ)
ඒ රටේ මිනිස්සු මෝඩ නෑ අපේ අය වගේ.(හේ)
අපේ රටේ මිනිස්සු පරණ වාහන වෙනත් රටකින් ගත්තත් ඒ රටේ මිනිස්සු ගනියි කියලා හිතන්න බෑ.(හේ)
මොන මොඩයද වෙනත් රටකින් පරණ වාහන ගන්නේ.(හේ)
කරන්න පුළුවන් දෙයක් කියන්න.(හේ)
මගේ වාහනෙත් හොද ගාණකට විකුණ ගන්න පුළුවන් වෙයි.(හේ)
පවු අහිංක මිනිස්සුන් කරන්න හදන වින්නැහියක්.(හේ)
මේ දේ නිසා ලංකාවේ පරණ වාහන ඔක්කොම රට පටවයි.(හේ)
ඇමතිතුමා හිතන්නේ මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපොළට නැව් එනවා කියලද? (බ)
මේක හොද අදහසක් නෙවේ අපිට හොඳ නැති දේවල් තවත් කෙනෙක්ගේ අැගේ ගහන්නේ අැයි? ප්‍රතිචක්‍රියකරණය තම හරි දේ පරණ යකඩ විදිහට අයින් කරන්න හිමිකරුවන් කැමතිනම් පමණක්.නැත්නම් ගෙවීමක් කරන්න අලුත් එකක් ගන්න.එ්ත් නැත්නම් පෙර්මිට් එකක් දෙන්න පරණ එක අරගෙන. (බ)
මමත් පසුගිය වසර හතක් රස්සාව කරන්නේ දකුණු අප්‍රිකාවේ මෙහාට නම් පරණ වාහන ගන්න පිස්සෝ නැහැ මම දන්නා විදියට ගොඩක් දුප්පත්ම රටවලත් තියෙන්නේ හොඳම වාහන තියෙන්නේ සමහර විට සෝමාලියාවට හරි දකුණු සුඩානයට පුළුවන් වේවි (බ)
මමත් පසුගිය වසර හතක් රස්සාව කරන්නේ දකුණු අප්‍රිකාවේ මෙහාට නම් පරණ වාහන ගන්න පිස්සෝ නැහැ මම දන්නා විදියට ගොඩක් දුප්පත්ම රටවලත් තියෙන්නේ හොඳම වාහන තියෙන්නේ සමහර විට සෝමාලියාවට හරි දකුණු සුධනයට පුළුවන් වේවි (හේ)
වෙන්න පුළුවන් ප්‍රායෝගික දෙයක් ගැන කියන්නකෝ (නි)
සුරංගනා කතා නම් අපිට එපා (නි)
වෙනවා නම් හුඟක් හොඳයි. ඒත් ඉතින් අපිටත් යමක් කමක් තේරෙනවා (නි)
මේවා කෙරෙන වැඩද? (නි)
කරලා බලමු නේද? (නි)
නියමයිනේ (නි)
කරුණාකර අදහස් දැමීමට පෙර ප්‍රවෘත්තිය නැවත හොඳට කියවන්න. අප්‍රිකාවට නෙමෙයි යවනවා කියලා තියෙන්නේ. අප්‍රිකානු රටවලට. (නි)
මේක කරන්න පුලුවන් දෙයක්ද? (නි)
අවුරුදු 10 - ක් 15 ක් පරණ ඕනෑම ජාතියේ වාහනයක් සඳහා වැඩිම මිල තියෙන්නේ ලංකාවේ. අප්‍රිකානුවන්ට ලංකාවෙන් වාහනයක් ගන්නවට වඩා 5 ගුණයක අඩු මුදලට ජපානෙන් ඒ වාහනෙම ගන්න පුළුවන්. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔය දේ වෙන්නේ නැති වැඩක්.හැබැයි ඉතින් රජයේ වාහන නම් පටවන්න පුළුවන්. එත් ජපන් වාහන වල වටිනාකමට දුන්නොත් තමයි.එහෙම කළොත් ඒක රජයක් ලෙස ජනතාවට කරන බරපතල පාඩුවක් වෙනවා. (නි)
කරන්න පුළුවන් නම් නියමයි (නි)
බලමුකෝ... (නි)
මෙතන ඉන්න කවුරුවත් ඕනෑවට වැඩිය අප්‍රිකාව වර්ණනා කරන්න එන්න එපා. මම ජීවත්වෙන්නේ ප්‍රංශයේ. මසකට දහ පහළොස් වතාවක් ව්‍යාපාර කටයුතු වලට අප්‍රිකාවට යනවා. අප්‍රිකාවේ වැඩියෙන්ම තියෙන්නේ ප්‍රංශයට යටත්වෙලා තිබුන රටවල්. (නි)
මේ දේවල් වලින් අන්තිමට වෙන්නේ අපිට කබල් වාහනයක්වත් ගන්න බැරිවෙන එක (නි)
ඉස්සරහට අවුරුදු 10 ට වඩා පැරණි වාහන වලට අධික බද්දක් අයකරනවා. එතකොට ළඟ තියාගන්න්නවට වැඩිය විකුණන එක ලාබයි. ඒ හින්දා අපේ අයට ඉල්ලන ගානට දෙන්න වෙනවා. ඒ හින්දා පරණ වාහන ගන්න එපා. (නි)
ජපානේ පරණ වාහන නිකන් ගන්නත් තියෙද්දී ලංකාවෙන් ලංකාවෙන් දිරපු පරණ වාහන විකුණන්න පුලුවන්ද? ජපානේ අප්‍රිකාවේ හැම රටකම මිනිස්සු ඉන්නවා. එහෙම පුලුවන්නම් ඒ මිනිස්සු ජපානේ තියෙන හොඳ පරණ වාහන යවන්නේ නැතුව ඉන්නවද? (නි)
මල්ලි මේක අප්‍රිකාව දන්නැති එකෙක්ගේ විහිළුවක්. ගණන් ගන්න එපා. (බ)
කබල් වාහන ඇයින් කරන එකනම් හොද දෙයක්. (ර)
පඥාසේකර හාමුදුරුවන්ගේ කතාව සහතික ඇත්ත. මමත් අප්‍රිකාවේ ඉන්න කෙනෙක් මෙහෙ ලංකාවේ කසිකබල් වහනයක් ගන්න පුළුවන් සල්ලි වලින් අලුත් වාහන ගන්න පුළුවන්. මෙහෙ කබල් වාහන ගන්න මෝඩයෝ නැහැ තමන් කැමති ඕනෑම වහනයක් ජපානයෙන් මෙහෙට ගෙන්නන්න පුළුවන්. ලංකාවට ඕනෙනම් අප්‍රිකාවෙන් පටවන්න පුළුවන්. (ර)
කියුබාව තමයි හොඳම රට. ඒත් තාම සම්බාධක ඉවර කරලා නැහැනේ. ඒත් එතකොට එයාලා ළඟ තිබෙන ඇමරිකාවෙන්ම වාහන ගනීවි. (නි)
මම ඉන්නේ ටැන්සානියාවේ. මෙහේ ඉන්න මිනිස්සු ලංකාවේ ඉන්න මිනිස්සුන්ටත් වඩා හොඳ වාහන භාවිතා කරන්නේ.අනික මෙහෙ මිල ලංකාවේ ඒවාට වඩා අඩුයි.ප්‍රාඩෝ එකක් ගන්න පුළුවන් ලංකා මුදලින් 1,000,000 ටත් වඩා අඩුවෙන්. (නි)
රවී ඇමතිතුමාට මතක්‍කරන්‍න ඕනෑ, 2018න් පස්‍සෙ අපේ වහළවල් වලින් ගළවන ඇස්‍බැස්‍ටස් තහඩු ටික දෙන්‍නත්, අප්‍රිකාවේ කාවහරි හොයන්‍න කියලා (නි)
විහිලු කරන්න නම් එපා අපිට (නි)
අපේ රටට වඩා ආර්ථික වශයෙන් පහළ මට්ටමක සිටින ටැන්සානියාවේ නාගරික ප්‍රදේශ තුලට ත්‍රි රෝද රථ සහ මෝටර් බයිසිකල් ඇතුළු කිරීම තහනම්. (බ)
අපේ රටට වඩා ආර්ථික වශයෙන් පහළ මට්ටමක සිටින ටැන්සානියාවේ නාගරික ප්‍රදේශ තුළට ත්‍රීරෝද රථ සහ මෝටර් බයිසිකල් ඇතුළු කිරීම තහනම්. (නි)
සිංගප්පුරුවේ වගේ අවුරුදු පහට වඩා පැරණි වාහන ධාවනයෙන් ඉවත් කල යුතුය. (ර)
අළුත් දැක්මක්, අළුත් රටක්! (නි)
පරණ වාහනේ රට යවලා මොකටද? අළුත් වාහනයක් ගන්න සල්ලි නැහැනේ අපිට (නි)
මේවා රට යවන්න ගත්තොත් ලංකාවේ වාහන නැත්තටම නැතිවෙයි (නි)
මේවා පිටරට වලින් ගනීද? (නි)
හරියයිද කියලා බලන්න ඉතින් කරලා බලන්න එපායැ (නි)
කරන්න පුළුවන් නම් රටම ගොඩ (නි)
අදහස නම් හොඳයි ඉතින්. (නි)
සාර්ථක වුණොත් අපේ වාසනාව! (නි)
බලනකොට වැඩිදෙනෙක් ජීවත්වෙන්නේ අප්‍රිකාවේනේ. මමත් එහෙ තමයි (නි)
මේක කරන්න පුළුවන්වෙයිද? (නි)
අදහස නම් හොඳයි (නි)
ලංකාවේ රථවාහන තදබදයට ප්‍රධාන හේතුව ත්‍රීරෝද සහ මෝටර් සයිකල්. කරන්න තිබෙන හොඳම දේ ත්‍රීරෝද ගෙන්වීම නතරකිරීම සහ තව අධිවේගී පාරවල් කීපයක් හැදීම. (නි)
වාහන රට යවන එක නෙමෙයි විසඳුම.හොඳ මහජන ප්‍රවාහන ක්‍රමයක් හදන්න. මුලින්ම අලුතෙන් දුම්රිය සංඥා දාලා මේ කෝච්චි ටික වෙලාවට යවන්න. ප්‍රධාන නගරවලට කලින් මහජන රථ ගාල් හදලා හොඳ බස් සේවයක් දාන්න. මාස 2න් ඔය ඔක්කොම තදබද ඉවරයි. (නි)
එහෙනම් අපේ පරණ කාර් එකත් රට යවන්න පුළුවන්වෙයි (නි)
පීනන්න පුළුවන්ද බලන්න වතුරට බැහැලාම බලන්න ඕනෑනේ (නි)
හොඳ අදහසක් (නි)
ඕක කරන්න පුළුවන් ලංකාවට ගෙන්වන වාහන වලට ගහන බද්ද අඩුකර තම පරණ වාහන අප්‍රිකාවට පටවන්න බාරදෙන වාහන හිමියන්ට යම්කිසි බදු සහනයක් දුන්නොත්. ලංකාවේ වාහන තදබදයට හේතුව පරණ වාහන මෙන්ම නිසි පරිදි ගුවන් පාලම් ඉදිනොවීම,පිටපළාත් වල සිට කොළඹට එන මාර්ගය නොදන්නා රියදුරන්ට මාර්ගය සොයාගැනීමට උදවුවෙන පුවරු අඩුවීම වැනි දේවල්ය (නි)
හොද වැඩකට අකුල් හෙලන්න එපා. (ර)
මේ වැඩේ කවදාකවත් හරියන්නෑ මොකද පරණ වාහනයක් තියෙන්නේ දුප්පත් එදාවේල හම්බකරගෙන කන අය ළඟ. (ර)
අනේ දෙවියනේ මේ වගේ මුදල් අමාත්‍යවරකේ පත් කරගනද අපිත් යහ පාලනයට ඡන්දෙ දුන්නේ. ඇමති තුමා කරුණා කරලා පොඩ්ඩක් අපි ගැන හොයල බලල කතා කරන්න. ලංකාවේ වාහන මිල බලන කොට අප්‍රිකා වලින් ලංකාවට වාහන යවන්න හැකි බව තේරුම් ගන්න. මෝඩ කම ලෝකෙට පෙන්නන එපා . අපි ඉන්නේ අප්‍රිකා වල. ලංකාවේ ත්‍රීවිල් එකක් ගන්න සල්ලි වලින් මෙහෙ පොඩි ජපන් කාර් එකක් ගන්න පුළුවන් (බ)
මේක නම් සාර්ථක වෙනවා සිකුරුයි (නි)
එහෙම බැලුවොත් මුළු ලංකාවේම වාහන ටික යවන්න වෙයි (නි)
අයියෝ! ඕකවත් දන්නේ නැතුවද මේ බෙරිහන් දෙන්නේ? පරණ වාහන එහෙ පටවන්නේ ඇයි කියලා (නි)
මේක හොඳ සල්ලි හොයන ක්‍රමයක් (නි)
සාර්ථක වේවා! (නි)
නියමයිනේ! (නි)
අයියෝ! මේ මොකද කට්ටිය කලබලවෙලා? ඔය පරණ වාහන යවන්නේ යකඩ වලට උණු කරන්න වෙන්න පුලුවන්. (නි)
අප්‍රිකන් රටවල අපේ රටට වඩා හොද වාහන පාවිච්චි කරනවා.(ම)
වාහන තද බදය අඩු කරන්න සහ විදේශ විනිමය ඉතුරු කර ගන්න. (ර)
ලංකාවේ බහුතරයක් මිනිසුන්ට තවම වාහනයක් කියන්නේ සිහිනයක්.පරණ කාර් හොඳ ගානකට තවම ලංකාවේ විකුණන්න පුළුවන්.පරණ එක විකුණලා කොහොමද අලුත් එකක් ගන්නේ? (නි)
අලුත් වාහන වලට කවුද අකමැති? (නි)
වාහන ගන්න තියා අපිට කන්නවත් සල්ලි නැහැ (නි)
මම හිතාගෙන හිටියේ මේ ආණ්ඩුව ආවහම වාහනයක් ගන්න තමයි (නි)
අපිට කොයින්ද වාහන ගන්න සල්ලි? (නි)
හදවතින්ම සුබ පතනවා සාර්ථක වෙන්න (නි)
කබල් කිවුවට ඔය වාහනත් පාරේ දුවනවා. කවුරුත් කැමතියි අලුත් වාහනයක් තියාගන්න. නමුත් කෝ සල්ලි? අද වාහනවල මිල වැඩිවෙලා තිබෙන්නේ වාහනවල හොඳකමට නොවෙයි, බදු ගැහීම නිසා. ඉතින් තිබෙන පරණ වාහනයත් විකුණලා අලුත් එහෙත් සාමාන්‍ය එකක් ගන්න රුපියල් කෝටි බාගයක් වියදම් කරන්න පුළුවන් කාටද? කබල් එකක් භාවිතා කරන්නේ අලුත් එකක් ගන්න බැරි මිනිස්සු. (නි)
ජය වේවා. (ස)
ඕකෙන් වෙන්නේ කබල් වාහන පිටරට යන එක නෙමෙයි,අපෙ රටේ තිබෙන පෞරාණික වටිනාකමක් තිබෙන වාහන පිටරට වලට යන එක. (නි)
මේක හරිගියොත් මමත් මගේ වාහනය යවනවා (නි)
කොපමණ නැති බැරි උනත් ඔය රටේ මිනිස්සු බලන්නේ අඩු මුදලට හොඳම දෙයක් ගන්න. හොඳට පෙනුම තියෙන දේවල් වලට තමා කැමති. (ස)
මේක වාහන අපනයන කරන අයගේ යෝජනාවක් වෙන්න ඇති ? අපේ රටේ බදු ගොඩක් අයකරන රටක් ඊට අනුකුලව තමා වාහන මිල හැදෙන්නේ .ජපානේ වාහන අඩු නිසා ජපානෙන් ගන්න එක හොඳයි. (ස)
කබල් වාහන දැන්නම් ලංකාවේ වැහිවැහැලා (නි)
මට නම් මේ ගැන ලොකු විශ්වාසයක් නැහැ (නි)
කරන්නත් කලින් සමහරු දොස් කියනවනේ! (නි)
හරියයිද නැද්ද බලන්න කරලා බලමුකෝ (නි)
හරිගියොත් නම් නියමයි නේද? (නි)
මම පිටරට ඉඳලා පරණ වාහන සිය ගානක් අප්‍රිකානු රටවලට අපනයනය කරලා තියෙනවා. නමුත් ලංකාවේ වාහන වල තත්වය අනුව මම නම් හිතන්නේ නැහැ සාර්ථක වේය කියලා (නි)
මෙහෙ මොලේ අමාරුකාරයෝ හිටියට අප්‍රිකාවේ පිස්සෝ නෑ මෙහෙ කබල් වාහන ගන්න. අවුරුදු 25ක් විතර පරණ වාහන වලට මෙහෙ කියන ගණන් ඇහුවහම අප්‍රිකන් කාරයන්ටත් පිස්සු හැදෙයි. ඇමතිතුමාගේ හයිබ්‍රිඩ් බදු, 90% ලීසිං වගේ කතා බලපුවහම් මේ අන්ඩරය පුදුමයක් නෙවෙයි. (බ)
අපිටත් අලුත් එකක් ගන්න පුලුවන් වෙයි (නි)
සාර්ථක වෙන්න කියා පතනවා (නි)
මත්තල ගුවන් තොටුපළෙන් අප්‍රිකාවට කාර් පටවන්නේ ඇයි? (නි)
මන්ත්‍රීලට වගේ ඩියුටි ෆ්‍රී ෆර්මිට් මේ පරණ වාහන රට පටවන්නන්හටත් දුන්නොත් හොඳ නැද්ද? (නි)
පරණ වාහන තිබෙන්නේ ඉතින් දුප්පත් අයටනේ (නි)
කට්ටිය රැවටිලා. පරණ වාහන වල මිලත් නග්ගයි වගේ (නි)
වෙනවා නම් ඉතින් අපිත් කැමතියි (නි)
දැන් කට්ටිය හිතන්නේ මේක මෙහෙමම වෙයි කියලද? (නි)
ඒකෙන් මේකෙන් වෙන්නේ අපිට වාහනය කියන දේ සිහිනයක් වෙන එක (නි)
සල්ලි ලැබෙනවා නම් අපිට හොඳයිනේ ඉතින් (නි)
කබල් වුණත් මොකෝ සල්ලි ලැබෙනවා නම් (නි)
අද කාලෙ මහජනතාව බොහොම බුද්ධිමත් මහත්තයෝ (නි)
මත්තලින් ප්ලේන් එකෙන් අප්‍රිකානු රටවලට ගෙනියන්න තරම් එයාලට මේවා වටිනවා එහෙනම්. (නි)
රවී කොහොමත් බුද්ධිමත් කෙනෙක් (නි)
බුද්ධිමත්ව සිතනවා නම් මේක කරන්න බැරි නැහැ (නි)
සල්ලි අදින්න පුලුවන් හැම විදිහකටම අපි ඒක කරන්න ඕනෑ (නි)
මේක කරන්න බෑ.ඇයි මත්තල වී ගබඩා කරානෙ.(ම)
මේක කරන්න බෑ. ඇයි මත්තල වී ගබඩා කරානෙ. (බ)
හරිගියොත් ඉතින් අපිටමනේ! (නි)
නරකම නැහැ අදහස නම් (නි)
මීටවැඩිය හොඳ නැද්ද අපේ සමහර පරණ දේශපාලකයෝ අප්‍රිකාවට පැටෙවුවා නම්. (නි)
පරණ වාහන ගොඩගහගෙන ඉන්නවට වඩා නම් හොඳයි තමයි (නි)
අපේ වාහනෙත් රට පටවන්න පුලුවන් වෙයි වගේ (නි)
දැන් මෙතන බනින අය මෙහෙම කියන එකක් නැහැ වැඩේ හරිගියොත් (නි)
ඇත්තටම මේ වගේ නව අදහස් අපේ රටට අවශ්‍ය කාලයයි මේ (නි)
මගේ එකත් විකුණගන්න හොද අවස්ථාවක්. කව්රුත් ගන්නෑ මේක. (ර)
මමත් කැමැතියි මේ වැඩේට. (ර)
මම පාවිච්චි කරන්නෙත් 1988 වහනයක්, අවරුදු 3ක් වෙනවා අරගෙන. ලක්ෂ 15 උනා එතකොටත්, නමුත් ඒ වාහනය අලුතෙන් එන ඉන්දියන් වාහන වලට වැඩා හොදයි. තවත් කාලයක් කරදරයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්, (ර)
මම පාවිච්චි කරන්නෙත් 1988 වහනයක් , අවරුදු 30 ක් වෙනවා අරගෙන ලෂ්ෂ 15 වුණා එතකොටත් , නමුත් ඒ වහනය අලුතෙන් එන ඉන්දියන් වාහන වලට වැඩ හොදයි තවත් කාලයක් කරදරයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන් , එත් බලන්න ඉන්දියන් වහනයක් අවුරුදු 5හ පනිනකොට කැලි හැලෙනවා. අමාරුවෙන් ලීසිං දාලා ගත්ත වාහනේ රවී කියනවා නම් රට පටවන්න කියල . කරුණාකර අපිට අලුත් එකක් දීල ඉන්න . අපිට සල්ලි නෑ අලුත් ඒවා ගන්න (අ)
මම පාවිච්චි කරන්නෙත් 1988 වාහනයක්. අවුරුදු 3ක් වෙනවා අරගෙන. ලක්ෂ 15 වුණා එතකොටත්. නමුත් ඒ වාහනය අලුතෙන් එන ඉන්දියන් වාහන වලට වැඩිය හොඳයි. තවත් කාලයක් කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒත් බලන්න ඉන්දියන් වාහනයක් අවුරුදු 5 පනිනකොට කෑලි හැලෙනවා. අමාරුවෙන් ලීසිං දාලා ගත්ත වාහනේ කියනවා නම් රට පටවන්න කියලා, කරුණාකර අපිට අලුත් එකක් දීලා ඉන්න. අපිට සල්ලි නැහැ අලුත් ඒවා ගන්න (නි)
අමාරුවෙන් ලීසිං දාලා ගත්ත වාහනේ. කරුණාකර අපිට අලුත් එකක් දීල ඉන්න. අපිට සල්ලි නෑ අලුත් ඒවා ගන්න. (ර)
හොඳ වැඩක් කරනකොට සහයෝගය දෙන්න. අද පාරේ යන්න පුලුවන්ද? රටක් දියුණුවෙනකොට මේවාගේ දේවල් වෙන්න ඕනෑ.යහපාලනයට ජය වේවා! (නි)
මේ කතාවක් හරියට අලිමංකඩ - පාමංකඩ වගේ ! (නි)
කරුණාකරලා කන්නවත් සල්ලි නැහැ කියන අය ගෙදර වත්තේ මඤ්ඤොක්කා, බතල, කොස් ටිකක් හිටවගන්න, අන්තර්ජාලයේ ඉන්න වෙලේ (නි)
තවත් මෙගා දූෂණයකට පාර හැදීමක් නොවේ නේද? (ත)
ඇමතිතුමා තවත් මෙගා දූෂණයකට පාර හදාගන්නව වගෙයි මටනම් පේන්නෙ (බ)
මා ළඟත් පරණ වහනයක් තියනවා යවමු අප්‍රිකාවට අවරුදු 25 මම බැදන් හිටිය (අ)
කාර් වෑන් කොහොම වෙත ත් ලංකාවේම ත්‍රීරෝද ටික යවා ගන්න පුලුවන්නම් ලොකු දෙයක්.(රේ)
බජට් එක බැලන්ස් කරගන්න බැරුව කියන පිස්සු කථා ගැන කලබල වෙලා කමෙන්ට් දා ගෙන නිකම් රන්ඩු වෙන්න එපා කියලා මම ගොඩක් දෙනෙක්ට කියනවා! (රේ)
බජට් එක බැලන්ස් කරගන්න බැරුව කියන පිස්සු කථා ගැන කලබල වෙළා කමෙන්ට්ස් දා ගෙන නිකම් රන්ඩු වෙන්න එපා කියලා මම ගොඩක් දෙනෙක්ට කියනවා! (බ)