IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් යළි නිෂ්පාදන කටයුතු අරඹයි

කණ්ඩායම් හැඟීමේ සහ අප්‍රතිහත ධෛර්ය ශක්තියේ විස්මයජනකභාවය පෙන්නුම් කරමින් ගින්නෙන් සම්පුර්ණයෙන්ම විනාශ වූ සිය ගම්පොළ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු මාසයකටත් අඩු කාලයකදී නැවත ආරම්භ කිරීමට සමත්වූ බව කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම නිවේදනය කරයි.
පසුගිය ජූලි මස 28 වැනිදා එම කර්මාන්තශාලවේ හටගත් ගින්න හේතුවෙන් පෙන්ගුවින් සන්නාමයේ නිෂ්පාදන කටයුතු සඳහා අත්‍යවශ්‍ය උපකරණ ඇතුළුව සම්පූර්ණ නිෂ්පාදන යන්ත්‍රෝපකරණ පද්ධතිය සහ මුළු ගොඩනැගිල්ලම බරපතළ ලෙස විනාශ වූ අතර, එම සිදුවීම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ගෘහස්ත නාමයක් මෙන්ම ගම්පොළ ප්‍රදේශයේ කැපී පෙනෙන ව්‍යාපාරික සමාගමක් බවට පත්වී සිටි එම සමාගමේ වසර 50ක ඉතිහාසය තුළ සිදුවූ විශාලතම විනාශයද විය. 
කෙසේ වෙතත් වාර්තාගත කාලයක් ඇතුළත එහි නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීමට සමාගම සමත්වීම විශිෂ්ට පුනරාගමනයක් ලෙස සැලකෙන අතර, එම කර්මාන්තශාලාවේ වැඩකටයුතු කඩිනමින් යථා තත්වයට පත් කිරීම සඳහා එහි කාර්ය මණ්ඩලයේ අසාමාන්‍ය කැපවීමත්, හවුල්කරුවන්,  ගනුදෙනුකරුවන් සහ මෙරට සමස්ත ප්‍රජාව විසින් ලබා දුන් නොසැලෙනසුළු සහයෝගයත් ඉවහල් වූ බව නිල නිවේදනයක් නිකුත් කරමින් සමාගමේ අධ්‍යක්ෂ  මණ්ඩලය සඳහන් කළේය. 
එම සිදුවීමෙන් මාසයක් ඇතුළත නැවත ගම්පොළ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ බව ද එම නිවේදනය මගින් තහවුරු කළේය. මෙම වේගවත් පෙරළිය සමාගමේ ශක්තිමත් පදනමට සහ ගැඹුරු ප්‍රජා සම්බන්ධතාවට කදිම සාක්ෂියක් බවද එහි සඳහන් වේ.  



අදහස් (0)

කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් යළි නිෂ්පාදන කටයුතු අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site