විදේශ කටයුතු අමාත්‍යාංශ කොන්සියුලර් අංශය සදහා නව කාර්යාල දෙකක් යාපනය සහ මාතර දී ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි ද ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි ද විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා අද (18) පැවසීය.
අමාත්‍යාංශ කොන්සියුලර් අංශයේ කටයුතු විමධ්‍යගත කරමින් රටේ ජනතාවට විධිමත් හා කාර්යක්ෂම ආකාරයේ සේවාවක් ලබාදීම සඳහා මෙලෙස නව කොන්සියුලර් කාර්යාල පිහිටුවෙන් බවද විදේශ අමාත්‍යවරයා කීය.
ඒ අනුව යාපනයේ කොන්සියුලර් අංශයේ කාර්යාලය ලබන ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත කරන අතර මේ මඟින් උතුරේ ජනතාවට මෙන්ම නැඟෙනහිර සහ උතුරු මැද පළාත්හි වෙසෙන ජනතාවට ද සිය සේවාවන් පහසුවෙන් ඉටුකර ගැනීමට හැකිවනු ඇතැයි හෙතෙම පෙන්වා දේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක් කොච්චර නම් රස්තියාදු වෙනවද කොළඹට එන්න ගියාම. (අ)