(ඩි.ජී.සුගතපාල)
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කන්නෙලිය වනාන්තරය ආශ්‍රිත නිවාසවලට සංචාරකයින් නතරකර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදිමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි ගාලු දිසා වන නිලධාරි මොහාන් හිනටිගල මහතා පැවසීය.
ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ තෝරාගත් නිවාසවලට සංචාරකයින්ට නවාතැන්දීම සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබාදීම, නාන කාමර අලුත්වැඩියා කරදීම,ගෙවත්ත සකස් කිරීම ආදිය සිදුකර දෙන බව ඒ මහතා කීය.
ගෙවත්තේ වැවෙන එළවලු සහ පලතුරු ආහාරයට ගනිමින් වනාන්තරයේ ඇවිද ඇළදොළවලින් දිය නා ගෙවත්තේ නිදහසේ සිටින මෙම “හෝම් ස්ටේ“ ක්‍රමයට විදේශීය සංචාරකයින් බොහෝ කැමැත්තක් දක්වන බවත් ඒ නිසා දිවයින පුරා වනාන්තර ආශ්‍රීතව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
දැනටමත් කන්නෙලිය ආශ්‍රිත නිවාස දහයකට මෙම පහසුකම් සපයා ඇති අතර මෙම වසර අවසානයට පෙර තවත් නිවාස හතරකට පහසුකම් සපයා දෙන බවත් මේ තුළින් ප්‍රජාවගේ ආදායම ඉහළ නැංවෙනවා මෙන්ම වන සංරක්ෂණයට ප්‍රජාවගේ දායකත්වය ලැබෙන බවත් ඒ මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඒ වනාන්තරෙත් ඉවරයි.......... ලෝකේ උන්ට පෙන්නන කියල ඕකට රිංගන්න ගතට පස්සේ ඉතුරුවෙන්නේ කාන්තාරයක් කරලා තමයි
නැවතුනාට කමක් නැහැ හැබැයි. අපේ රටේ වනාන්තරවල පැලැටි, කුඩා කෘමින් ආදිය හොරෙන් අරගෙන යන්න හැදුවොත්
ඉතාම හොඳ ප්‍රවනතාවක්. අද ලංකාවට පැමිණ දින කිහිපයක් ගතකරන සංචාරකයින් විශාල හෝටල් වල සිටිනවාට වඩා, මෙවැනි තැන්වල නිදහසේ ගත කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා.
මේ විය යුත්තක්. පාරිසරික සංචාරක ව්‍යාපාරය නංවන ගමන්ම එහි ප්‍රතිලාභ බිම් මට්ටමේ ජනතාවටයි ලැබෙන්නේ. අනෙක් අතට ඒ පරිසරය නිසා සංචාරකයො එන බව දැන ගත්තාම ඒ ප්‍රජාවත් පරිසරයට හානි කරන්න පෙළඹෙන්නේ නෑ.
ඔන්න මම ගොඩක් අය නොදන්නා දෙයක් කියන්නම්, අපේ රටට සම්පතක් වූ, දේශීය වෙදකමට නැතුවම බැරි "බිං කොහොඹ" පැලෑටිය දන්නවද? අන්න ඒ අපේ පැලටියටත් "පේටන් බලපත්‍රය" තියෙන්නේ ඇමෙරිකාවට, අපිට නෙමෙයි, අපිට ඇමෙරිකාවෙන් අවසර නොගෙන අපේ පැලෑටියෙන් කිසිම බෙහෙතක් හදන්න, විකුණන්න, පර්යේෂණ කරන්න බැහැ. කොහොමද ඇමෙරිකාව රෙද්දේ දාගෙන අපිට ලැබිලා තියන දේවල්?
තියෙන්නෙ එච්චරයි ඒකත් කාලා දානකන් ඉවසිල්ලක් නැහැ
විල්පත්තුව ඉවරයි, නකල්ස් වල කොටසක් සුද්ද කළා .. දැන් කන්නෙලිය...යන අය ගිහින් බලල ආපු දෙන..ලගින්න දෙන්න උවමනාවක් නැහැ .කලේ ඉන්න දෙනවා කියන්නේ එතන නවාතැන් හදන්න ඕනේ, ලයිට් ,වතුර සියලු පහසු කම් දෙන්න ඕනේ ඉතින් කැලේ විනාශ වෙනවා කියන්න ඕනේ නැහැ නේ... මෙතරම් කල් නිදහසේ අපිට හුස්ම ගන්න ඔක්සිජන් දීලා ,පිරිසිදු වතුර ටික දීලා ,සත්තුයි රටයි අපෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නැතිවම බලාගත්තු එකට මේ රටේ වන පද්ධතිය ට පින් දෙන්න ඕනේ.