IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කන්දකුලිය සංචාරක ව්‍යාපාරයේ අර්බුදය

  • කල්පිටියේ මේ වන විට සංචාරක හෝටල් 150 කට ආසන්න සංඛ්‍යාවක් ඇති අතර, එයින් බහුතර සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ කන්දකුලිය වෙරළ තීරය ආශ්‍රිතවයි
  • ලෝකයේ ජනප්‍රියතම ජල ක්‍රීඩාවක් වන කයිට් සර්පින් (මුහුදු සරුංගල්) සඳහා ලෝකයේ විවිධ රටවලින් එන්නේ කන්දකුලියට
  • මේ වනවිට සිදුවන වෙරළ ඛාදනය සංචාරක ව්‍යාපාරයට මරු පහරක්
  • මුහුදු ඛාදනය හේතුවෙන් මුහුදු තීරය ආශ්‍රිතව ඉදිකර තිබු සංචාරක හෝටල් හා කබානා ඇතුළු අනිකුත් පහසුකම් සියල්ලම විනාශයේ
  • මේ වෙරළ තීරය බේර ගන්න තාමත් නිලධාරීන්ගෙ පැත්තෙන් ලොකු වැඩක් වෙලා නැහැ
  • කඩිනමින් ක්‍රියා මාර්ග නොගත්තොත් සිදුවෙන්නේ ලොකු විනාශයක්

සටහන ඡායාරූප ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ


දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් වශි කළ කන්දකුලිය වෙරළ තීරය මුහුදු ඛාදනයට ලක්වීමෙන් සංචාරක ව්‍යාපාරයට මරු පහරක් එල්ල වෙමින් තිබෙන බව එම කර්මාන්තයේ නිරතවන්නෝ පවසති.
පුත්තලම දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණය දිනා ගත් කල්පිටිය අර්ධද්විපයේ පිහිටි කන්දකුලිය සුන්දර වෙරළ තීරයකට හිමිකම් කියනු ලබයි.
රටට ඩොලර් රැගෙන ඒමේ සුවිශේෂ කටයුත්තක නිරත වෙමින් පෞද්ගලික ව්‍යවසායක පිරිස් සංචාරකයන් වෙනුවෙන් අදාළ පහසුකම් සපයමින් දැවැන්ත මුදල් සම්භාරයක් වැය කරමින් කන්දකුලිය වෙරළ තීරය ආශ්‍රිතව සංචාරක හෝටල් පද්ධතියක් පවත්වාගෙන යාම අරඹා ඇත්තේ දශක දෙකකට ආසන්න කාලයක සිටය.
එහෙත් මේ වන විට මෙලෙස දැවැන්ත මුදල් සම්භාරයක් වැය කරමින් සංචාරකයන් වෙනුවෙන් යටිතල පහසුකම් සපයමින් සිටින ව්‍යවසායකයන් අන්ත අසරණ වී ඇත්තේ කන්දකුලිය වෙරළ තීරය නොසිතු ලෙස දරුණු ඛාදනයට ලක්වීම හේතුවෙන් තම කර්මාන්තය අවාසනාවන්ත ඉරණමකට මුහුණදීම හමුවේය.
කල්පිටියේ මේ වන විට සංචාරක හෝටල් 150 කට ආසන්න සංඛ්‍යාවක් ඇති අතර, එයින් බහුතර සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ කන්දකුලිය වෙරළ තීරය ආශ්‍රිතවය.
කන්දකුලිය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකාර්ෂණය වැඩි වීමට තවත් හේතුවක් වී ඇත්තේ ලෝකයේ ජනප්‍රියතම ජල ක්‍රීඩාවක් වන කයිට් සර්පින් (මුහුදු සරුංගල්) සඳහා ලෝකයේ විවිධ රටවලින් ඒ සඳහා ඇලු‍ම් කරන පිරිස් කන්දකුලියට පැමිණීම හේතුවෙනි.
සියල්ල එසේ තිබියදී සංචාරකයන්ගේ සිත් වශී කළ මෙම වෙරළ තීරය ඉවක් බවක් නොමැතිව ඛාදනය වීම සංචාරක ව්‍යාපාරයට මරු පහරක් බව සංචාරක කර්මාන්තයේ නිරත වන්නෝ පවසති.
මුහුදු ඛාදනය හේතුවෙන් මේ වන විට මෙම සුන්දර මුහුදු තීරයේ ඉදිකර තිබූ සංචාරක හෝටල් හා කබානා සේම අනිකුත් පහසුකම් සියල්ලම විනාශ වෙමින් ඇත්තේ රටට ඩොලර් සැපයු ප්‍රධානතම කර්මාන්තයක් අවදානමකට ලක් කරමිනි.


මේ ඒ පිළිබදව අදහස් දැක්වූ කන්දකුලිය සංචාරක ව්‍යාපාරය මුලින්ම ආරම්භ කළ තිලක් ඩයස් අබේසිංහ මහතා මෙලෙස අදහස් දැක්වීය.
“මේ සංචාරක ව්‍යාපාරය මුලින්ම ආරම්භ කරපු කාලේ තමයි මම කන්දකුලියෙ මේ ව්‍යාපාර ආරම්භ කළේ. ඇත්තටම අපි ලොකු වෙහෙසක් ගත්තා කල්පිටිය ආශ්‍රීතව මේ ව්‍යාපාර පටන් ගන්න. ඒ එක්කම කල්පිටියට සංචාරකයන් රැගෙන එන්නත් අපි කැපවීමක් කළා. එහි ප්‍රතිඵල ඉහළ මට්ටමකට අරන් එද්දී මුහුද අපිට අකාරුණික වෙලා.
අපි ගොඩනගපු මේ ව්‍යාපාරය රැඳිලා තිබුණේ මේ සුන්දර වෙරළ තිරයත් එක්ක. එහි සුන්දරත්වය දකින්න. එහි අව්ව තපින්න විදේශීය සංචාරකයන් ලොකු ආසාවකින් තමා කන්දකුලියට ආවේ. එහෙත් අද වන විට වෙරළ සම්පුර්ණයෙන් ඛාදනයට ලක්වෙලා හිතා ගන්න බැරි තරම් විනාශයක් වෙලා. මේ වෙරළ තීරය බේර ගන්න තාමත් නිලධාරීන්ගේ පැත්තෙන් ලොකු වැඩක් වෙලා නැහැ. එහි ඒ සඳහා මැදිහත් වීම අනිවාර්ය කටයුත්තක්.


කල්පිටිය සංචාරක හෝටල් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති වසන්ත විතානගේ මහතා මෙලෙස පැවැසීය.
“මෙය ලොකු විනාශයක්. අපි අපේ හෝටල් ලෝකයට පෙන්නලා තියෙන්නේ මේ කන්දකුලිය සුන්දර වෙරළ තීරයත් එක්ක. ඒ පින්තුර දැකලා එකට වශි වෙලා කන්දකුලියට එන සංචාරකයන් වෙරළට වෙලා තියෙන හානිය දැක්කාම බුකින් කරපු දින ගාන කැන්සල් කරලා ආ පයින්ම වෙන කොහේ හරි යනවා. අපි පුදුම අසරණ වීමක් වෙලා තියෙන්නේ.
මේ වෙද්දි අපි අපේ වෙබ් අඩවිවල, අපේ සංචාරක හෝටල් තොරතුරුවලට දාල තිබුණ කන්දකුලිය වෙරළේ සුන්දරත්වය තියෙන පින්තුර අයින් කරන්න වෙලා. 


කන්දකුලියෙ සංචාරක හෝටල් හිමිකාරිනියක් වන නිරුක්ෂී නිරුපා ප්‍රියංගනි සෝලංගආරච්චි මහත්මිය මෙලෙස අදහස් දැක්වූවාය.
“අපේ හෝටල්වලට තිබුණ ලොකුම වටිනාකම කන්දකුලිය වෙරළ තිරය. ඒ වෙරළට විදේශීය අය පුදුම ආසාවක් තිබුණේ. ඒ නිසාම පසුගිය කාලවල නිතරම සංචාරකයන් පැමිණීම සිදුවුණා.
එහෙත් මේ වන විට කිසිම සංචාරකයකු එන්න කැමැති නැහැ. මොකද එන විදේශීකයෝ හෝටල් ඇතුලේ ඉන්න කැමැති නැහැ. එයාලා කැමැති වෙරළේ පහස විඳින්න.
ඒ අය දැන් වෙරළ නැතුව ඉන්න කැමැති නැහැ. ඒ නිසාම අපිට දැන් සංචාරකයන් පැමිණීම සම්පුර්ණයෙන් අඩුවෙලා. අපි ලොකු අමාරුවක වැටිලා මේ වෙරළ ඛාදනයත් එක්ක.
 මේ පිළිබඳව වෙරළ සංරක්ෂණ අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මදුනි ප්‍රනාන්දු මහත්මිය මෙලෙස පැවසුවාය.
“ඇත්තටම අපි මේ වන විට කල්පිටිය කන්දකුලියෙ වෙරළ ආරක්ෂා කරන්න පුළුවන් ලෙස යම් උපක්‍රම යොදන්න සුදානම් වෙමින් සිටිනවා. දැනට සංචාරක හෝටල් හිමිකරුවන්ට වැලි කොට්ට ගහන්න උර සැපයීම කර තිබේනවා.
ඒ එක්කම ගල්වැටි දාන්න ඒ සඳහා යන වියදම් ගැන සාකච්ජා කරමින් ඉන්නේ.


 කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් මංගල රාමනායක මහතා මෙසේ පැවසීය.
“වෙරළ ඛාදනය කඩිනමින් වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගත යුතු තත්වයක තමා මේ වන විට තිබෙන්නේ. මොකද කඩිනම් නොවුණහොත් මේ වෙරළ තීරය අපිට නැතිවෙනවා. අපි සියලු‍ දෙනාම මේ සඳහා එක්ව කටයුතු කළ යුතුයි. 



අදහස් (0)

කන්දකුලිය සංචාරක ව්‍යාපාරයේ අර්බුදය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site