ඩුබායි හි පැවැති ඇරැබ් හෙල්ත් ඉන්ටර්නැෂනල් කොංග‍්‍රස් ඇන්ඞ් එක්ෂිබිෂන්’ ජාත්‍යන්තර වෛද්‍ය සමුළුවට හා තාක්‍ෂණික ප‍්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වරලත් භෞත චිකිත්සක සංගමයේ ජාතික සංවිධායක ආචාර්ය සුජීව වීරසිංහ මහතා සහභාගිවිය.
සෞඛ්‍ය හා නවීන තාක්‍ෂණික සොයාගැනීම් විවිධ ක්ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ එකම ස්ථානයකදී ඉදිරිපත් කෙරන මෙම ප‍්‍රායෝගියක විද්වත් සමුළුව ලෝකයේ පිළිගත් ප‍්‍රධාන නවීන වෛද්‍ය විද්‍යාත්මක ප‍්‍රදර්ශනයකි.
භෞත චිකිත්සාවට අදාල ප‍්‍රධාන සමුළුවේදී භෞතික වෛද්‍ය විද්‍යාව සහ පුනරුත්ථාපනය මූලික අංගය විය. ඊට සමගාමීව ලොවපුරා නිර්මාණකරුවන්ගේ නවීන තාක්‍ෂණික උපකරණ භාවිතය පිළිබඳ ප‍්‍රායෝගිකව දැනුම ලබා දෙන්නට විය.
වරලත් භෞත චිකිත්සක සංගමයේ එක් ව්‍යාපෘතියක් වන බෝ නොවන රෝග වළක්වා ගැනීමේ පස් අවුරුදු ව්‍යාපෘතියේ ‘මිනිසාගේ ඉරියව් නිවැරැදි කිරීම මගින් විකෘතිතා වළක්වා ගැනීම’යන මාතෘකාව සඳහා ඉතා වැදගත් පරිගණක හා කුඩා කැමරා භාවිත කර නිෂ්පාදනය කර ඇති ඉරියව් විශ්ලේෂණය කිරීමේ හැකියාව ඇති නවීන උපකරණයක් සමුළුවේදී විශේෂඥයන් විසින් හඳුන්වා දෙනු ලැබූහ. එම උපකරණ වැඩිදියුණු කර ඉදිරි අනාගතයේදී මෙම උපකරණ ලංකාවේදී හඳුන්වාදීමට හැකියාව ලැබෙන අතර ලංකාවේ භෞත චිකිත්සකයන් ඇතුළු ප‍්‍රජාවට අවශ්‍ය දැනුම ලබාදීමට සංගමයේ සභාපති ජාලිය උඩුවැල්ල මහතා සමඟ සාකච්ඡා සිදුකරමින් පවතී.
‘කොඳු ඇට පෙළේ නිවැරැදි වක‍්‍ර පවත්වා ගැනීම සඳහා මෙන්ම ආතතිය පාලනය කිරීම සහ මාංශපේශී ඇදීමට ලක් කිරීම යාන්ත‍්‍රිකව සිදුකරනු ලබන උපකරණ පුහුණුවද ලබා ගැනීමට හැකිවුණා. වේදනාව පාලනය කිරීම සඳහා නිපදවා ඇති උපකරණ මගින් හානියට ලක්වූ මෘදු පටක ස්කෑන් කර ප‍්‍රතිකාර තීරණය කරන පරිගණක ආශ‍්‍රිත උපකරණයක්ද ප‍්‍රායෝගිකව අත්හදා බැලීමට හැකිවුණා. මෙමගින් භෞත චිකිත්සකවරයාට ඉතා පහසුවෙන් ප‍්‍රතිකාර විශ්ලේෂණය කර වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා.
ජපන් ජාතික සමාගමක් විසින් හඳුන්වාදුන් මාංශපේශී හා ස්නායු උද්දීපනය කරන උපකරණය මගින් මාංශපේශී ක‍්‍රියාකාරීත්වය පවතින්නේ කුමන මට්ටමකද යන්න මැන ගත හැකිය. එමෙන්ම එම උපකරණය මගින් ප‍්‍රතිකාර කරන අතරතුර අක‍්‍රීය වූ මාංශපේශී කුමන ආකාරයෙන් වර්ධනයවී ඇත්දැයි අධ්‍යයනය කළ හැකියි.
ලේසර්, චුම්භක ප‍්‍රතිකාර, ධ්වනිය ආශ‍්‍රිත අල්ට‍්‍රාසවුන්ඞ් ප‍්‍රතිකාර මෙන්ම මාංශපේශී උද්දීපනය කිරීම යන සියල්ලම ලබාදීමට හැකි එක කුඩා උපකරණයක් පෝලන්ත සමාගමක් නිපදවා තිබුණි. විවිධ අනතුරු නිසා හානි වූ කණ්ඩරා, බන්ධනි සහ පේශීවලට ප‍්‍රතිකාර කිරීමේදී එම හානිවූ ස්ථානයේ පටක තරලය හා රුධිරය කැටි ගැසී තන්තු ඒ හා ඇලෙන අතර මේවා ඉවත් නොකළහොත් තුවාලය සුවවීම පමාවන බැවින් අල්ට‍්‍රා සවුන්ඞ් ප‍්‍රතිකාරයට අමතරව භෞත චිකිත්සකවරයා විසින් ෆ්රික්ෂන් නැමැති වේදනාකාරී ප‍්‍රතිකාරය සිදුකරනු ලබනවා. මෙම ක‍්‍රියාවලිය චිකිත්සකවරයාට වේදනාකාරී වන අතර අනාගතයේදී මහපොට ඇඟිල්ලේ සන්ධිවල ඔස්ටියෝ ආතරයිටීස් තත්ත්වය ඇතිවීමට ප‍්‍රවණතාවක් තියෙනවා. මෙයට විකල්පයක් ලෙස ෂොක් වේව් නැමැති ප‍්‍රතිකාර ක‍්‍රමයද ප‍්‍රායෝගිකව අත්හදා බැලූවා. එය ලංකාවේ චිකිත්සකවරුන්ට හඳුන්වාදීමට අගනා ප‍්‍රතිකර්මයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
මෙම වැඩමුළුවෙන් ලබාගත් දැනුම ලාංකික භෞත චිකිත්සක හා ශිෂ්‍ය ප‍්‍රජාව වෙත ලාබදීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා. එමෙන්ම විදේශ විශේෂඥයන් මෙරටට ගෙන්වා පුහුණු සැසි කීපයක් කිරීමටද එහිදී ගිවිසුම් ඇති කරගත්තා. එමගින් ලාංකික ප‍්‍රජාවට ඉතා උසස් මට්ටමේ භෞතික සෞඛ්‍ය මට්ටමක් ලබාදීමටත් බෝ නොවන රෝග වළක්වා ගැනීමටත් ඉදිරියේදී අපි කටයුතු සැලසුම් කරනවා.
මෙම අවස්ථාව ලබාදීමට අනුග‍්‍රහය දැක්වූ සුජිත් සමරදිවාකර, ශිරෝමි සමරදිවාකර සහ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කර්නල් පතිරණ යන මහත්ම මහත්මීන්ට විශේෂ ස්තූතිය මා මේ අවස්ථාවේදී පිරිනමනවා‘





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණන කීයද? කොඳු කැඩුණු කීපදෙනෙක් ඉන්නවා දියවන්නාවේ. හරි තීරණයක් ගන්නම බැහැ එයාලට (නි)
හොඳ සොයාගැනීමක් (නි)
හොඳ නිර්මාණයක්.(හේ)
කොන්ද විතරක් නෙවෙයි ඔලු කට්ට ඇතුලේ තියෙන ඒවත් සුද්ද කරන්න පුළුවන් දෙයක්, (හේ)
ලංකාවට ඔය උපකරණ සෑහෙන ඕනෑවෙයි .... (නි)
විජිත්,ඔයාගේ අදහසට මම තවත් කැල්ලක් එකතුකරන්න කැමතියි.." චන්ද කාලේදී, තක්කඩි ,හොර දේශපාලුවන්ගේ බත් මුලට, අරක්කු වීදුරුවට, රුපියල් 1000 ට වහල්වී, ඔවුන්ගේ කිම් අසා නොයෙකුත් මැතිවරණ දුෂනයන්වල යෙදෙන ,දුප්පත් අහිංසක මෝඩ මිනිසුන්ගේ " කොන්ද කෙලින් කිරීමට "ත් මේ උපකරණය බොහෝ සෙයින් උපකාර වේවි. (බ)
අපිත් මේවා ගෙන්වමු නේද? (නි)
අපේ රටේ නායකයනට නියමයි, (බ)
නියමයිනේ! (නි)
ඔය වැනි උපකරණ දහසක්වත් අපේ රටට වහාම ආනයනය කරන්න. ඉන්පසුව ඒවා වහාම රජයේ ආයතනවල ප්‍රධානින්, ලේකම්වරු, සහ පොලිසියේ, හමුදාවේ නිලධාරීන් අතර බෙදාදෙන්න. උදේ හවස ව්‍යායාම් කරවන්න. ඊටපස්සෙවත් හොර,තක්කඩි, දේශපාලුවන් ඉදිරියේදී කොන්ද නොනමා, අවංකව රටට සේවය කරන්න ඒ අයට හැකිවේවි. නමුත් මිනිසුන්ගේ කොන්ද කෙලින් කරන ඒ උපකරණය, ශ්‍රී ලංකාවට ආනයනය කිරීම රජයෙන් තහනම් කළොත් ඔබත් මමත් හැමදාම සිටි තැන්වලමයි. රටත් එතනමයි. අපිත් එතනමයි.. (නි)
සුද්දෝ, චීන්නු, ජපන්නු මේ වගේ වටිනා සොයාගැනීමක් කළාම ඒකට පේටන්ට් බලපත්‍රයක් අරගෙන තමයි මහජන ප්‍රදර්ශනයට තියන්නේ. අපේ කට්ටිය වැඩේ හොයාගත් ගමන්ම මෙන්න අපේ වැඩ කියලා පෙන්නලා තමයි වැඩිදියුණු කරලා හඳුන්වා දෙන්න හිතාගෙන ඉන්නේ. අද වෙළඳ ලෝකය ඉතාමත්ම වේගවත්. තාක්ෂණය සහ දැනුම හොරකම් කිරීමට විශාල සමාගම් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. ඔය උපකරණය ඇත්තෙන්ම සුවිශේෂි නව සොයාගැනීමක් නම් තව සති, මාස කිහිපයකින් ඒ සමාගම් වලින් පේටන්ට් බලපත්‍රයකුත් සමඟ වෙළඳපොළට එවාවි. ඒ නිසා නව සොයාගැනීම් වලට වෙහෙසෙනවාත් සමඟම ඒවා තමන්ට හෝ රටට ආදායම් මාර්ගයක් වෙන විදියටත් වැඩ කළයුතුයි. මේ අදහසින් මම කිසිසේත්ම එම සොයාගැනීම සහ උපකරණය හෑල්ලුවට ලක්කිරීමට අදහස් කරන්නේ නැහැ. (නි)
හොඳ ලිපියක්.(හේ)
මේ වගේ දෙයක් අපේ රටටත් ඕනිකර තිබෙනවා.(හේ)
මෙච්චර රටේ හොඳ මිනිස්සු සිටිද්දී මේ කොන්ද පණ නැති අයට කොහු මිටක් තමයි දෙන්න ඕනෑ (නි)
විජිත ඔබ හරියටම හරි (බ)
අපිට බොහොම වැදගත් (නි)
කොච්චර හොඳද? (නි)
මටත් එකක් ගේන්න (හේ)
විජිත්.ඔබ හරි. (බ)
විජිත්. ඔබ හරි. (බ)
කොන්ද කෙලින් තියා ගන්න මැෂින් එකක් හරි තෙල් බෙහෙතක් හරියට සොයා ගත්තනම් ලංකාවට වටිනවා , මොකද අද බහුතරය කොන්දක් කෙලින් තියන් කතා කරන්න බය , බේරී , ක්‍රියා කරන්න බේරී කොටසක් , නිපැයුම අගය කරමු (කෞ)
අපිට හොඳයි.(හේ)
අපේ පොලිසියට මේක හොදට ගැලපෙනවා.(හේ)