IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කාන්තාවන්ට NDB අරලිය වෙතින් ආකර්ෂණීය ත්‍යාග

ශ‍්‍රී ලාංකීය කාන්තාව සවිබල ගැන්වීමේ අරමුණින් ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය බැංකුකරණ මූල්‍ය විසඳුම් ලබාදෙන NDB බැංකුවේ NDB අරලිය ඉතුරුම් ගිණුම් මඟින්ිජාතිය බලගන්වන කාන්තාවන්ට’ ආකර්ෂණීය ත්‍යාග හිමිකරදීමේ වැඩසටහනක් හඳුන්වා දෙයි.
 2025 ජුනි මස 1 වැනි දින සිට ජූලි මස 31 වැනි දින දක්වා ක්‍්‍රියාත්මක කරන මෙම සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහන් කාලය තුළ නව සහ පවතින NDB අරලිය ගිණුම් හිමියන් විසින් සිදු කරන තැන්පතු සඳහා විශේෂ ත්‍යාග ප‍්‍රදානය කරයි.
NDB අරලිය යනු කාන්තාවන්ගේ මූල්‍ය ස්වාධීනත්වය, ඕනෑම අවස්ථාවකට ඔරොත්තු දීමේ හැකියාව සහ කාන්තාවන්ගේ දිගුකාලීන සැලසුම් සඳහා සහය වීම වෙනුවෙන් කැපවූ කාන්තා ඉතුරුම් ගිණුමකි. මෙම ප්‍රවර්ධන වැඩසටහන ශ‍්‍රී ලංකාව පුරා සිටින කාන්තාවන්ට ඔවුන්ගේ ඉතුරුම් පුරුදු වලින් වටිනා ප‍්‍රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව ලබා දෙයි. ප්‍රවර්ධන වැඩසටහන් කාලසීමාව තුළ රු. 15,000 හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරන ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ත්‍යාගා හිමිකර ගැනීමේ හැකියාව ඇත. මෙම ත්‍යාග, අරලිය ගිණුම් හිමි කාන්තාවන් බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසවන්තභාවය අගය කිරීමේ වටිනා සංකේතයක් ලෙස සංවිධානය කළ අතර, කාන්තාවන්ට තම මූල්‍ය පදනම ශක්තිමත් කර ගැනීමට ද මෙය මහඟු‍ අවස්ථාවක් වේ.
නව ගිණුමක් විවෘත කිරීම හෝ පවතින ගිණුමකට ඉතුරුම් කිරීම මඟින් සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන්ට ප‍්‍රවර්ධන කාලය තුළ සුවිශේෂී ප‍්‍රතිලාභ භුක්ති විඳිය හැකිය.
මෙම ප‍්‍රවර්ධන වැඩසටහනට අමතරව, NDB අරලිය ගිණුම කාන්තාවන්ගේ මූල්‍ය යහ පැවැත්ම ගොඩනැඟීම අරමුණ කරගෙන නිර්මාණය කර ඇති අසමසම ප‍්‍රතිලාභ රාශියක් ලබා දෙයි. ගිණුම් හිමියා සහ ඇයගේ ආසන්නතම පවුලේ අය සඳහා රු. 1,000,000 දක්වා නොමිලේ ජීවිත ආරක්ෂණ ආවරණයක් මෙන්ම ගිණුම් හිමියා සහ ඇයගේ ආදරණීයයන් සඳහා නොමිලේ රෝහල්ගත කිරීමේ ආවරණයක් ද මෙයට ඇතුළත් වේ. ඊට අමතරව, දරු ප‍්‍රසූතියකදී උපදින දරුවා වෙනුවෙන් රුපියල් 25,000 ක උපරිම තැන්පතුවක් සහිත NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුමක් ද නොමිලේම බැංකුව විසින් පිරිනමයි. දිගුකාලීන ඉතිරි කිරීමේ වැදගත්කම අගය කිරීමක් ලෙස, රු. 25,000 ට වැඩි මාසික සාමාන්‍ය ශේෂයක් පවත්වා ගෙන යන අරලිය ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ 21 වැනි උපන්දිනයේදී විශේෂ තෑගි වවුචරයක් සඳහා ද හිමිකම් ලැබේ. ඊට අමතරව, ගිණුම් හිමියන්ට අරලිය සන්නාමය සහිත ATM ඩෙබිට් කාඩ්පතක් සහ තවත් බොහෝ සුවිශේෂී ප‍්‍රතිලාභ හිමිවේ.



අදහස් (0)

කාන්තාවන්ට NDB අරලිය වෙතින් ආකර්ෂණීය ත්‍යාග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site