බුල්නෑව ප්‍රදීප් රණතුංග
ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තාවන් 60 දෙනකු සඳහා බතික් පුහුණු වැසටහනක් ඉකුත්දා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. දෙදිනක් පුරා පැවති මෙම වැඩසටහනින් බතික් නිර්මාණ පිළිබඳ සාර්ථක පුහුණුවක් ප්‍රතිලාභීන් වෙත ලබා දී තිබේ.
ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සහිතව පැවැති මෙහි සම්පත්දායකත්වය කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ පුහුණු උපදේශිකා හර්ෂා ඉනෝකා කුමාරි මහත්මිය විසින් ලබා දුන්නාය. ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන මත වැඩසටහන සංවිධාන කර තිබුණි. ගල්නෑව ප්‍රාදේශීය ලේකම් ජී.එම්.කේ.ආර්. ප්‍රියදර්ශන මහතාගේ මගපෙන්වීම අනුව ව්‍යවසාය සංවර්ධන නිලධාරි ප්‍රදීප් සුරනිමල් මහතා විසින් මෙම වැසටහන සංවිධානය කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd