

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස
දකුණු ආසියාවේ පළමු වතාවට සියයට සියයක් කාන්තා සේවක කාර්ය මණ්ඩලයක් සහිත සංචාරක හෝටලය අඹ යාළුවෝ නමින් පසුගියදා දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේදී විවෘත කෙරිණි.
“තේමා කලෙක්ෂන්” ආයතනයේ අනුබද්ධ ආයතනයක් වශයෙන් ඉදිකෙරුණු මෙම අඹ යාළුවෝ සංචාරක හෝටලය විවෘත කිරීම තානාපති කාර්යාල නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම සංචාරක හෝටල් හිමිකරුවන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. කාන්තා කාර්ය මණ්ඩලය සහිත හෝටලයේ සෙත් පිරිත් දේශනය සඳහාද වැඩම කර සිටියේ භික්ෂුණීන් වහන්සේලා දෙනමකි.
“තේමා කලෙක්ෂන්” ආයතනයේ සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව නව තේමාවක් යටතේ කාන්තාවන්ට සෑම ක්‍රියාවක්ම කිරීමට හැකි බව සංචාරක ක්ෂේත්‍රය තුළ ඔප්පු කිරීම සඳහා මෙම නව වැඩසටහන ආරම්භ කළ බව දකුණු ආසියාවේ පළමු කාන්තා සංචාරක හෝටලයේ පළමු කළමනාකාරිණිය වන මධුවන්ති අධිකාරි මහත්මිය පැවසුවාය.
කාන්තා නර්තන කණ්ඩායම් බෙර වාදන මධ්‍යයේ ආරම්භ කෙරුණු මෙම නව හෝටලයේ සියලු කටයුතු කාන්තාවන් අතින් සිදුවීම විශේෂත්වයකි.
මුළුතැන්ගෙයි භාරව කටයුතු කරන ප්‍රධාන සූපවේදනීය බවට පත්ව ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කෞෂල්‍යා බටගොඩයි. ඇය කියා සිටියේ තමන් විදෙස් රටවලින් සහ දේශීය රටවලින් ලබාගත් දැනුම උපයෝගී කරගෙන දකුණු ආසියාවේ සියයට සියයක් කාන්තා සේවකයන්ගෙන් සැදුම්ලත් හෝටලයේ ප්‍රධාන සූපවේදනීය වීම තමන් ජීවිතේ ලද මහත් ගෞරවයක් බවය. ඊට තමන් නිහතමානී සතුටක් විඳින බවද ඇය සඳහන් කළාය.
මෙම හෝටලය ඉපැරණි චිත්‍රපට ශාලාවක් මෙන් සූදානම් කර තිබෙන අතර ඊට හේතුව බවට පත්ව ඇත්තේ ටී.බී. ඉලංගරත්නයන් විසින් රචනා කරන ලද අඹ යාළුවෝ චිත්‍රපටය තේමා කරගෙන මෙම සංචාරක හෝටලය
ඉදිකළ නිසාවෙනි.
2025 දෙසැම්බර් මස 04
794
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාන්තාවන් පමණක් සේවය කරණ ද.ආසියාවේ පළමු හෝටලය