IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කාන්තාවන් ආර්ථිකව සවිබල ගැන්වීමට වනිතාභිමාන පස්වැනි අදියර ඇරැඹේ

NDB බැංකුව NewsFirst එ සමඟ එක්ව ශ්‍රී ලාංකීය කාන්තාවන් ඇඟයීම සහ සවිබල ගැන්වීම සඳහා කැපවූ මෙරට ප්‍රමුඛතම වැඩසටහනක් වන ශ්‍රී ලංකා වනිතාභිමාන සම්මාන උළෙලේ පස්වන අදියර දියත් කළේය. 
පසුගිය වසර හතර පුරාවට ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා වනිතාභිමාන සම්මාන උළෙල විවිධ ක්ෂේත්‍රයේ නියැලී සිටින ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ විශිෂ්ට මෙහෙවරයන් ඇඟයීම සුවිශේෂී වේදිකාවක් ලෙස සැලකිය හැක. එහි පස්වන අදියරේදී මෙම වැඩසටහන කාන්තාවන් ඇඟයීම වේදිකාවකින් ඔබ්බට ගිය දිගු කාලීන සමාජීය සහ ආර්ථික බලපෑමක් ඇති කිරීම අරමුණු කොටගත් පරිවර්තනීය මුලපිරීමක් වන වැඩසටහනක් ලෙස හැඳින්විය හැක. මෙම ඇඟයීම මෙහෙයවනු ලබන්නේ කාන්තා ව්‍යවසායකයන් සවිබල ගැන්වීම, මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ තිරසාර වර්ධනයක් සඳහා මාර්ගය සකස් කිරීමට දායක වන දුරදර්ශී පස් අවුරුදු තිරසාර අකෘතියක් මඟිනි.
වඩාත් නවීකරණය කරන ලද පස්වන වනිතාභිමාන වැඩසටහන කාන්තාවන්ට ඔවුන්ගේ ආර්ථික සුබසාධනය සඳහා වැදගත් තීරණ ගැනීමට අවස්ථාව ලබා දෙමින් මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කරමින් සහ ස්ත්‍රී පුරුෂ පරතරය මැඩ පැවත්වීම වෙනුවෙන් ද දායක වෙයි. ශ්‍රී ලාංකීක කාන්තාවන් ව්‍යවසායිකාවන් බවට පරිවතනය කරමින් ඔවුන් සවිබල ගැන්වීම සහ කුඩා ව්‍යාපාර හිමියන්ට ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කරගැනීමට සහය දීමෙන් මෙම මුලපිරීම පුළුල් ආර්ථික වර්ධනයක් ඇති කිරීම තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. 2030 වසර වන විට කාන්තා අපනයනකරුවන් ගෝලීය වෙළඳපොළට හඳුන්වා දීම සහ ඔවුන් ජාත්‍යන්තර අරමුදල් සපයන ආයතන සමඟ සම්බන්ධ කරමින් ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම මෙම තිරසාර අකෘතියේ ප්‍රධාන අරමුණ වේ. මෙමඟින්, මෙම වැඩසටහන දේශීය වෙළඳපොළ තුළ පවතින අභියෝගවලට විසඳුම් ලබාදීම පමණක් නොව ශ්‍රී ලාංකීය කාන්තා ව්‍යවසායකයන් ගෝලීය වශයෙන් ඉහළ තලයකට ඔසවා තැබීමට ද අවස්ථාව උදා වේ.


පස්වන අදියර විවිධ ක්ෂේත්‍ර හරහා විශිෂ්ටයන් ඇඟයීමට ලක්කරන පුළුල් සම්මාන ව්‍යුහයකින් සමන්විත වේ. පළාත් මට්ටමින්, කුඩා ව්‍යවසයිකාව, නැගී එන ව්‍යවසායිකාව සහ ඩිජිටල් ව්‍යවසායිකාව (නව එකතු කිරීමකි) මෙන්ම තරුණ නායකත්වය, කලා හා සාහිත්‍ය, සමාජ සේවා හා ක්‍රීඩා යන අංශයන් සඳහා සම්මාන හිමි වේ. ආයතනික අංශය ද සම්මාන දහයක් මඟින් ඇගයීමට ලක් කෙරෙන අතර අලුතින් හඳුන්වා දුන් විදේශ රැකියා කාණ්ඩය යටතේ විදෙස්ගතව සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ දායකත්වය ඇඟයීමට ලක් කිරීමද මෙහිදී සිදු වේ. ජීවිත කාලයටම එක් වරක් පමණක් හිමි වන වනිතාභිනන්දන සම්මානය සම්මාන පහක්, වසරේ ජනප්‍රියතම කාන්තාව සම්මානය, වඩාත් ජනප්‍රිය කාණ්ඩය යටතේ නිර්දේශිත ජනප්‍රිය කාන්තාවන් වෙනුවෙන් විශේෂ ඇඟයීමට ද ඇතුළත් වේ.
සම්මාන ලබා දීමට අමතරව, මෙම වසරේ වනිතාභිමාන වැඩසටහන, හැකියාවන් පුළුල් කිරීමේ වැඩසටහනෙන් කාන්තාවන් සවිබල ගැන්වීම, මූල්‍ය සහාය සහ සැපයුම්දාම ක්ෂේත්‍රයේ සිටින පාර්ශවකරුවන් හා සම්බන්ධ වීමට ඔවුන්ට සහය වන වෙළෙඳපොළ සංවර්ධනය යන අංශ කෙරෙහි මූලික අවධානයක් යොමු කරයි.
රට පුරා විහිදී සිටින කාන්තාවන්ගේ වර්ධනය සහ පරිවර්තනීය ගමන් මාර්ගයක් ආරම්භ කිරීමට අවස්ථාව උදාකරමින් මෙම සුවිශේෂී අදියර සඳහා අයදුම්පත් කැඳවීම 2025, මාර්තු මස 07 වන දින් සිට විවෘත කර ඇත.

 



අදහස් (0)

කාන්තාවන් ආර්ථිකව සවිබල ගැන්වීමට වනිතාභිමාන පස්වැනි අදියර ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site