IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කතරගම කිරි වෙහෙරට රුහුණු මහා දේවාලයට ස්වදේශී කොහොඹ ආලෝක පූජා

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනවල ප්‍රමුඛ සමාගමක් වන, ස්වදේශී කර්මාන්තායතනය විසින් ආලෝකමත් කරන ලදී.
2025 ජුනි මස 26 වැනි දින සිට ජුලි 10 දක්වා පැවැත්වෙන මෙම ආලෝක පූජාව ”‍ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”‍ යන තේමාව යටතේ පැවැත්වේ. ස්වදේශී විසින් මෙම ආලෝක පූජාවලට සහයෝගය දක්වන්නේ 24 වැනි වරටයි.
ස්වදේශී කර්මාන්තා-යතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මහත්මිය මෙම ආලෝක පූජා වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ශ්‍රී ලාංකික සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජාවලට සහයෝගය දැක්වීම අප සතු යුතුකමක් බව සඳහන් කළාය. 
ස්වදේශී විසින් මෙරට ආගමික සිද්ධස්ථාන ආලෝකවත් කිරීම සියලු‍ වන්දනාකරුවන්ට ප්‍රයෝජනවත් වන අතර, ශ්‍රී ලාංකික උරුමය සුරැකීමේ වැදගත්කම පිළිබඳව මතු පරපුරට දැනුම් ප්‍රදානය කිරීමටද සහාය වන බව ඇය තවදුරටත් සඳහන් කළාය. ආලෝක පූජාවෙන් පසුව ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් සහ ඉතිහාසය පිළිබිඹු කරන වර්ණවත් සංස්කෘතික පෙරහැරක් ද පැවැත්විණි.
”ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරයට”‍ සමගාමීව පෙරහැරට සහභාගී වූ, කතරගම කිරිවෙහෙර රජමහ විහාරයේ දහම් පාසල් තූර්ය වාදන කණ්ඩායම සඳහා ස්වදේශී කොහොඹ පෞද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන පරිත්‍යාගයක් ස්වදේශී කර්මාන්තායතනය විසින් සිදු කරන ලදී.
සියයට 100ක් දේශීය ව්‍යාපාරයක් ලෙස ස්වදේශී කර්මාන්තායතනය, සියලු‍ ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත. ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි. සමාගමේ බොහෝ සමාජීය



අදහස් (0)

කතරගම කිරි වෙහෙරට රුහුණු මහා දේවාලයට ස්වදේශී කොහොඹ ආලෝක පූජා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site