IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


කුඩා වාහනයක මිල ලක්ෂ එකහමාරකින් ඉහළ ගිහින්

(ජයන්ත සමරකෝන්)
 
රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හා ජපන් යෙන් එකක මිල වරින්වර ඉහළයාමත් සමගම, සෑම කුඩා වාහනයකම මිල ගණන් ගත වූ මාස දෙක තුළ රුපියල් ලක්ෂ එකහමාරකින් පමණ ඉහළ ගොස් ඇති බවද, මේ හේතුවෙන් වාහන ආනයනය ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති බවද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

2019 අයවැය යෝජනාවකට අනුව ඉදිරියේදී පැනවීමට යෝජිත සුඛෝපභෝගී වාහන බද්දෙන් පසු රුපියල් ලක්ෂ 35කට වැඩි සිලින්ඩර් ධාරිතාව 2300 (ඩීසල්) සහ සිලින්ඩර් ධාරිතාව 1800 (පෙට්‍රල්) අගය ගන්නා සෑම වාහන කාණ්ඩයකටම රුපියල් ලක්ෂ 5 - 25 අතර අමතර බද්දත් ගෙවීමට සිදු වන බවද, වාහන අලෙවිය පහළ බැසීමට මෙම තත්ත්වය වඩාත්ම බලපා ඇති බවද එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ලංකාදීපයට අද(12) පැවැසීය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමගම බිංදුවට වැටී තිබූ වාහන අලෙවිය නැවත 20%කින් පමණ ඉහළ යමින් තිබියදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වාහන අලෙවිය තවදුරටත් පහළ වැටීමට හේතුවක් වන බවද හෙතෙම කියාසිටියේය.

සිලින්ඩර් ධාරිතාව 650, 800 හා 1000 යන කාණ්ඩවලට අයත් කුඩා වාහනවල මිල රුපියල් ලක්ෂ 1.5කින් ඉහළ යාම හේතුවෙන්, ඇල්ටෝ වර්ගයේ කුඩා වාහනවල පමණක් මිල ගණන් රුපියල් ලක්ෂ 26 සිට ලක්ෂ 27.5 දක්වා ඉහළ ගොස් ඇතැයිද හෙතෙම සඳහන් කළේය.



අදහස් (10)

කුඩා වාහනයක මිල ලක්ෂ එකහමාරකින් ඉහළ ගිහින්

kin benat Thursday, 12 September 2019 09:53 AM

ඇල්ටෝ ජපානේ හදන්නේ සහ මිලට ගන්නේ ඔෆිස් වල, ෆැක්ටරිවල පල්ලෙහා මට්ටමේ වැඩකරන අයට රාජකාරි ගමන් යවන්න. එහෙමත්ම දුප්පත් කවුරු හරි තමයි ඇල්ටෝ ගෙදර පාවිච්චියට ගන්නේ. ඒකට ලංකාවේ.. බොහොම අමාරුවෙන් අරන් පවුලම ගමන් බිමන් යනවා. ලක්ෂ 27 කට ඇල්ටෝ එකක් කියන්නේ සහගහන අපරාධයක්...

:       7       1452

NanaFriday, 13 September 2019 06:55 AM

ජපානයේ සල්ලි කාරයොත් ගොඩක් පාවිච්චි කරන්නේ පොඩි වාහන.... ලොකු වාහන පිස්සුවක් නැහැ නේද? බදුවැඩි බව ඇත්ත. එ්ත් පාරේ ඉඩ නැතිව වාහන වැඩි වුණාම එ්ක තදබල ප්‍රශ්නයක් නේද?

:       215       242

AmaraSaturday, 14 September 2019 06:52 AM

වාහන නවත්තන්න ඉඩ මදි. නගරවල හොඳ නැවතුමක් තියන්නේ නුවර විතරයි. එ්කත් දැන් ඉඩමදි. නගරාධිපතිවරු කළ යුත්තේ ඒවා නිවැරදි හොඳම තැන පිහිටුවීමයි.

:       0       20

chinthaka Saturday, 14 September 2019 07:16 PM

අර 2015 දී "පොඩි කාර් එකක්" ගැනීමේ අපේක්ෂාවෙන් නිර්පාක්ෂික අපේක්ෂකයෙකුට ඡන්දෙ දෙන්න කියලා අඬ අඬා, තෙමි තෙමී මෝටර් බයිසිකලේ ගියපු අර නංගි දැන් කොහෙද දන්නේ නැද්ද?

:       407       705

bandula Sunday, 15 September 2019 04:02 AM

අපේ රටේ බොහෝ අය වාහන ගන්නේ ගමන් යන්න නොවේ. අනෙක් අයට පේන්න ගරු සැලකිලි ලබන්නටය. පිටරට ඉන්න සමහර අය කරන්නේ ණයවෙලා සුඛෝපබෝගී වාහන පෙන්වීමෙන්ය. පාරේ ඉඩ නැතිව වාහන වැඩි වුණාම එ්ක තදබල ප්‍රශ්නයක්. සිංගප්පූරුව වැනි රටවල වාහන ලාභ වුණත් පාවිච්චි කිරීමේදී විශාල බදු ගෙවිය යුතුයි. නමුත් කුලීරථ ගාස්තු ඉතා අඩුය. බොහෝ අය කුලී රථ කෙටි ගමනට යොදා ගැනේ. දුරගමන් වලට බස් රථ සහ දුම්රිය යොදා ගැනේ. ජනගහනය වැඩි කුඩා රටක් අනුගමනය කළ යුතු වන්නේ සිංගප්පූරුව වැනි රටකි. ජපන්නු ලෝකෙටම කාර් හැදුවට යන්නේ බයිසිකලයෙන්ය.

:       1       296

jayaMonday, 16 September 2019 04:26 PM

වැඩක් නෑ බන්දුල ඔව්ව අපේ අයට තේරෙන්නේ නෑ. පඩිය වගේ 60-70 ගුණයක් ගෙවලා වාහන ගන්නේ ඔලුවේ මොකක් හරි වැරද්දක් රටේ බහුතරයකට තියෙන හින්ද තමා

:       0       0

wickyWednesday, 18 September 2019 03:50 PM

බදු ගැහැව්වට කමක් නැහැ. පොඩ්ඩක් බලන්න, වෙලාවට වැඩට යාගන්න ප්‍රවාහන සේවයක් නැහැ. යන්තම් තියෙන දුම්රිය කීපයක් දුවනවා. දැනට අවුරුදු 10කට කලින් යොදවපු දුම්රිය මැදිරි ප්‍රමාණයමයි.. නමුත් මගීන් වැඩිවෙලා. දුම්රිය අඩුවෙලා. බස් ගත්තද එච්චරයි. කතාකරලා වැඩක් නැහැ. නිවැරදි පාලකයෙක්, බයනැතිව වැඩකරන්න දන්නා නායකත්වයක් ඕනෑ. එ්කත් නිලධාරින්ද ඒ වගේම විය යුතුයි. නමුත් බදු අයකර පුළුවන් තරම් වාහන මිල ඉහල දැම්මත්, අවසානයේ, ණය වී හෝ අපට ඔය පොඩි වාහනයක් නිෂ්පාදිත වියදම මෙන් දෙගුණයක් පමණ බදු ගෙවා ගන්න වෙනවා. මොකද ඔය ඇමතිලා මොනවා කිව්වත් අන්තිමට පඩිය ගෙවන්නේ වැඩ කරන ආයතනයෙන් නිසා...

:       0       6

NuwanThursday, 19 September 2019 08:50 AM

අපේ රටේ බොහෝ අය වාහන ගන්නේ ගමන් යන්න නොවේ. අනෙක් අයට පේන්න ගරු සැලකිලි ලබන්නටයි. මේ කතාව හැමෝටම අදාල නැහැ මිත්‍රයා... සමහරු වාහනය ගන්න ජීවත් වෙන ජීවිකාව කරගන්න. අනික ආරක්‍ෂිත හොඳ වාහනයක් ලබාගැනීම ඕනෑම මිනිසෙකුගේ අයිතිවාසිකමක්, එ්ක නැති කරන්න රජයකට අයිතියක් නැහැ..

:       0       12

api UNP Monday, 16 September 2019 01:03 AM

චින්තක.. ඒ නංගිට නම් ඡන්දෙන් පස්සේ නොමිලේම කාර් එකක් ලැබිලා. එයා පැදපු බයික් එකත් ලක්ෂෙකට වික්කලු.

:       0       104

latha Monday, 23 September 2019 09:37 AM

අපොයි , පොඩි මිනිස්සුන්ට දෙන්න එපා. රජය සේවකයන් විතරක් තෝරලා බදු මොකුත් නැතුව ලොකුම වාහන දෙන්න. ඒ වගේ නීති දෙකක් තියා ගන්න . ලෝකේ අනිත් කිසිම රටක එහෙම නීති නැහැනේ. පුද්ගලික සේවකයන්ගෙන් පුළුවන් තරම් බදු ගගහ රජයේ සේවකයන්ට විතරක් සහනාදාර ඔක්කොම දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 60 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 50 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 23 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 57 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 716 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1398 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site