(ජයන්ත සමරකෝන්)
රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හා ජපන් යෙන් එකක මිල වරින්වර ඉහළයාමත් සමගම, සෑම කුඩා වාහනයකම මිල ගණන් ගත වූ මාස දෙක තුළ රුපියල් ලක්ෂ එකහමාරකින් පමණ ඉහළ ගොස් ඇති බවද, මේ හේතුවෙන් වාහන ආනයනය ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති බවද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
2019 අයවැය යෝජනාවකට අනුව ඉදිරියේදී පැනවීමට යෝජිත සුඛෝපභෝගී වාහන බද්දෙන් පසු රුපියල් ලක්ෂ 35කට වැඩි සිලින්ඩර් ධාරිතාව 2300 (ඩීසල්) සහ සිලින්ඩර් ධාරිතාව 1800 (පෙට්‍රල්) අගය ගන්නා සෑම වාහන කාණ්ඩයකටම රුපියල් ලක්ෂ 5 - 25 අතර අමතර බද්දත් ගෙවීමට සිදු වන බවද, වාහන අලෙවිය පහළ බැසීමට මෙම තත්ත්වය වඩාත්ම බලපා ඇති බවද එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ලංකාදීපයට අද(12) පැවැසීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමගම බිංදුවට වැටී තිබූ වාහන අලෙවිය නැවත 20%කින් පමණ ඉහළ යමින් තිබියදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වාහන අලෙවිය තවදුරටත් පහළ වැටීමට හේතුවක් වන බවද හෙතෙම කියාසිටියේය.
සිලින්ඩර් ධාරිතාව 650, 800 හා 1000 යන කාණ්ඩවලට අයත් කුඩා වාහනවල මිල රුපියල් ලක්ෂ 1.5කින් ඉහළ යාම හේතුවෙන්, ඇල්ටෝ වර්ගයේ කුඩා වාහනවල පමණක් මිල ගණන් රුපියල් ලක්ෂ 26 සිට ලක්ෂ 27.5 දක්වා ඉහළ ගොස් ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇල්ටෝ ජපානේ හදන්නේ සහ මිලට ගන්නේ ඔෆිස් වල, ෆැක්ටරිවල පල්ලෙහා මට්ටමේ වැඩකරන අයට රාජකාරි ගමන් යවන්න. එහෙමත්ම දුප්පත් කවුරු හරි තමයි ඇල්ටෝ ගෙදර පාවිච්චියට ගන්නේ. ඒකට ලංකාවේ.. බොහොම අමාරුවෙන් අරන් පවුලම ගමන් බිමන් යනවා. ලක්ෂ 27 කට ඇල්ටෝ එකක් කියන්නේ සහගහන අපරාධයක්...
අර 2015 දී "පොඩි කාර් එකක්" ගැනීමේ අපේක්ෂාවෙන් නිර්පාක්ෂික අපේක්ෂකයෙකුට ඡන්දෙ දෙන්න කියලා අඬ අඬා, තෙමි තෙමී මෝටර් බයිසිකලේ ගියපු අර නංගි දැන් කොහෙද දන්නේ නැද්ද?
අපේ රටේ බොහෝ අය වාහන ගන්නේ ගමන් යන්න නොවේ. අනෙක් අයට පේන්න ගරු සැලකිලි ලබන්නටය. පිටරට ඉන්න සමහර අය කරන්නේ ණයවෙලා සුඛෝපබෝගී වාහන පෙන්වීමෙන්ය. පාරේ ඉඩ නැතිව වාහන වැඩි වුණාම එ්ක තදබල ප්‍රශ්නයක්. සිංගප්පූරුව වැනි රටවල වාහන ලාභ වුණත් පාවිච්චි කිරීමේදී විශාල බදු ගෙවිය යුතුයි. නමුත් කුලීරථ ගාස්තු ඉතා අඩුය. බොහෝ අය කුලී රථ කෙටි ගමනට යොදා ගැනේ. දුරගමන් වලට බස් රථ සහ දුම්රිය යොදා ගැනේ. ජනගහනය වැඩි කුඩා රටක් අනුගමනය කළ යුතු වන්නේ සිංගප්පූරුව වැනි රටකි. ජපන්නු ලෝකෙටම කාර් හැදුවට යන්නේ බයිසිකලයෙන්ය.
චින්තක.. ඒ නංගිට නම් ඡන්දෙන් පස්සේ නොමිලේම කාර් එකක් ලැබිලා. එයා පැදපු බයික් එකත් ලක්ෂෙකට වික්කලු.
අපොයි , පොඩි මිනිස්සුන්ට දෙන්න එපා. රජය සේවකයන් විතරක් තෝරලා බදු මොකුත් නැතුව ලොකුම වාහන දෙන්න. ඒ වගේ නීති දෙකක් තියා ගන්න . ලෝකේ අනිත් කිසිම රටක එහෙම නීති නැහැනේ. පුද්ගලික සේවකයන්ගෙන් පුළුවන් තරම් බදු ගගහ රජයේ සේවකයන්ට විතරක් සහනාදාර ඔක්කොම දෙන්න.