කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6ක් සංවර්ධනය කිරීම සඳහා යූරෝ මිලියන 13.9ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 2,514ක) සහනදායී ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ප්‍රංශ රජය එකඟතාව පළ කර තිබේ.
යෝජිත ව්‍යාපෘතිය මගින් දිනකට පැස්ටරීකරණය සහ ජීවානුකරණය කරන ලද කිරි ලීටර් 4,500ක් පමණ නිෂ්පාදනය කළ හැකිවන පරිදි කලින් තෝරාගන්නා ලද කුඩා පරිමාණයේ කිරි නිෂ්පාදන සැකසීමේ සමූපකාර සමිති සහ සංවිධාන 6ක් නවීන උපකරණ ස්ථාපිත කරමින් නවීකරණය කිරීමට අපේක්ෂිත යැයි ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව වසර 2020 වනවිට කිරි ආශ්‍රිත නිෂ්පාදනවලින් ස්වංයපෝෂිත කිරීමේ ඉලක්කයට සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
කිරි නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුම සහ සැපයුම අතර වන පරතරය අවම කිරීම සඳහා ද මෙම ව්‍යාපෘතියෙන් දායකත්වය ලැබෙනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ වගාකර ඇති බෑවුම් අඩු ප්‍රදේශ වල තේ ඉවත් කර තෘණ වගා කර අඹේවෙල වැනි කිරිපිටි කර්මාන්තශාලා ඇති කරන්න. තණ බිම්වල පාංශු ඛාදනය ඉතාම අඩුයි.
තවම කිසිම ආණ්ඩුවක් දේශීය කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට අවශ්‍ය දේ කලේ නැහැ. දේශීය කිරි නිෂ්පාදනය වැඩිකිරීමට අවශ්‍යම දේ තමයි හරක් හොරුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දීම. හරක් හොරකම නැත්නම් දහස් ගණනක් දේශීය කිරි නිෂ්පාදනයට දායකවෙනවා පමණක් නොවෙයි, බොහෝ දෙනෙකුගේ රැකියා ප්‍රශ්නත් විසඳෙනවා. අනුන්ට හොරකම් කරගෙන යන්න හරක් හදන්නේ මොකටද යන ආකල්පය රටේ තිබෙනවා.
මමත් කිරි හරක් 100ක් විතර හදලා විකුණලා දැම්මා පාඩු නිසා. කෑම හරිම ගණන්, තණකොළ වවන්න සෙනඟ නැහැ. මිනිස්සු වැඩට එන්නේ නැහැ. අන්තිමට පාඩුවක් විතරයි වෙන්නේ... රජයෙන් කිසිම උදව්වක් නැහැ. දොස්තරලා ළඟට හරක් අරගෙන යන්න ඕනේ... ඒ අය එන්නේ නැහැ ෆාම්වලට...
කවද්ද අපේ රට තනියම වැඩක් කරන්න පුළුවන් තත්වෙට පත්වෙන්නේ?
වර්තමානයේ කිරි දෙනුන් සෝයා ගැනීම ලංකාව මුහුන දෙන ලොකු ගැටළුවක්. එම නිසා දේශියත්වයට ගැලපෙන සත්ව අභිජනනය කිරීම අපේ රටේම කල යුතු වේ. රජය මේ සඳහා ලොකු කැපවීමක් කල යුතු වෙනව. විශේෂයෙන් අද සිදුවෙන හරක් මස් නිෂ්පාදනය නිසා දියර කිරි පරිබෝජනය පහල මට්ටමකට ඇද වැටී ඇත. නමුත් සමුපකාර ක්‍රමය යටතේ රටේ පැවති කිරි නිෂ්පාදනය ඉතා හොඳ මට්ටමක තිබුන. එය අප රටට ගැලපෙන ක්‍රමයක්..
ඔව්, ඇත්තටම කිරි ගොවියාට හොඳ සැලකිල්ලක් දක්වනවා නම් අද ලංකාවේ කිරි ගව පාලනය හොඳ තැනකට ගන්න පුලුවන්... මම ඉන්නේ ඩුබායි වල මෙහෙ මිනිස්සු කිරි පිටි බොන්නේ නෑ.. දියර කිරි බොන්නේ.. මෙහෙ හරක්ට තණකොළ පිටරටින් ගෙන්වන්නේ. අපේ රටේ කොහොම කරන්න පුළුවන්ද? හොඳින් දෙගුණයක් හැමතැනම නිල්පාටයි.. සම්පත් ඉහටත් උඩින්... රජය මීට වඩා උනන්දු වුනොත් පිටරටවලට යන සල්ලි ඉතුරු කරගන්න පුලුවන් තරුණ පිරිස් එකතුවෙනවා. කිරි ගවයන් ඇති කිරීමෙදී කාබනික පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන්.. ඒ පොහොර ගොවියන් වෙත බෙදාදීමෙන් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර වලට ගොවියන්ව දැනුවත් කරන්න පුළුවන්... වසවිස නැති ආහාර වේලක් ජනයාට ලබාදී නීරෝගී සමාජයක් බිහිකිරිම අරමුණු කරගෙන වැඩකටයුතු කරනවා නම් ලංකාව අද දියුණු රටක්..!! ස්තුතියි... ජයවේවා.. ගොවියා වැජඹේවා...
සත්තුන්ට කෑම ටික පිළිවෙලට සහ හොඳ මිලක් ලබා දෙන්න. නැත්නම් ඒ සල්ලි වලටත් පිල්ලි තමයි.