IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


කොටස් වෙළෙඳාම තියුණු කැළඹීමකට ගොදුරු වෙයි

දෙසැම්බර් මාසයේ පළමු ගනුදෙනු දිනය බරපතළ බිඳවැටීමක් සහිතව ආරම්භ වූ නමුත් දෙවැනි දිනයේ දී එම පසුබැසීම සැලකියයුතු ප්‍රමාණයකින් ආවරණය කරගැනීමට සමත්වීම ඊයේ (දෙසැ. 02) කොටස් වෙළෙඳපොළ ස්වභාවය විය. මිල දී ගැනීම සඳහා පැවැති විශ්වාසය තරමක් දියුණු වූ නමුත් ගනුදෙනු ගණන, පිරිවැටුම හා හුවමාරු වූ කොටස් ප්‍රමාණය තවමත් ප්‍රමාණාත්මක නැත. කාලගුණ විපත්වලින් පසු ස්ථාවරභාවයක් හා විශ්වසනීයත්වයක් සඳහා තරමක් කල්ගත වන බවක් වෙළෙඳපොළ දර්ශක දර්ශක අනුව නිරීක්ෂණය කළ හැකිය. 
පසුගිය සති දෙක තුළ උච්ඡාවචන ගණනාවක් පැවැති අතර දේශීය ආයෝජකයන් ලාබ පමණක් නොව අලාබ ද අත් විඳින ලද බවක් සටහන් විය. නැවත ගොඩනැගෙන්නට වෑයම් කරන ජන ජීවිත සමග වෙළෙඳපොළ මිල දී ගැනීමේ උනන්දුව තරමක් සීමා වූ නමුත් ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සහාය සහ දේශීය වශයෙන් ගොඩනැගෙන අරමුදල් මගින් බිඳ වැටුණ අංශ පුනර්ජීවනයක් සඳහා පෙළ ගැසෙන ආකාරය අනුව ආයෝජන අංශ ඉදිරියේ දී යුහුසුළු විය හැකිය. කෙසේ වෙතත් මැදි හා දිගු කාලීන වාසිය අරමුණු කරගෙන මිල දී ගැනීම සුදුසු බව ආයෝජන උපදේශකයෝ දක්වති. දැනට අඩුම මිල ගණන්වලට පහත වැටී ඇති සමාගම්වල කොටස් මිල දී ගැනීමේ වෑයම සමග දින කිහිපය තුළ නැවතත් සුපුරුදු රිද්මයට ඇතුළු වනු ඇතැයි ඔවුහු වැඩිදුරටත් දක්වති. 
දිනයේ ගනුදෙනුවල දී විදේශ මිල දී ගැනීම් රුපියල් මිලියන 55.38 ක් වන අතර විකිණීම් රුපියල් මිලියන 253.0 කි. විදේශ විකිණීම් හෙයින් රුපියල් මිලියන 198 දිනය තුළ පමණක් මුදලක් රටින් බැහැර වී ඇත. නැවතත් කොටස් වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන හතක සීමාව දක්වා පහත වැටීම ද විශේෂත්වයකි. 
මෙදින ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,241.57 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 219.51 ක වර්ධනයකි. කලින් දිනයේ දී සියලු කොටස් මිල ඒකක 690.76 ක පහත වැටීමක් වාර්තා කළ බව මෙහි දී අමතක කළ නොහැක. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,137.79ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 51.92 ක ඉහළ යාමකි. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 4.00 කි. ගනුදෙනු 33,827 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 100.3 ක් විය. සමාගම් 194 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 75 කි. මිල දී ගැනීමේ උනන්දුව සියයට 61.77 ක් විය.
නිරීක්ෂක



අදහස් (0)

කොටස් වෙළෙඳාම තියුණු කැළඹීමකට ගොදුරු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 121 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site