(නාලක සංජීව දහනායක)
කඩා වැටී තිබෙන කොළඹ කොටස් වෙළඳපොළ නැවැත යථා තත්ත්වයට පත්කිරීම සඳහා රජය කඩිනමින් මැදිහත් වෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
කිසිම හේතුවක් මත කිසිඳු රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය නොකරන බවද ඔහු කීය.
කොළඹ කොටස් වෙළඳපොළේ තැරැව්කාර සමාගම් නියෝජිතයන් සමග කළ සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව පැවසීය.
අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ පසුගිය වසර හතරහමාරක කාලය තුළදී රට වසර 15ක් ආපස්සට ගමන්ගත් බවය.
පැවැති රජයේ අකාර්‍යක්‍ෂම පාලනය හේතුවෙන් විනාශ වූ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට වත්මන් රජය කඩිනමින් ක‍්‍රියාත්මක කරන බවද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය වසර හතරහමාරක කාලය තුළදී කොළඹ කොටස් වෙළඳපොළ බරපතල අන්දමින් කඩා වැටීමකට ලක්වූ බැවින් කොටස් තැරැව්කාර සමාගම් විශාල ප‍්‍රමාණයක් වසාදමා ඇතැයිද මේ හේතුවෙන් විශාල පිරිසකට රැකියා අහිමිව තිබෙන බව එහිදී නියෝජිතයෝ අගමැතිවරයාට පෙන්වා දුන්හ.
කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු ඉතාම සීඝ‍්‍රයෙන් ඉහළ නංවා ගැනීම සඳහාත් විදේශීය ආයෝජන මෙරටට ගෙන්වාගැනීම සඳහාත් සේවක අර්ථසාදක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල කොළඹ කොටස් වෙළඳපොළේ ආයෝජන සඳහා යොමුකළ යුතු බව මෙහිදී එම සමාගම් අවධාරණය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටස් වෙළඳපොල ගොඩනැගිල්ලක් විතරක් නම් දියුණු කරන එක අදාල වෙනවා. සල්ලී වියදම් කරලා කොටස් මිලදී ගන්න වෙන හේතු බලපානවා. දේශපාලුවන්ට බොරුවට කතා කරන්න පුළුවන්, කොටස් බලෙන් විකුනන්න බැහැ. මෝඩයෝ විතරක් මේ කතා විස්වාස කරාවි.
මේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකයෝ මාරුවෙන් මාරුවට ඇවිත් රට සංවර්දනය කරනවා කියලා තියෙන ටිකත් කලා යන්නේ , පුදුම වැඩේ කියන්නේ අපේ රටේ විතරයි මේ සෙල්ලම හැම දුප්පත් රටක්ම බලන් ඉද්දි දියුණු වෙනවා , අවරුදු පහෙන් පහට අපේ රට අගාදෙට යනවා හැම නායකයාම යන්නේ කොරහත් බිදගෙන.
බයවුණා, කවුද මෙහෙම කියන්නේ කියලා. කොටස් වෙළදපල නැත්තටම නැති කලේ කව්ද දන්නේ නැහැ නේද?
ආයෙමත් සැරයක් කාගේ හරි බංකොලොත් වෙන්න යන කොම්පැනියකට අර්ථසාධක එකේ සල්ලි ටික යට කරලා ගේමක් දෙන්න යනවා නේද ??
වෝහාරික වාර්තාවේ පරිදිද ?
කොටස් වෙළඳපලෙන් නේද එ්කේ ලොක්කෙක් මිලියන ගණනක් පුතණ්ඩියාට තෑගි දුන්නා කිව්වේ? එ්ක ගැන පාසල් ළමුන්ට කියා දෙන්න කියලා... එ්කට මොකද වුනේ...?
යුද්දෙ ඉවර කරපු මෙතුමාට ඕකත් කජ්ජක්ද? කියලා හිතන මිනිස්සු තමයි මේ රටේ වැඩි හරියක් ඉන්නේ...
රජයක් මැදිහත් වෙලා කෙලින්ම කොටස් වෙළඳපොල දියුණු කරන්න පුළුවන්ද? කොටස් වෙළඳපොල දියුණු කරනවා කියන්නේ ආයෝජන ප්‍රවර්ධනයේ දිගුකාලීන ක්‍රියාවලියක්. රජයේ ප්‍රතිපත්ති අනුව දෙස් විදෙස් ආයෝජන ඉහළ ගොස් සියලු සමාගම් ලාභ ලබන සමාගම් බවට පත්විය යුතුයි. ලංකාව පසුගිය කාලයේ දෙස් විදෙස් ආයෝජන වර්ධනය නොවූ අතර බොහෝ සමාගම් පාඩුලබන තත්වයට පත්විය. ආයෝජකයින් කොටස් වෙළඳපොලේ ආයෝජනය නොකළ අතර ආයෝජන ඉවත්කර ගැනීමක්ද සිදුවිය. එමගින් සියලු කොටස් මිල දර්ශකය පහත වැටුණි.
මෙයා දන්න කොටස් වෙළඳපොල. මේ අය දන්නේ තමන්ට ලැබෙන කොටස් ගැන විතරයි.
අපි හිනාවෙමුද මේ ජෝක්වලට...?
අර්ථ සාධක අරමුදල් ආයෝජනය කිරීමෙන් වෙන්නේ ඒකත් නැති වීමයි.
EPF එකේ ඉතුරු ගාණටත් කෙළියිද?
කරුණාකර අර්ථසාධක අරමුදල් වලට අත තියන්න එපා. මේවගේ තියෙන්නේ රටේ වැඩකරන මිනුසුන්ගේ දාඩිය මහන්සිය.
ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් ද ෆිනෑන්ස් එකේ ආයෝජනය කරන්න ගිහින් කී දෙනෙක් කරදරේ දැම්මද ? අයිමත් ඒ සෙල්ලමට බහින්න වගෙයි. අපි ආණ්ඩු පත් කරගන්නේ අපේ සල්ලි කොල්ල කන්න දෙන්නද?
කොටස් වෙළඳපොළයි, රටයි යථා තත්වෙට එනකම්... මේවා විනාශ කරපු අය ජීවත් වෙලා ඉඳීද? දැන් තේරෙනවා ඇති, විනාශ කරන්න යන්නේ තත්පර ගානයි, ඒවා නැවත ගොඩගන්න මැරිලා ඉපදෙන්න ඕනෑ බව. අපේ කරුමේ... රට සුන්දර වුණාට වැඩක් නැහැ. නායකයින් යම රජ්ජුරුවන් නම්...
අර පරණ බැංකු ලොක්කට කියලා නම් යථා තත්වයට පත්කරන්න බැරිවේවි.. හොරා කන නිසා. කොහොමහරි ඇමරිකන් ඩොලර් එක නම් 183 න් පහළට දාගන්න බැරි වේවි...
කොහොමත් නැවත කොටස් වෙළඳපොලේ තියා ඉතුරු කොටසුත් ඩුබායි සීෂෙල්ස් වැනි රටවල කොටස් නම් තර වෙයි. මොකද පවුලේ කොල්ලෝ තුන් දෙනත් විවාහවෙලා ඒ පවුලත් ලොකු වෙනකොට තව අනාගත කොටස් වෙළඳ පොළ තර කළ යුතුමයි. රජ පවුලනේ. රටේ වාසියට මොනවා වුනත් ඔවුන් හට "සැපනේ…"කලින් පාරත් රුපියලේ අගය ස්ථාවර කර තබන්න. හොඳ ආර්ථිකයක් සහ හොඳ කොටස් වෙළඳපොලක් කර ගන්න. ජල්තර කොට රටේ මුදලුත් පිට කොට අවසානයේ අනාගත්ත නොවේද ? ආණ්ඩුව කිරීමට පවා මුදල් නැතුවනේ පරාද වුනේ. අවසානයේ කියන්න තියෙන්නේ දැන් සැපද ? ගුණද ? ජයද කියාය. ඡන්දය දුන් අය පව්.