IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොටස් වෙළෙඳපොළ ආර්ථිකයේ ප්‍රවණතා කෙරේ අවධානයක

ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැසිරෙන ආකාරය ගැන කොටස් වෙළෙඳපොළ ආයෝජන අංශ සිය අවධානය යොමු කරන බව පෙනේ. දේශීය ආයතනික හා දේශීය සුළු ආයෝජකයන් සක්‍රීය වී ඇත. රජයේ ආදායම මැයි මාසයේ දී වර්ධනයවීම හා සෘජු විදේශ ආයෝජන ලැබීම් පසුගිය වසරේ මුල් භාගයට වඩා දෙගුණයක්වීම ද සැලකිය යුතු ප්‍රවණතාවකි. මෙම සාධක සමග පැවැති වාතාවරණය වෙනස් වෙමින් පැවැතීම ධනාත්මකය. පසුගිය සති කිහිපය තුළ විදේශ ආයෝජකයන් දක්වන ලද ප්‍රවණතා වෙනස් කර මිල දී ගැනීම් තියුණු වුවහොත් කොළඹ කොටස් වෙළෙඳපොළ තවදුරටත් ස්ථාවර භාවයක් කරා ගමන් කරනු ඇත.

ඊයේ (ජුනි 21) කොටස් වෙළළෙපොළ ද ගනුදෙනුවල දී මෙතෙක් අවධානයට යොමු නොවූ සමාගම්වල කොටස් කෙරෙහි වැඩි අවධානයක් තිබුණි. ඉහළ මිල ගණන් දක්වා වර්ධනය වූ බැංකු, මූල්‍ය, රක්ෂණ, වැවිලි හා නිෂ්පාදන අංශවලට අයත් ඉසුරුමත් සමාගම්වල විකිණීම් හේතු කොටගෙන එස්. ඇන්ඩ් පී.එස්.එල්. 20 දර්ශකය සුළු වශයෙන් පහත වැටිණ. එම ස්වභාවය ඉදිරියේ දී නැවත සුපුරුදු රිද්මයට ඇතුළුවනු ඇත. සිලෝන් ගඩේයන් කොටසකට රු. 5.50 ක ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇත.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,044.80 ක් දක්වා වර්ධනය විය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 70.38 ක දියුණුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,646.99 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 8.44 ක පහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 5.39 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 39,750 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 216.4 ක් විය. සමාගම් 151 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 100 කි.

රීල් ප්‍රොපටි රු. මිලියන 291 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 261 ක්, සිංගර් ශ්‍රී ලංකා රු. මිලියන 197 ක්, ප්‍රයිම් ලෑන්ඩ් රු. මිලියන 191 ක්, ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන් රු. මිලියන 178 ක්, සමූපකාර රක්ෂණය රු. මිලියන 168 ක්, යුනයිටඩ් මෝටර්ස් රු. මිලියන 151 ක්, ඕවර්සිස් රියැලිටි රු. මිලියන 140 ක්, ඩී.එෆ්.සී.සී. රු. මිලියන 139 ක්, සන්ෂයින් හෝල්ඩිං රු. මිලියන 135 ක් සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් රු. මිලියන 126 ක් වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.

නිරීක්ෂක



අදහස් (0)

කොටස් වෙළෙඳපොළ ආර්ථිකයේ ප්‍රවණතා කෙරේ අවධානයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site